Tuesday, June 10, 2008

විද්‍යුත් වෙද වාර්තා

වෛද්‍ය වාර්තා පරිගනක තුල එකමුසු කර තැබීම දැන් නොයෙක් රටවල කෙරීගෙන යන බව අසන්න ලැබෙනවා. ඉන් ඇතිවන හොඳ නරක, වාසි අවාසි මොනවාද?

වාසි

  • එකමුසු බව, එනම් සෑම වාර්තාවක්ම එකතැනකින් ලබා ගත කැකි වීම.
  • සම්පූර්න බව - එක්ස්රේ පිංතූර පවා බැලීමට පුලුවන් වීම
  • ඕනෑම තැනකින් (පරිගනකයක් ඇති) ලභාගත හැකිවීම.
  • ඕනෑම තැනකින් (පරිගනකයක් ඇති) එයට දත්තය එකතු කල හැකිවීම.
  • සැමවිටම රෑ දවල් නොතකා ලබාගත හැකිවීම
  • වෛද්‍ය වරුනට අවශ්‍ය නොයෙක් දත්තයන් පහසුවෙන් ලබා ගත හැකිවීම
  • සමහර වැරදි දේ ඇතුලුකිරීමට ඉඩ නොදීමෙන් ලෙඩුනට විය හැකි හානි වැලකීම
  • මතක් කිරීම් වලින්, ලෙදුනට විය හැකි අතපසුවීම් අවම කිරීම - සායනයට අවශ්‍ය දිනය, පරීක්‍ෂණයකට පැමිණි යුතු බව වැනි දේ
  • අවශ්‍ය දත්තයන් පමණක් තෝරා බේරා ගෙන බැලීමට ඇති හැකියාව
  • බිල්පත්, රක්‍ෂන වාර්තා පිලියෙල කිරීම පහසු වීම
අවාසි
  • වියදම - පරිගනක, ජාලයන් හසුරවීමට සහ නඩත්තුව, මෘදුකාංග වලට, මේවා බලාගන්න අයට පඩි ගෙවීමට යනාදී ලෙස. නමුත් කල් යත්ම, කාර්යක්‍ෂවම හැසිරවූවිට ඇතිවන ලාභයන් මේ වියදම මකා හරින භව බොහෝ අයගේ විශ්වාසයයි.
  • මෙය කාර්යක්‍ෂවම භාවිතා කිරීමට නම්, යම් විශේෂ දැනුමක් ගොඩක් දෙනෙකුට ලබා දියයුතුවීම.
  • ආරක්‍ෂකතාව ගැන (වාර්තාවල තිබෙන දේ පුද්ගලික නිසා) ප්‍රශ්ණ
  • පුද්ගලිකතාව නැතිවිය හැකි බවට ඇති භිය
  • ප්‍රමිති නොමැති නිසා පසුව නොයෙක් ගැටලු ඇතිවිය හැකි බව
  • භාවිතා කරණ අය අතර වගකීම් සහ අයිතිවාසකම් ගැන ගැටලු
  • මෘදුකාංග දුරදිගට හඩා වඩා ගැනීමට තිබෙන අවශ්‍යතාව නිසා, ඒවායේහි අයිතිවාසාකම වැදගත් වීම - මේ අනුව විවෘත මෘදුකාංග (ඕපන් සෝස් මෘදුකාංග) වල වැදගත්කම විශේෂයෙන් සැලකිය යුතුවේ.
පුද්ගලික වෛද්‍ය වාර්තා මෙලෙස තබා ගැනීමට කැමති අයට, බොහෝ සමාගම්, මුදලකට මෙහෙය ලබා දෙයි. ගූගල් සමාගමද දැන් එම සහාය දෙනු ඇත.

https://www.google.com/accounts/ServiceLogin?service=health&nui=1&continue=https%3A%2F%2Fwww.google.com%2Fhealth%2Fp%2F&followup=https%3A%2F%2Fwww.google.com%2Fhealth%2Fp%2F&rm=hide

No comments: