Thursday, June 26, 2008

ඉස්ගෙඩියා ඔලුගෙඩියට ආවෙ නෑ නොවැ!


අප ලොව "දියුණු" කිරීමේදී අනික් සතුන් ගැන සිතන්නේ නෑ නොවැ. ගෙම්‍බො ගැන හිතුවෙත් නෑ....

මෙලොවින් ඉස්ගෙඩියන් (එමනිසා ගෙම්බො) සීග්‍රව තුරන් වෙන බවට සලකුනු කාලයක් සිට තිබුන. විශේෂයෙන් "දියුණු" රටවල. කවුරුවත් දන්නෙ නෑ ඇයි කියල. උන් නොයෙක් විකෘති වේශයන් ගෙන් වර්ධනය වෙන්න පටන් ගත්ත. කවුරුවත් දන්නෙ නෑ ඇයි කියල. ගෙමිබව් මිනිසුන් තම පර්යේශන වලට භාවිතා කරන නිසා, සමහරු උන් අල්ලාගෙන පර්යේශනාගාර වලට විකුනල ජීවත් වෙනව. ප්‍රංශයේ අය උන්ගෙ පිටිපසු ගාත දෙක කපල උයන් කනව. කුඩා වතුර ජලාස වල ජීවන චක්‍රයට උන් හරිම වැදගත් කියල ජීව විද්‍යාව හදාරන අය කියනව. සමහර විට අපේ ජීවිතයටත් උන් වැදගත් වීමට පුලුවනි.


අනික, උන් හරි අහිංසක සතුන් - අපේ පැත්තෙන් බලන කොට. මිනිසාට බෝවන කිසිම රෝගයක්, දන්න හැටියට, ගෙම්බ ගෙන් හැදෙන්නෙ නෑ. හපා කන්නෙත් නෑ. ඉඳල හිටල නොදැණුවත් කමට ඇඟට පනිනවනම් තමයි!

මිනිසා හේතුකොට ගෙන ඌ නැති වෙනවද? අප අතින් පරිසරයට කෙරෙන හානිය ඉමහත් නෙ. මොනව කරනවද, මොනව වෙනවද කියල අප දන්නෙත් නෑ. කොහොම හරි අප කරන දෙයින් උන් මෙලොවින් සදහටම නැතිවී යන්න පුලුවනි. මොනව කරන්නද?

2008 වසර ගෙම්බාගේ වසර Year of the Frog ලෙස හැඳින්වෙන්නේ බොහෝ රටවල අය මේ සතුන්ගේ අනාගතය ගැන සැකයක් ඇතිවීම නිසයි.

උන්ගෙ පිංතූරු තියා ගන්න එක දැන් ටිකක් වැදගත් වෙනව. මං හරි ආසයි උන්ගෙ හඩට. වෙලක් දොලක් ලඟ හවසට ඉඳගෙන ඉන්න කොට, පාලුව මකන්න ඒ ශබ්දය යටිතලයක් වෙනව. නුදුරු අනාගතයේ එය නිහඩ වෙයිද? එසේ වූවිට හඩන්නේ වෙල දොල පමණද?

No comments: