Friday, June 13, 2008

අංග විකල අයට ප්‍රවේශය දියුණු කරන්න නිදහස් මෘදුකාංග










ඇස් පෙනීමේ දුර්වලකම් හා අත්වල දෝශ ඇති අයට පරිගනක භාවිතයට උදව් කිරීමට භාවිතා කල හැකි විවෘත මෘදුකාංග කිහිපයක් ගැන තොරතුරු ටිකක් මෙන්න. මේවාට ඉංග්‍රීසියෙන් "assistive technologies" හා "accessibility" ලෙස හදුන්වනු ලැබේ.

උබුන්ටු නම් ගනූ/ලිනක්ස් මත ගොඩනැගුනු මෘදුකාංග පද්ධතිය, ඩෙස්ක්ටොප් එකට යොදවන්නේ ගනෝම් (Gnome). ගනෝම් වල ප්‍රවේශය දියුණු කිරීමට වෙනම ව්‍යාපාරයක් තියෙනව. Gnome accessibility project කියල.
ඉහත පිංතූර වලින් ස්ක්‍රීන් එක ලොකු කර පෙන්වන screen magnifier එක්ද, ඔන් ස්ක්‍රීන් යතුරැ ලියනය on screen keyboard ද, හෙඩ් මවුස් සහ කතා කිරීමෙන් පරිගනකය භාවිතා කරන කෙනෙක්ද පෙන්වනු ලැබේ.

යතුරු ලියනය භාවිතාව පහසු කිරීමට අනතුරුව, යතුරක් ගොඩක් වෙලා ඔබාගෙන සිටියොත් එකම අකුර දිගටම වදින්නෙ නැතිවන පරිදි සකස් කල හැකිය. system - preferences - accessibility- keyboard accesibility preferences වලට ගොස් මෙවැනි වෙනස් කම් හා "මවුස්" භාවිතයට වෙනස් කරගත හැකි වනව. තවද system - preferences - accessibility-Assitive Technology Preferences menu වලින් තව නොයෙක් දේ කල හැකයි. පෙනෙන සමහර කොතස් ලොකු කර පෙන්වීම(magnifier), ස්ක්‍රීනය මත පෙනෙන දේ ගැන ශබිද මගින් හෝ කතාවෙන් ඇඟවීම ද, බ්රේල් යතුරු ලියනයකට යැවීමද (screenreader) යතුරු ලියනය ස්ක්‍රීනය මත පෙන්වීමද කෙරේ.

ෆයර්ෆොක්ස් firefox 3 තුලද මෙම තාක්ෂනය දැන් ග්නෝම් 2.2 හරහා යෙදවිය හැකවී ඇත. මෙමගින් Accessible Rich Internet Applications (ARIA)(http://www.w3.org/WAI/intro/aria) and Live Regions (http://www.w3.org/TR/wai-aria/#liveregions) යන නව වෙබ් තාක්ෂන ගනෝම් හා ෆයර්ෆොක්ස් වල භාවිතා කල හැකිවේ. ගනෝම් මෙවැනි දේ කිරිමත භාවිතා කරනුයේ ඔර්කා orca නම් ඔවුන්ගේ තාක්ෂනයකි. braille බ්රේල් නම් ඇස් නොපෙනෙන අය කියවීම භාවිතා කරණ ක්‍රමයට තනන ලද උතුරු ලියනද භාවිතා කිරීමට පුලුවන. තව සමහර අයට යම් පාට නොපෙනේ - ඔවුනට සුදුසු වෙනස් කිරීම් විශේෂ "පෙරනයන්" හෝ filters වලින් කල හැක.
ගනෝමි ගේ කෙරෙන වැඩ ගැන මෙතෙන
http://developer.gnome.org/projects/gap/



kde නමි ඩෙස්ක්ටොප් එකද මෙවැනි දෙයක් කරනව.
http://accessibility.kde.org/
ස්ක්‍රීනය මත ඇති අකුරු ශබ්ද නගා කියවීමටද පුලුවන (text to speech).

voice command recognition යන තාක්ෂනය කරන්නේ මයික් එකකින් ඩෙස්ක්ටොප් එක පාලනය කිරීමටයි. speech recognition වලින් අප කියනදේ ලියවෙනව. දැනට මෙම අන්තිමට කී තාක්ෂනය විවෘත මෘදුකාංන අතර නැත. නමුත් එම විවෘත නොවන මෘදුකාංග අතර ඉහලින්ම ඇති Dragon Naturally Speaking , වින්ඩෝස් හා ලිනක්ස් යන දෙකේම යෙදවිය හැකිය.

ඩෑෂර් Dasher යනු මවුස් පමණක් යොදා ලිවීමට පුලුවන් මෘදුකාංගයකි (එහි සිංහළත් තියෙනවා). එනිසා ඔලුවට සවිකල මවුසයකින් හෝ කකුලින් වැඩකල හැකි එකකින් අකුරු ලිවිය හැකිවේ. මෙන්න ඩෑෂර්
http://www.youtube.com/watch?v=0d6yIquOKQ0

ගනෝම් වොයිස් වැඩකරන හැටි මෙතන.
http://www.youtube.com/watch?v=w1pyw4fRJH0

ස්ක්‍රීන්රීඩරයක් වැඩ කරන හැටි බලන්න.

http://www.youtube.com/watch?v=wfjD06aOxts&feature=related

කතාවෙන් පරිගනකය පාලනය කිරීමට විවෘත මෘදුකාංග යොදවීම තව ඉදිරියට ගෙනයාමට මේ අය වෙහෙසෙයි.
http://voxforge.org/

ෆෙස්ටිවල් නමැති කතාව පරිගනකයක් හා එක්කරණ සුසැටිය ගැන යමක් දැන ගන්න.
http://www.cstr.ed.ac.uk/projects/festival/

1 comment:

Danishka said...

මිතුර,
ඔබගේ මෙම ලිපිය වටිනවා එත් හැකිනම් "අංග විකල" වෙනුවට විශේෂිත/වෙනස් හැකියාවන් ඇති ලෙසට දක්වන්න. දැන් ඒ වචනය භාවිතා කරන්නේ නැ. Disable නෙමෙ නේ දැන්.. Direfferently Abled නේද?