Tuesday, June 10, 2008

කෘත්‍රිම පැණිරස

දියවැඩියාව සහ තරබවින් වැඩි අයට, සීනි කෑම අගුනවන බවට වෛද්‍ය අදහසයි.

"සීනි කන්න බෑ! කැවුමක් වත්? තේ කෝප්පයට එක හැන්දක් දැම්මම මොකද? හකුරු නරක නෑ නේද? කිරි එක්ක පැනි බොහොම ඇබිත්තක් ගත්තොත් නරකද? බෑ!? අහෝ! පැණිරස කෑවත් නොකැවත් මැරෙනොවා නොවැ......"

"ඇත්තටම පැණි නැති කැවුමකින් වැඩක් තියෙනවද? කව්ද බොල ඕව කන්නෙ?"

"දොස්තර මහත්තුරු කියනව, සැකරින් යොදාගන්න කියල. ඒව පැණිරසවුනාට දියවැඩියාවට වරදක් නැතිලු. තරබවටත් බලපාන්නෙ නැතිලු. කැලරි නැතිලු. තියෙන්නෙ වියදම විතරයි. ඔන්න!"

"ඇත්තෙම්ම ඔය කියන රසායනික ද්‍රව්‍ය සිරුරට අහිතකර නැද්ද?"

ඇස්පාටේම්, සෝබිටෝල්, සුක්රලෝස්, නියෝටේම් හා සැකරින් ඉන් සමහරකි. සෝබිටෝල් හැරුනු විත, අනික් ඔක්කොම කෘත්‍රිම රසායනික සංයෝග. තවද, "සීනි මධ්‍යසාර" ලෙස හදුන්වන, පොලිපොල්ස් නම් රසායනික ද්‍රව්‍යද යොදවාගනු ලැබේ. අපි සීනි කියා හදුන්වන සුක්රෝස් වලට වඩා පැණිරස අඩු සංයෝගද, වැඩි සංයෝගද ඇති බැවින් ද, ඒවාහි රස වෙනස් බැවින්ද, සමහර ආහාර සහ බීම වර්ග පිලියෙල කිරීමේදී, ඒවා නොයෙක් අනුපාත වලට මිශ්‍ර කරනු ලැබේ.

මේ ද්‍රව්‍යයන් බොහොමයක් සිරුරු ගත වූ පසු, සිරුරේ අවයව වලට ලේ මගින් ගෙනයනු ලැබේ. අප සිරුරට මෙම ද්‍රව්‍යයන් අස්වාභාවික නිසා, ඒවා පරිවෘත්තියට භාජනය කල නොහැක. එමනිසා කැලරි නොමැති තරම්. නමුත් ඒවා සිරුර තුල කුමක් වනවාද, කොයිවිදියේ ද්‍රව්‍ය ඇතිවනවාද, එකතුවනවාද යන්න ගැන වැඩි අවබෝධයක් නොමැත. මිනිස් සිරුරට අහිතකර නොවීමට නම්, ගත හැකි වැඩිම ප්‍රමාණය කෙතරම්ද? කුඩා ළමුනට?


අවාසනාවට මේ ද්‍රව්‍යයන් දැන් බොහෝ ළමුන්ද පරිබෝජනය කරන ආහාර හා බීම වර්ග වල අඩංගු වී තිබේ. "ඩයට්" නම් වචනය මුලින් යොදවන බොහෝ බීමවල ඇත්තේ මේවායි. මේ පරිබෝග ඉතාම බලසම්පන්න කර්මාන්ත වලින් නිපදවන බීම වර්ග වේ. මුලින් කී රසායනික ද්‍රව්‍ය නිපදවන කර්මාන්තද විශාල අන්තර්ජාති සමාගම් වේ.

දැන් එහෙනම් ගැටලුවකි. මේවා සිරුරට අහිතකර විය හැකිද? සමහර මීයන් වැනි සතුන් යොදවා කල පර්යේෂණ වලදී, උනට, පිලිකා රෝග හා මොලය, අක්මාව අන අවයව වලට හානි සිදුවීයයි වාර්තා විය. නමුදු, එම පර්යේෂණ, විද්‍යාත්මක අතින් එතරම් උසස් ගනයේ නොවීය. එමනිසා වැඩි අවදානයක් නොගෙනාවේය.

මෙතරම් ලොකු සංවිධාන මේවා හදාගෙන බෙදනාවානම්, ලොකු විද්‍යාත්මක පර්යේෂණ නොකෙරෙන්නේ ඇයි? මෙම සමහර සංවිධාන වලට විරුද්ධව නඩු දමා ඇත. එක හේතුවක් නම් බොරු ප්‍රචාර ගෙනයෑම පිලිබදවයි. ස්ප්ලෙන්ඩා නම් කෘත්‍රිම පැනිරස නිපදවන සංගමයත විරුදඩව මෙම වෙබ් අඩවිය පනවා ඇත. මෙහි ක්ලෝරීන් අඩංගු බවත් ඔවුන් පෙන්වා දෙයි. http://www.truthaboutsplenda.com/

මෑතකදී මෙම ද්‍රව්‍ය යොදාගන්නා බීම, මිනිසුන්ගේ තර බව වැඩිකරන බවත අනතුරු අගවා තිබෙනවා.ඇමෙරිකාවේ සාන්ත අන්තෝනියෝ නුවර, තෙක්සාස් සරසවියේ කල පර්යේෂණයකින් මේ බව දක්වයි. මෙම පර්යේෂණය එතරම් සාර්තක එකක් යැයි මා නොසිතුවත්, නිරාකරණය කල යුතු ගැටලු තිබෙන බව නොඅනුමාණයි.

හොදයි, සීනි නැතුවම බැරිද?

2 comments:

sanjeew said...

සෝබිටෝල් වලින් කරන්නේ පෙන ගැන්වීම නේද, දත් බෙහෙත් වල, ෂැම්පු වල පෙන වගේ

fossurgeon said...

සෝබිටෝල් පැණිරස ඇතිකරයි. එය ලබන්නේ ග්ලූකෝස් අණුව ඌණකරනය මගින්