Friday, June 13, 2008

වෙදකම විද්‍යාවක් නොව කලාවකි

වෙදකම පුරානයේ සිටම වැදගත්ම වෘතියක් ලෙස සැලකූ වග පැහැදිලියි. සමාජයේ වෙදාට ලොකු සැලකීමක් තිබුණ. ඔහු කල සේවය අගය කලා. ඔහු කියන දේට ඇහුන්කම් දුන්නා. අවවාද පිලිපැද්ද. ඔහුගෙන් වෙදකමට අදාල නොවනදේ ගැන පවා විමසුව.

වෙද මහතා ගමේම කෙනෙක් නිසා, එකල ඔහු හැමෝම දන්නව. ගමේ හෝ නුවර සමාජය හදුනනව. ගමේ කෙනෙක් ලෙඩවුනාම සමහර විට ගෙදරටම ඇවිදින් රෝගය සෝදිසි කර, කතා කරල බෙහෙත් දීල යනව.

මෙකල වෙදකමට නිරත වූ අය කරන්නෙත් එවැන්නක්මයි. සමහර වෙනස්කම් තිබුනත්, මූලිකව කරන්නෙ ලෙඩා හොදින් බලල, කතා කරල, බෙහෙත් දීල, සමහර පරීක්ෂන කරල තව දුරටත් රෝගය හා ලෙඩාගේ තත්ත්වය නිරීක්ෂනය කරනව.

ලෙඩුනට වෙදකම් කරන කෙනා "බ්‍ටහිර" හෙවත් "ඉංග්‍රීසි" හෙවත් "විද්‍යාත්මක" ක්‍රමය භාවිතා කරනව වෙන්න පුලුවනි. නැතිනම් රටට ආවේනික වූ ක්‍රමයක් භාවිතා කරනව වෙන්න පුලුවනි. විද්‍යාත්මකව ලෙඩ රෝග ගැන සෙවීම නිසාද තාක්ෂන දිවුනුව නිසාද, වෛද්‍ය විද්‍යාව ලොකු විප්ලවයක් ඇතිකරමින් ඉදිරියට යන බව පැහැදිලියි. එනමුදු ලෙඩා හා වෙදා අතර පවතින සබදතාව, බොහෝ දුරට පෙර මෙන්ම පවතී. එනම් මිනිසුන් දෙදෙනෙක් අතර විශ්වාසය උඩ නැගෙන අපූරු එක්වීමකි. වෙදතුමාගේ අධිෂ්ඨානයද, ලෙඩාගේ බලාපොරොත්තුවද සුවබව ඉක්මනටම ලබා ගැනීමයි.

නමුදු ගැටලුව මේකයි. සමහරවිට රෝගය නිරාකරණය කල නොහැකිය. ලෙඩා එය එසේ විය හැකි බව දැන දරා ගනී. හමහර විට රෝගය සුව කල නොහැක. ලෙඩා මෙයද භාර ගනියි. සමහරවිත බේත් වල සැර /විස නිසා ලෙදුන් දුක් විදිනාවා. බොහෝවිට ලෙඩා මෙයත් විය හැකි දෙයක් බව දැන, හිතහදා ගනී. ලෙඩාගේ මරණය අත ලඟය, කරන්නට කිසිම දෙයක් නැත. මෙවැනි අවස්තා වලදී රෝගියාට හා ඔහුගේ පවුලේ අයට වෙද මහතා කල යුත්තේ ඔවුනට පැහැදිලිව ඒ බව දන්වා, කරැනාවෙන්, ආදරයෙන්, මෙත් සිතින් දිගටම තම සහයෝගය දීමය. රෝගියාගේ පවුලටත්, සහෝදරයනටත් තම උපදෙස් , අදහස්, පැහැදිලිව දෙනබවත්, ඔවුන් වෙනුවෙන් පිහිටව දිගටම ඉන්නා බවත් දෙගොල්ලනටම පැහැදිලි විය යුතුයි. මෙය කලාවකි, විද්‍යාවක් නොවේ.

මිනිසුන් හා සමාජය සමග කිට්ටුවෙන් වැඩ කල යුතු වෘතියක විද්‍යාවෙන් පමණක් තම සේවය හරිහැටි කල නොහැක.

No comments: