Tuesday, June 10, 2008

මරණයට ආසන්න වූ අයගේ අත්දැකීම්

වෛද්‍යවරුන් සමහරවිට "මැරුනයි" කිව හැකි අය නැවත පණගෙනදයි. එනම් ඔවුන්ගේ හෘදය නවතිනව, කුස්ම නවතිනව, නාඩි නැතිවෙනවා. කොහෙත්ම කීවොත්, හෘදයේද මොලයේද විද්‍යුත් ක්‍රියාකාරිත්වය නවතිනව. ECG හා EEG නමැති මේ විද්‍යුත් ක්‍රියාකාරිත්වය දිගටම සටහන් කරන යන්ත්‍රවල මෙම අක්‍රිය බව පෙන්නනව.

මේ අය ටික වේලාවකට පසු නැවත "පණ" එනව. ඔක්කොම උපකරණ නැවත වැඩ කරන්න පටන් ගන්නව. හුස්ම එනව, නාඩි අහුවෙනවා. අන්න මේ අය ගෙනයි මේ කතා කරන්න යන්නෙ.

මේ අයගෙන් සමහරු කියනව, ඔවුනට මතකලු, ඔවුන් "මැරුණ" අවස්තාව! සමහරු කියනවා වෛද්‍යවරු, හෙදියන් තම සිරුරට බෙහෙත් කරනවා දුටු බව. සමහරු න්ගේ විස්තරය පුදුමවන තරම් පැහැදිලියි. මෙම අත්දැකීම් වලට ඉංග්‍රීසියෙන් කියනව "නිය ඩෙත් එක්ස්පීරියන්සස්" හො අවුට්‍ ඔෆ් බොඩි එක්ස්පීරියන්සස් කියල (near death experiences or out of body experiences). සමහරු කියනව මෙය කායික විද්‍යාව අනුව විස්තර කල හැකිය කියල. මොලයට ඔක්සිජන් අඩුවූ විට මෙවැනි දේ "දකිනව" කියල. නමුත් එසේනම් හැමෝටම මෙය නොවන්නේ ඇයි? ඔවුන් සමහරකට වෙදකරන අයගේ හැසිරීම් සවිස්තරව කියන්නේ කෙසේද?

නෙදර්ලන්තයේ කරන ලද පර්යේෂණයකදී මෙසේ නැවත පණගැන්වුනු අය 344 කින් 42 (18%) දෙනෙක් පමණක් අත්දැකීම් තිබූ බව ප්‍රකාශ කලා. (Pirn van Lommel, Ruud van Wees, Vincent Meyers, Ingrid Elfferich
The Lancet
- Vol. 358, Issue 9298, 15 December 2001, Pages 2039-2045)

ඇමරිකාවේ වර්ජීනියා නුවරේ කල පර්යේෂණයකින් මේ අය මානසික ආබාදයකින් පෙලෙනවුන් නොවන බව පෙන්වාදීය.(Bruce Greyson. The Lancet - Vol. 355, Issue 9202, 5 February 2000, Pages 460-463)

පර්යේසහණ කීපයකම දැක තිබෙන වැදගත් කරුණක් තිබේ. එනම් ඔවුනගේ මොලය අක්‍රිය වුවද, ඔවුනට "සිහිය" හෝ විඥානය පැවතූ බවයි. මේ ලෙඩුන්ගේ EEG යන්ත්‍රවල අනුව මොලයේ කිසිම දෙයක් වාර්ත් නොවන අවස්තාවක ඔවුනට පෙනුනු දේ විස්තර කිරීමට ඔවුනත හැකිවීම දක්වන්නේ, මොලය විඥානයට අවශ්‍ය නොමැති බවයි. (Parnia S. Fenwick P. Resuscitation. 2002 Jan;52(1):5-11.)


No comments: