මෙම රෝගය පිලිබඳ දැණුම ටිකින් ටික වැඩි වෙමින් පවතිනව. එම දැණුම අපේ ලොකුම ආයුධයයි. මෙම දත්තය සුව සයුර තුලින් විස්තර කිරීමට බලාපොරොත්තු වන අතර, මෙම රෝගය ගැන දන්නා මූලික කරුණු කෙටියෙන් සලකා බලමු.
පිලිකාව ඇතිවීමට හේතු ප්‍රධාන වශයෙන් දෙකකි.
1. උප්පත්තියෙන්ම ඇති ප්‍රවනතාවක් - බොහෝවිට ජානතුල ඇති දෝශ. මේ අයට මව් කුස තුලම හෝ උපන් පළමු වසර තුල හෝ කුඩා කල පිලිකා ඇතිවීමට පුලුවනි. තවත් සමහරුනගේ, අවුරුදු 20-30 පසු පිලිකාව මතුවිය හැකිවේ.
2. පරිසරයේ අහිතකර බලපෑම් හේතුකොට පිලිකා ඇතිවීමට පුලුවන. උදාහරනයකට දුම් බීම නිසා පිලිකා කීපයක් ඇතිවිය හැකි බව. මේ අයගේ සිරුර තුලද යම් ජාන වල දෝශ මුල්පත් කරගෙන, දුම් බීමේදී සිරුරට ඇතුලුවන අකිතකර දෙයට මෙසේ ප්‍රතිචාර දක්වන බව ද සිතිය හැකි වේ. එනම් ඔවුන් තුල යම් "දුර්වලතාවක්" මුලසිටම තිබූ වගයි.
පිලිකාවක මූලික ලක්ෂන මොනවාද?
සිරුරේ ඕනෑම පටකයකින් හටගත හැකිවේ. ඕනෑම වයසක පිලිකාවට ගොදුරු වීමට පුලුවන. පිරිමි, ගැහැනු වෙනසක් නැත. වැඩිපුර හටගන්නේ වයස 60 ට වැඩි අයගේය.
පිලිකා ශෛල, පාලනයක් නොමැතිව වැඩේ. සීග්‍රව වැඩේ. පටක මායිම් ගැන නොසලකයි. පටන් ගත් පටකයෙන් බැහැරව ගොස් වෙන පටක තුල වැඩීමට හැකියාවක් ඇත. පටක වැඩීමේ දී පිලිපදින නීති රීති නොසලකා, මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සේ හැසිරේ!
දැනට වෛද්‍යවරුන් අතට ගත් ආයුධ කවරේද?
2. පිලිස්සීම - විකිරන යොදවා
3. වස දීම - බෙහෙත් හා රසායනික ද්‍රව්‍ය යොදවා
4. පිලිකාවට අවශ්‍ය පරිසරය වෙනස් කිරීම - උදාහරනයක් ලෙස හෝමෝන අඩු වැඩි කිරීමෙන්
5. සිරුර තුල ඇති, අප සැමට ආවේනික වූ , යුධ හමුදාව යෙදවීම - ප්‍රතිශක්තිය
මේ යුද බිමෙන් සුබදායක පුවත් බලාපොරොත්තු වෙමු. අනාගත යුද්ධය හොඳ පැත්තට යන ලෙස පතමු.......
1 comment:
මටත් පිළිකා සම්බන්ධව නම් අමිහිරි මතක ගොඩයි.....
ඉස්කෝලෙ සර් කෙනෙක්ගෙ නෑයෙක් මැරුණා පිලිකාවක් හැදිලා. හේතුව හොයාගෙන යද්දි "වෙලාවට කෑම එක නොකෑමෙන්ලු" පිලිකාව හැදිලා තියෙන්නෙ!!!!
ඒ වෙලාවට හිතෙන්නෙ "කොහොම මේවගෙන් ගැලවෙන්නද?" කියලා
Post a Comment