2006 වසරේදී බ්ලොග් සටහනක ලියා තිබූ දෙයකින් චරිත ඝාතනයක් වූ බව කියමින් ඇමෙරිකාවේ, නඩු දැමිණ. ඊයෙ පෙරේදා Associated Press news service (the "AP wire") නම් සමාගම, Drudge Retort බ්ලොග් අඩවිය තමාගේ පුවතක කොටසක් පළකල බවත්, එසේ කිරීම නීති විරෝදි බවත්, එයට ලින්ක් කිරීමට පමණක් ඉඩදිය හැකි බවත් ඔවුන් දන්වා ඇත.
වත්මන් නීති අනුව, Drudge Retort බ්ලොග් අඩවිය කිසිම වරදක් නොකල කියලයි නීතිය දන්නා අය කියන්නේ. බලොග් කරන අය මේ නීතිමය පියවරට තද විරෝදය දක්වා තිබෙනව.
අපට මෙම බලපෑම් වැදගත් නොවුණත්, ඒ ගැන මදක් සිතන එක හොඳයි!
මෙන්න AP කතාව
බ්ලොග් කිරීමෙන් විය හැකි අසිරිමත් ප්‍රතිඵල :-)
බ්‍ලොග් අඩවි සබැදි නීති
1 comment:
ඒක ඇත්ත. ලංකාව තුල තවමත් බ්ලොග්කරණය මඟින් සමාජය වෙත වැඩි බලපෑමක් එල්ල කර නැතැයි යන්න මගේ අදහස. ඒත් ඉක්මනින්ම එය සිදුවේවි. එවිට මේ සඳහා වන විරෝධයන්, වාරණයන් ආදි නොයෙකුත් ප්‍රතිචාරයන් අත්විඳින්නට ලැබේවි.
Post a Comment