Tuesday, June 10, 2008

පිරිත් සහ වතුර


පිරිත් දේශනාවලදී ඇතිවන ශබ්ද තරංග සුවිශේෂයි. සංගීතයෙන් ස්වර 7 තිබුනද පිරිත් වල ඇත්තේ 4 පමනි. එනිසා, පිරිත් ගැන කිසිවක් නොදන්නා අයගේ වුවද රාග සිතුවිලි සිතේ හටනොගනී යයි විස්වාශ කරනු ඇත. මාදවල උපාලි තෙරුවන් වහන්සේ හා චන්දන ජයරත්න මහතා විසින් පිරිත් ශබ්ද තරංග පරිගනිකයක් හා කූල් එඩිට් මෘදුකාංගය යොදවා කරන ලද පර්යේෂණයක පිරිත් සාමාන්‍ය වේගයකින් දේශනා කල විට, තරංග විලාශය ලස්සනට ඒකාකාර විය. කිසිම සංගීතයකින් එවැන්නක් නොලැබිය.

ජපානයේ කරන ලද පර්යේෂණයක, ඔවුන් වතුර ස්ඵටික සෑදීමට නොයෙක් ශබ්ද තරංග වල බලපෑම සෝදිසි කලේය. එහිදී පිරිත් වැනි ශබ්ද තරංග වැදුනු ජලය වෙනස් ආකාරයේ ස්ඵටික ජනනය කලේය. රොක් සංගීතයත් හැදුනු එක බලන්න....

මෙහි සත්‍ය හෝ අසත්‍ය මට කියන්න අපහසුයි. කෙසේ වුවද ඉතා අලංකාර පර්යේෂණයක් බව නම් කිව යුතුයි!

මිනිස් සිරුර 70% පමණ වතුර නේ.........

http://www.liebertonline.com/doi/abs/10.1089%2F107555304322848913
http://www.youtube.com/watch?v=lkbpXRSIUnE&feature=related

2 comments:

Wiz Kun said...

ජලය ඉතා විෂේශ දවයකි. මිහිපිට ජීවය හටගත්තේද, පවතින්නේ ජලය නිසාය. ජලයේ අනුක ස්කන්ධය සලකා බැලූ කල එය කාමර උශ්නත්වයේදී වායුවක් ලෙස පැවතිය යුතුය. නමුත් එය වායුවක් ලෙස නොපැවත දවයක් ලෙස පැවතීම සුවුෂේශයි.මීට විද්‍යාත්මක හේතුව ජලයේ ඇති හයිඩ්‍රජන් බන්ධනයි.

Nilaksha said...

මෙම පර්යේෂණය ගැන විස්තරයක් "What the Bleep Do We Know!?" සීඩී තැටියේ තිබුණා. Messages From Water යන කොටසේ.
youtube එකේ ඒ කෑල්ල තියනවා. බලන්න.
http://www.youtube.com/watch?v=OcJyObrka-0

පුළුවන්නම් සම්පූර්ණ චිත්‍රපටියම බලන්න. බටහිර චින්තනයේ දෙදරණ පදනම දැකගන්න පුළුවන් :)