Sunday, November 28, 2010

හෙම්බිරිස්සාවට අපේ ගමේ බෙහෙත් වඩා හොදයි

ඔව්. ප්‍රතිජීවක (ඇන්ටිබයොටික්ස්) හානිකරයි. දුන්නත් ගන්න එපා! ඔබට පමණක් නොව, සමාජයටම අගුණයි . ප්‍රතිශක්තිය වැඩි වඩා නපුරු බැක්ටීරියා පරිසරයටත් අපේ සිරුර තුලත් හදා වඩා ගන්න උවමනාවක් නෑ නොවේ ද?



http://www.cdc.gov/CDCTV/SnortSniffleSneeze/index.html?s_cid=tw_eh_141

Friday, November 26, 2010

ක්‍ෂය රෝගය හඳුනා ගැනීම ට පහසු ක්‍රමයක්


ක්‍ෂය රොගය ලොව වටා සිග්‍රව පැතිරී යන බවට ලෝක සෞඛ්‍ය සංවිදානය අනතුරු අඟවන නමුදු මෙම රෝගය හදුනා ගැනීම අසීරු කාරනයකි. එමනිසා පැය 2ක් වැනි කෙටි කාලයක් තුල රෝගය හදුනා ගත හැකි ක්‍රමයක් සොයා ගැනිම සතුටට කාරනයක් වීම නොඅනුමානයි. ජීන්එකස්පර්ට් (Gene Xpert System's MTB/RIF assay) ලෙස හදුනන මෙම පරීක්‍ෂණය මේලෙස යොදාගත හැකියි. $25 පමණ වියදමක් දැනට දැරිය යුතුවේ. $25000 පමණ මූලික උපකරණ සදහා වැයවේ. නිශ්චිතතාව 100%. තව ද ඖෂධ වලට ප්‍රතිශක්තිය දක්වන විෂබීජ හඳුනා ගැනීම ට මෙම ක්‍රමය යොදා ගත හැකිය.

Tuesday, November 23, 2010

සිංහල යුනිකේත අන්තර්ගත OS?

වින්ඩෝස් සෙවන් වල යුනිකේත සිංහල අන්තර්ගත වී ඇත. ඇපල් වල නැත. උභුන්ටු වල ද නැති බව සමහරු කියයි. මා භාවිතා කරන්නේ පරණ උභුන්ටු පදනමක් නිසා මම මේ ගැන හරියට නොදනිමි. දැනුවත් කරණු මැන!

එන්සිටිප් EnSiTip අපට නැතිවේ

මෙම අගනා මෘදුකාංගය නවතා ඇත්තේ අපේ බස රකිනවා කියා වැරදි ලෙස සිතන අය නිසා ද? යුනිකේත හරහා අප බස අන්තර්ජාලය හරහා යොදවා ගත හැකි අවස්තාව ලැබුණු ගමන්, මෙවැන්නක් සිදුවීම කනගාටුවට කරුණකි. මේ ගැන නැවත සිතා බලන්නට අවශ්‍ය බව මගේ අවංක මතයයි.