Monday, June 9, 2008

සුවපත් වේවා!

රෝගී බව තමාට පමනක් නොව, තම පවුලටත්, රටටත්, ලොවටත් බලපානු ඇත. එමනිසා, නිරෝගී බව රැකීම, හැමොගෙම වගකීමක් වනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිදානය නිරෝගී බව යනු සිරුරේද, මනසේද, සමාජයේද සහනය පිහිටීම බවත්, රෝගයක් නොමැති බව හෝ දුබලවීමක් නොමැති බව පමණක් නොවන බවත්, විදහා දක්වයි.

එසේනම්, සෞඛ්‍යය ගැන සලකණ විට, ඉතා පුඵුල් ලෙස ඒ දෙස බැලිය යුතුයි. මනසේ සැහැල්ලු බව, සිරුරේ පාලනය, සමාජයේ හැසිරීම, පරිසරයේ පිරිසිදු බව යන සියල්ලම එක මෙන්ම වැදගත් වනු ඇත.

නිරෝගි බව පවත්වාගෙන යාමට, දැනුම අත්‍යාවශ්‍ය වේ. මනස, සිරුර, සමාජයේ හැසිරීම සහ පරිසරය ගැන හැකි තරම් දත්තය සොයා දැන ගනිමු.

මෙම බ්ලොග් අඩවිය ලිවීමට මා භාවිතා කරන්නේ අනුරාධ රත්නවීර මහතාගේ සයුර නම් යතුරු ලිවීමේ සැලැස්මයි -

"සයුර යතුරුලියන සුසැටිය." මෙම අඩවියේ නම් තැබීමටද එය හේතුවිය. http://www.sayura.net/im/

එතුමාට මගේ ස්තුතිය!


3 comments:

Anuradha Ratnaweera said...

"සයුර යතුරුලියන සුසැටිය" යනු එහි සම්පූර්ණ නමයි. "සුසැටිය" වදන ගැන විස්තරයයි මේ.

Anonymous said...

පමාව යමක් එකතු කළාට කමන්න. ‘සුව සයුර’ වියුණු සටහනට මගෙන් ආසිරි. හරි හරි දෑ බලන්නට කියවන්නට අපි ඔබ සමග සිටින්නෙමු. සුව සයුර ට ජය.

සු said...

" ආරෝග්‍යා පරමා ලාභා "
සුව සයුර දැනුම් සයුරක් වේවා යි පතමි.

දිගායු !


සු.