Monday, June 15, 2009

මිනිස් සිරුර දිහා බලමු


මිනිස් සිරුර කුණු වී දිරාපත් වීම වලකා ගත හැකි නව ක්‍රමයක් වන "පලාස්ටීකරනය" යොදවා ගෙන කරන ප්‍රදර්ශනයකි - Body Worlds. මෙම මිනී සකසා ගන්නා ක්‍රමය සොයා ගත්තේ 1978 දී ගුන්තර් ෆොන් හේගනස් නම් ජර්මන් ජාතිකයෙකු විසිනි. (Gunther von Hagens of the University of Heidelberg, Germany).

http://www.youtube.com/watch?v=gg7FuKqKY4E

මගේ රට? අපේ රට?

මට මතකයි, අවුරුදු කිහිපයකට පෙර, මා ගොවි මහතෙක් සමග කතාව ට වැටුන. "අපේ රට" කියමින් මා කිව් දෙයක් අසා ඔහු කීව: " මහත්තයො, රට අපට අයිති නෑ. අපි රටට අයිති!"

Thursday, June 11, 2009

PTSD - සිත කම්පනයෙන් මනසේ ලියැවුනු සටහන්

යුධ බිමෙහි ඇතිවන බියසුරු දේ හේතු කොටගෙන, මානසික පීඩාව නිසා ඇතිවන ආබාධය, ඉංගිරිසි භසින් Post-traumatic Stress Disorder හෙවත් කෙටියෙන් PTSD ලෙස හඳුන්වනු ලැබේ.

සටන අවසන් වුවද, සටනට සබදවූ අයට, මතකය තුල එය සදහට පැවතිය හැකිය. PTSD ඇති අයට සාමාන්‍ය ජීවිතයකට එකතුවීමට පවා බැරිවී යා හැකියි. තම පවුල, සහෝදරයන්, සමාජය තුලට එක්වීමට නොහැකි තරමට ආබාධ විය හැකිවේ. යුධබිම වූ නොයෙක් කුරුර අවස්ථා නැවත, නැවත පෙන්වන චිත්‍රපට ජවනිකාවක් මෙන් ඔවුනට පෙනෙන්නට පිළිවන. එහි ඇසුනු ශබ්ධ නැවත ශ්‍රවනයට නැගේ. එවිට ඔවුනට ඇතිවනුයේ ඉතා තාත්ත්වික නැවත රඟපෑපකි. සමහර දේ ඇසුනු විගස, දුටු විගස, ඉවකල විගස, ස්පර්සය කල විගස ඔවුනට බියසුරු ජවනිකාවක් ඇරඹේ. මෙවිට ඔවුනට තමා සිටින තැන හෝ අවස්ථාව හෝ අමතක වී, අමුතු හැසිරීමක් දැකිවිය හැකිය. වටපිටාවේ සිටින අයට තර්ජනයක් විය හැකිය. තමනට තර්ජනයක් වීම ට පිලිවන. තවත් සමහර විට ඔවුන් කෑගසමින් දුවගොස් සැඟවිමට පිලිවන.

කුඩා ළමුන් තම වටපිටාව හෝ තමා ලඟ සිටින අය නොදන්නා සේ බලා සිටී. එකවර අඩන්නට පටන් ගනී. . බොහෝ ළමුන් කතා නොකර ජීවත් විය හැකිය. පාසැල ට යන්න බිය වේ. ගෙදරින් පිට යෑමට අකමැති වනවා පමනක් නොව, පණ භයින් කෑ ගහන්නට පිළිවණ. අනෙක් ලමුන් සමග සෙල්ලම් කිරීමට නොයයි. බියසුලු සිහින දකින නිසා නිදන්නට පවා අකමැතියි.

මෙම ආබාධය, සාමාන්‍ය මානසික ආබාධයක ට වෙනස් බව දැන් හෙළිවී ඇත. සාමාන්‍ය බිය ඇතිකරන අබාධ මෙන් සුව කල නොහැක. එම ආබාධ සුව කිරීමට යොදවන ක්‍රම වලංගු නැත. මිට හේතු සොයන අය සිතන්නේ ඔවුන්ගේ මොලයේ යම් වෙනස්කම් ඇතිවන බවයි. එම වෙනස්වීම් සහ මනසේ ඇතිවූ වෙනස් වීම් එකතුවී මෙම ආබාධය, සමහරුන්ගෙන්, සුව කිරීමට ඉතා අපහසු වන බවයි. ජීවතය පවතින කල් නොමැකෙන කැලලක් ඔවුන් තුල ඇතිවූ බවයි.

මොලයේ ඇමිග්ඩලා (amygdala) සහ හිපොකැම්පසය (hippocampus) යන කොටස්වල ද vmPFC (Ventero medial Prefrontal Cortex) නමැති මොලයේ තවත් කොටසක් මෙම ආබාධය හා සබද බව විශ්වාෂ කරනු ලැබේ.

මෙම ආබාධයට නොයෙක් බෙහෙත් වර්‍ග භාවිතා වුවද, නොයෙක් මනෝ වෙදකම් යෙදවුව ද, සදහට සුව කිරීම අපහසු කරුනක් විය හැකිය. සමහරු "සුව වී" යැයි සිතුවද, මාස හෝ අවුරුදු කීපයකට පසු හදිසියේම යම් අවස්ථාවක් හේතු කොටගෙන, එම ආබාධය නැවත ඇතිවිය හැකිය. එම ඔවුන් සිත තුල සඟවාගත් සිදුවීම ගැන නිදැල්ලේ කතා කිරීමට ඉඩදීම, විපස්සනා භාවනාව වැනි ක්‍රම සමහරුනට බොහෝසේ සහනයක් ගෙන දී ඇති බව සඳහන් වේ. පවුලේ අය, පුජක තුමන්, පාසල් ගුරුවරුන්, පලාතේ වෙදුන් ද මේ ගැන දැනුවත් කිරීම වැදගත්. මෙම රෝගීන ට, තනිව හෝ සමූහයක් ලෙස හෝ ගෙන, මානසික වෙද ක්‍රම යොදවා සහනයක් හෝ සුවයක් ලබා ගැනිම ට උත්සහ කල යුතුයි. විසෙස් වෙදුන් ගේ මූලිකත්වය ඇවැසි වේ.

PTSD ඇතිවීමට යුධබිමට ත් වඩා බහුල හේතුවක් වනුයේ රථවාහන අනතුරු බව මතක තබා ගත යුතුයි. ලිංගික දූශන, ගෙවල ඇතිවන මිනීමැරුම්, ප්‍රචන්ඩ ක්‍රියා තවත් වැදගත් හේතු වේ.

Sunday, September 14, 2008

සිරිමාගේ වෙන්දේසිය


බුදු රදුන් විසූ නගරයක, සිරිමා නම් ඉතා ලස්සන ඝනිකාවක් වාසය කලා. ඇයගේ මුහුනත් සිරුරත් ඉතා සිත් ඇද ගන්නා සුඵ බැවින් එක් භික්ෂුවක් ද රහසින් ඇයට ඇල්මක් ඇති කරගෙන සිටියා. ඇය සමග යැමට කැමති අය ට කහවනු 2000 පමන ගෙවන්න වුනා. සමහර අය ඊටත් වඩා ගෙවනව.

කෙසේ හෝ ඇය හදිසියේ අසනීප වූ විට ටිම දෙනෙක් ඇය බලන්න ගියා. අර භික්ෂුව ද එතන ට වැඩිය. බුදු රදුන් මෙය දැන ගත්තා.

හදිසියේම ඇය අඩු වයසේම මෙම රෝඟය නිසා මිය ගියා. බුදු රදුන් මේ දැනගෙන, ඇයගේ සිරුර දින තුනක් තබා, ඉන්පසු වෙන්දේසි කරන ලෙස රජතුමා ට දැන්වු වා. අර භික්ෂුව හා අනෙකුත් භික්ෂූන් වහන්සේ සමග, බුදුරදුන් එතනට වැඩිසේක.

මියගිය බව නොකියා, සිරිමා වෙන්දේසි කරන බව නගරයේ දැන්වීමක් කරන ලදී. වෙන්දේසිය පටන් ගත් විට කහවනු 3000න් පටන් ගෙන ඇයගේ මිනිය විවෘත කරන ලදී.

කහවනු 3000 ? කිසිවෙක් නැත. 2000...1000...500...100...10....කවුරුවත් නැත.

කැමති කෙනෙකුට එක් කහවනුවක් වත් නැතිව ගෙන යන්න ට ආරාදනා කලහ. ඒත් කිසිවෙක් නොමැත.

අර මුලින් කියන භික්ෂුව ට ඇයගේ කුණුවී යන සිරුර දැක, සත්‍යය පැහැදුනේ ය.

Monday, September 8, 2008

ගතට ග්‍ලූකෝස්; සිතට?


සිරුරේ ඇතිවන ක්‍රියාවන් සියල්ලටම ශක්තිය ලබා දෙන්නේ ග්‍ලූකෝස් නම් සීනි වර්ගයයි. අප ආහාරයට ගන්නා සීනි සුක්රොස් නමැති අනුචකි. එය සිරුර තුල ග්‍ලූකෝස් වලට හරවනු ලැබේ. අප ගන්නා බොහෝ ආහාර අන්තිමට ග්‍ලූකෝස් වලට හරවනු ලැබෙ. . මොලයට ග්ලූකෝස් නැතුව විනාඩි කිහිපයකට වඩා ගතවු නොත්, අප මිය යනු ඇත. සිරුරේ සෑම ශෛලයටම ග්‍ලූකෝස් අත්‍යවශ්‍යය. ග්‍ලූකෝස් වෙනුවට ෆ්‍රක්ටෝස් යොදවන එකම එක ශෛලයක් ඇත :-)

හොඳයි, එසේනම් ගතට උවමනා ග්ලූකෝස්. සිත ට ශක්තිය අවශ්‍ය බව අප දැන ගත යුතුයි. සිත පහත වැටුනු විට ගතටත් බලපානව. ඇඟට පණ නෑ. කිසිවක් කරන්න බෑ. නොයෙක් ලෙඩ හැදෙනව. සිත ප්‍රබෝදමත් වූ විට අපට පුදුම ශක්තියක් වීරියක් ඇතිවෙනව නොවෙ ද? රෝගත් සුව වෙනව, සමහර විට කිසිම බෙහෙතක් නැතුව! එසේනම් සිතට ශකිතිය ලැබෙන්නේ සතුට මගින් බව වැටහෙනවා. ඉන් ගතටත් හොඳ බලපැමක් ඇතිවනව.

සතුට, සිත තුල ඇතිකර ගැනීමට දුක ඉවත් කල යුතුයි. දුක ඉවත් කිරීමට මග අප දත යුතුයි. සතුට වඩන මග එවිට තේරෙනව.
සතුට වැඩෙන්නෙ උවමනා දේ ලැබුනු විට නොව. එය තාවකාලිකයි. ලැබුනු අවස්තාවේ සිට තවත් කරදර. ඒක නැතිවෙයිද? කැඩෙයිද? කවුරුවත් සොරා ගනීවි ද? ඇත්ත සතුට ලැබෙන්නේ ආසවක් හෝ තරහක් අතහැරියම.

සතුට වඩමු!

Friday, September 5, 2008

සිරුරේ ගල් ඉවත් කිරීමට ක්‍රම

සිරුර තුල හැදෙන ගල් ගැන මං කෙටි සටහනක් ලීව, මතක ද? ගල් ඉවත් කරන්නේ කෙසේද?
බොහෝ ගල් ස්වාභාවිකව පිට වෙනව. අපොයි හොඳයි! එහෙම නොගියොත්?
1. සැත් කමකින් - ලෙඩුන් කැමති නෑ නොව ලොකු කැපිලි වලට ;-) නමුත් ලොකු ගල් වලට මේ තමයි හොඳම ක්‍රමය.
2. සුඵ සැත්කමකින් - මේ ගැන මා ලිව්ව මීට පෙර
3. සිරුර තුලම කුඩු කිරීම - කිසිම කැපිල්ලක් නැතුව - සිහි නැතිකරන්න උවමනා නෑ. නියමයි! ඒ කොහොම ද?

ESWL (Extracorporeal Shock Wave Lithotripsy)* 1980 ජර්මනියෙ පටන් ගත් ක්‍රමයක්. අපේ රටේ කොළඹ ජැතික රෝහලේ, නුවර රෝහලේ සහ ආසිරි ශල්‍ය රෝහලේ (නාරහේන්පිට) මේ පහසුකම තිබෙනව.

මෙම උපකරනයේ තරංග නිපදවන ක්‍මයක් සහ තරංග සිරුරට යැවීමට ජලය පිරි තටාකයක් ද, ගලට එම තරංග එල්ල කිරීමට අධි ස්‍රවන ස්කෑන් සහ එක්ස් කිරන යොදවන ක්‍රමයකින් ද සමන්විතය.

ලෙඩා එම "ඇඳ" මත සැතපෙනව. තරංග යටින් ජලය හරහා විත් ඔහුගේ සිරුර හරහා ගොස් ගලට වදිනවා. අපේ සිරුරත් 70% පමණ ජලයෙන් පිරුනු බැවින් තරංග පහසුවෙන් යනව. ගල දෙදරන විට අපට ටිකක් රිදෙන්න පුලුවනි.

එවෙලෙම ගල කුඩුවුනා ද කියල දැන ගන්න අපහසුයි. ඇයි? කැඩුනු ගල් තවම එකට ඇලිල තිබිය හැකි බැවින්. එනිසා තික දවසකින් එක්ස් රේ පිංතූරයක් ගත යුතුයි.

ගල කැඩුනොත්, එම කැබලි කුඩාවට කැඩුනා නම්, මුත්‍රා සමග සේදී යනව. තේ පෙරනයක් හරහා මුත්‍රා කිරීමෙන් මෙම කැබලි එකතු කර ගත හැකියි. එවිට ගිය බව දැනගැනීම පමණක් නොව, ඒවා විශ්ලේෂනය කොට, කෙසේ සෑදුනේ දැයි සොයා ගත හැකි වේ.

ගල කැඩුනෙ නැත්නම් හෝ ලොකු කැබලි වලට කැඩුනේ නම් ඇයෙත් කුඩු කිරීමට තැත් කල හැකයි. නමුත් දෙවන වරට කඩන්නේ සති දෙකක් පමණ කලක ට පසුව යි.

කැඩෙන්නෙම නැති ගල් (කලාතුරකින්) වෙන ක්‍රමයකට ඉවත් කල යුතුයි.

එකම කරදරය, කැඩුනු ගල් හිරවුනොත්. එවිට ආයෙත් කුඩු කිරීම හෝ, වෙන සුලු සැත්කම්කින් ඉවත් කල යුතු වේ.

* Extra කියන්නේ "පිටින්" යන අරුතයි. corporeal කියන්නේ සිරුර ට ග්‍රීක බසින් ; Shock Wave කියන්නේ තරංග වලට Lithotripsy ලිතො කියන්නේ "ගල" ග්‍රීක බසින් ;ට්‍රිප්සි යනු "කඩන/බිඳින" යන්නයි.

Thursday, September 4, 2008

බාලිකාවනට නව එන්නතක්

ගර්භාශයේ පිලිකා වැලකීමට නව එන්නතක් ලොව රට කිහිපයක යොදවන්නට පටන් ගනියි. HPV (Human Papilloma Virus) නම් වයිරසය නිසා ඇතිවන මෙම පිලිකාව නැති කිරීමට හොඳ අවස්ථාවක් මින් ඇරඹේ යැයි ඔවුනගේ මතයයි. අවුරුදු 12 සිට 18 දක්වා වයස් ඇති බාලිකාවනට මෙය සුදුසු ය.

HPV vaccine