Wednesday, June 18, 2008

අභ්‍යන්තර පරිසර දූෂණය

පරිසරය, දූෂණය වෙමින් පවතින බව දැන් කවුරුත් දන්නා කරුනකි. නමුත් අපි නොසලකන තවත් පරිසරයක් තියෙනව. අප සිරුර තුල ද පරිසරයකි. එයද දූෂණය වෙමින් පවතී. එම පරිසරය පිට පරිසරය මෙන් නොව, පහසුවෙන් බිදෙන පරිසරයකි. එහි උෂ්නත්වය, pH මාපාංකය, ලවන ප්‍රමාණය සහ ඒවා අතර සමතුලිතතාවය, ජීවී බව තබාගෙන වෙනස් විය හැක්කේ අල්ප වශයෙනි.

ආහාර වල ඇති නොයෙක් අහිතකර කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අප සිරුර තුලට යයි. හුස්ම ගන්නා විටද එසේමයි. කෘත්‍රිම ආහාර සහ බීම වර්ග ගන්නා අය දැනුවත්වම ඔවුනගේ ඇතුලු පරිසරය දූශනය කරයි. වතුර බොනව මදි. නුසුදුසු කෑම වර්ග අනවශ්‍ය ප්‍රමාණයක් අනුබව කරනව. කැලරි වැඩියි. තෙල් මේද වැඩියි.

කොහොම හරි, සෑහෙන්න නිරෝගී යැයි කිව හැකි තත්ත්වයක ඉන්නෙ අප සිරුරේ ඇති පුදුම සැකසීමට ඇති හැකියාව නිසයි. නමුත් මෙතනත් ලොකු කාල බෝම්බයක් ටික් ටික් ගානව......

1 comment:

Anonymous said...
This comment has been removed by a blog administrator.