Friday, February 4, 2011

මතකයෙන් අමතකයට

රුදිර ආතතිය, දියවැඩියාව, තර බව, රුදිරයේ මේද ප්‍රමාණය වැඩිවීම යන සියල්ල ඇති අයගේ මතක ශක්තිය හීන විය හැකි බව අනාවැකියක් පලවී ඇත. කොලෙස්ටරෝල් අඩුවීමට ගන්නා බෙහෙත් වර්ග නිසා ද මෙය විය හැකි බව ට සැකයක් ඇත.

වෙද මහතුන් දියවැඩියාව හෝ රුදිර ආතතිය ඇති කෙනෙක් ලෙස හදුනා ගන්නා කොන්දේසි වසර කිහිපයකට පෙර වෙනස්කරන ලදී. මෙම කොන්දේසි ලොව පුරා පිලිගත් වහාම ලොව වෙසෙන එම රෝග ඇත්තන් මිලියන ගනනකින් වැඩි විය. මෙය පෙර දියවැඩියාව හා පෙර රුදිර ආතතිය ( pre diabetes and pre hypertension) ලෙස දැන් හදුනයි.

සුව බව රැක ගන්න ගොහින් ලෙඩ නැති අයට ලෙඩුන් ලෙස සැලකීම නිසා ඔවුනටත්, රටේ ආර්තිකයටත්, සමාජයටත් ඇතිවන බලපෑම කෙතරම්‍ විය හැකි ද? මෙසේ කිරීමෙන් වන්නේ හොදක් ද නොහොදක් ද? මේ ගැන නිතර වඩ වඩා සෝදිසි කිරීම නුවණට හුරුයි.

liyamu ලියමු

me nidahas dinayen patangena sinhala sinhalen liyamuda? ;-)