Thursday, June 19, 2008

මිනිස් සිරුර - බුදු වදනින්

වෛද්‍ය විද්‍යාව, මිනිස් සිරුර ගැන සෑහෙන අවබෝධයක් ගොඩනැගීම, එම විදු දියුනුවට වැදකත් අත්තිවාරමක් වීය. සිරුර පලමුව කොටස් වලටද (හිස හා ගෙල, උදරය යනාදී වශයෙන්), පද්ධති වලටද, ඉන්පසු ඉන්ද්‍රියන් වලට, පටක වලට, ශෛල වලට හා වර්ණ තනුක හා ප්‍රවේණ්‍යණු වලට දක්වා ව්‍යවච්ඡේද කරමින් මෙම කාර්යය තවමත් කෙරෙමින් පවතී. නමුදු වෙනත් වේද ක්‍රම සිරුර දිහා බලනුයේ වෙනත් විදියකටය.

බුදු රදුන් සිරුර විස්තර කලේ කෙසේද? මෙසේය.

සිරුර, ධාතු කිහිපයකින් සමන්විත බව මෙසේ විස්තර කලේය.

පඨවි ධාතුව - එනම් සිරුර තුල අභ්‍යන්තරව හෝ බාහිරව ඇති සියලුම තදවූ ඝණ වූ දේ ( කෙස්, මස්, ඇට, ඇට මිදුලු පෙනහලු යනාදී)

ආපෝධාතුව - එනම් සිරුර තුල අභ්‍යන්තරව හෝ බාහිරව ඇති සරල වශයෙන් ද්‍රව ගතිය ඇතිදේ ( පිත, සෙම, සැරව, ලේ යනාදී)

තේජෝධාතුව - එනම් සිරුර තුල අභ්‍යන්තරව හෝ බාහිරව ඇති උණුසුම, දවන ගතිය, දිරවන ගතිය.

වායෝධාතුව* - එනම් සිරුර තුල අභ්‍යන්තරව හෝ බාහිරව ඇති සුළඟ හෙවත් වායුව

ආකාශ ධාතුව - එනම් සිරුර තුල අභ්‍යන්තරව හෝ බාහිරව ඇති අවකාශයයි (ඇස්, කන්, නාස ආදී සිදුරු සහිත තැන්වල)

මෙම විස්තරය සිරුර ගැන වෙනත් විදියකින් බැලීමකි. එය සිරුරේ ඇතිවන රෝග ආබාධ විස්තර කිරීමටත්, සිරුර මැදිහත් කොට භාවනාවේ යෙදීමටත් අගනේය.

*වායු ධාතුව තව මෙසේ විසිතර කරමින් - යම් කෙනෙකුගෙ සිරුරේ ඉහලට යන වායුවක්ද, පහලට යන වායුවක්ද, කුසතුළ ඇති වායුවක්ද, බඩවැළ් ඇතුලත ඇති වායුවක්ද, අත්පා හැකිලීමට හා දිග හැරීමට උපකාරී වන වායුවක්ද, ආශ්වාස ප්‍රාශ්වාස වශයෙන් වායුවක්ද ඇත.

No comments: