Thursday, July 31, 2008

ජංගම උපකරණ භාවිතය පහසුවට තුරුදැලට නව ප්‍රමිති

W3C ප්‍රමිති තුරුදැලට එක්විය. XHTML Basic 1.1 නිර්දේශය Mobile Web Best Practices 1.0 නමැති ජංගම උපකරණ භාවිතය පහසු කිරීමේ අදහසින්, තැනූ ප්‍රමිතිය ට එක්වී ඇත. මේ මගින් මෙම ජංගම උපකරණ වලට මුදුකාංග ලියන බස් එකමුතු වීමක් ඇතිවේ. විවෘත ජංගම සන්ධානය මගින් යොදවන මෘදුකාංග ද මීට එකතු වේ.

http://www.w3.org/Mobile/

අඟහරු ලොවේ ජලය සොයා ගනී


ෆීනික්ස් නමැති නාසා අඟහරු ලොවට යැවූ රොබෝ පර්යේශන පවත්වන යාත්‍රාව, ජලය මුසු පස් මිටක් සොයා ගෙන ඇත. මෙය සත්‍ය බවට හරියටම ඔප්පු කළ යුතුයි. එසේ වුවහොත්, පෘතුවියෙන් පිට ජලය සොයාගත් පළමු අවස්ථාව මෙය වේ.

ජලය ජීවිතයට ඇති වැදගත් කම දන්නා බැවින්, අඟහරු ලොව ජීවීන් පැවතුනා ද, පැවතෙනවා ද, පවතී ද යන පැන වලට පිලිතුරු ලැබේවි.

මයික්‍රොසොෆ්ට් විස්ටා ප්‍රචාරයට ලිනක්ස්, පීඑච්පී හා අපාචි යොදවයි!

http://mojaveexperiment.com

මෙම වෙබ් අඩවිය මයික්‍රොසොෆ්ට් යොදා ගන්නේ විස්ටා ප්‍රචාරය කිරීමට. මයික්‍රොසොෆ්ට්ගේම වෙබ් අඩවියක් නොවුවද, ඔවුන් එවැනි අඩවියක් යෙදවීම සිනහවට කරුණ කි. එහි "හෙඩර් ස්කැන්" කල විට:

Connection: close
Date: Wed, 30 Jul 2008 15:53:51 GMT
Accept-Ranges: bytes
ETag: "27b85b4-bfc-62838080"
Server: Apache/2.2.3 (CentOS) - අපාචෙ සෙන්ට් ඕ එස්."සෙන්ට් ඕඑස්" ලිනක්ස් මුදුකාංග විශේෂයකි
Content-Length: 3068
Content-Type: text/html, text/html; charset=iso-8859-1
Last-Modified: Wed, 30 Jul 2008 03:30:58 GMT
Client-Date: Wed, 30 Jul 2008 15:53:51 GMT
Client-Peer: 72.47.200.149:80
Client-Response-Num: 1
Title: The "Mojave Experiment"


මෙම බ්‍ලොග් සටහනෙන් උපුටා ගණු ලැබිනි.

මීදුම ගේ බ්‍ලොග් සටහන සබැඳි

මීදුම බීමත් කම ගැන සටහනක් ලියා තිබුණා.

මෙම සටහන ඉතා කරුණාවෙන් ලිවූ වග පෙණී යයි. මෙම බීමත් කම වෙදකමේ නිරත වන අයට ලොකු ගැටඵවක්. මේ අයට බැන වැද හෝ දඩුවම් කොට, මෙය කිසිසේත් විසඳිය නොහැකි යැයි මගේ විශ්වාසය. සමහර විට මා සාර්තක වූ වේ, ඔවුනට ආදරයෙන් කතා කරමින් කරුණු පැහැදූ විටයි. පවුලම එකට ඉන්නා අවස්ථාවක එසේ කිරීම සමහරුනට වඩාත් යෝග්‍ය වේ. මොහු ට තරවටු නොකරන ලෙස පවුලේ අන් අයට කියා දිය යුතුය. නමුත් බොහෝ අයට මේ විදියත් අසාර්තකයි.

මේ අයට පොදු කරුණු මෙසේය. ඔවුන් තමාට ආදරය කරන්න නොදනී. තමාට සමාව දීමට නොදනී. අනුන්ගේ වැරදි තමා මත පටවා ගනී. තමාට වෛර කරයි. තමා ගැන පහත් කොට සිතයි.

මේ බව ඔවුනට පෙන්වා දී, ඔවුනට, ඔවුන් ගැනම පැහැදීමක් ඇතිකල යුතුය. තමාට ආදරය කිරීමටත්, සමාව දීමටත් තම යුතුකමකැ යි පැහැදී ගියොත් පමණකි, සැබෑ සුවයක් ලැබෙන්නේ. අනෙක, තමාට ආදරය කරන්න බැරි අය, අණුනට සැබෑව ආදරය කරන්නේ කෙසේ ද?

මේ මගේ පුද්ගලික මතයයි.

Wednesday, July 30, 2008

ඇලස්කාවේ හිම උත්සවය


හිම, කලාත්මකව යොදවන මෙම උත්සවය, වසරක් පතා ඇරඹේ. තරඟයක් ලෙස පැවතූ නමුදු, එය විනෝදාත්මක ස්‍වරූපයක් ගනියි.


































http://www.icealaska.com/
http://www.maildumper.com/alaska-ice-festival.html

Friday, July 25, 2008

පණු සටන්!


ලෝක සුව සංවිදානය පණුවන් සමග ලෝක සටනක් ගෙන යන්නේ ඇයි?
ලොව පුරා පාසල් ළමුන් මිලියන 400 පමණ සිරුරු තුල, පණුවන් වාසය කරයි. වැඩිහිටි අය ද එසේම උන්‍ට ගොදුරු වෙයි. උන්ගේ පරපෝශිත ජීවිතය අපට හානිකරය. පණුවන් ඉවත් කිරීමට පෙර, උන් හඳුනාගත යුතුය. උන්ගේ ජීවන චක්‍ර දත යුතුය. උන් හා සටනට ආයුධ තිබිය යුතුය.

පණුවනට ආයුධ සපයන්නේ කව් ද? වෙන කව් ද, අපම ය.
මේ බලන්න :-)
http://www.youtube.com/watch?v=FFfxld5sk0U


ඒ කෙසේ වුවත්, උන් අප සිරුර තුලට අතුඵ වනුයේ කෙසේ ද?
1. කටින් - අත කටේ දැමූ විට, අපිරිසිදුව පිලියෙල කල කෑම, බාගෙට උයන ලද මස්, බීමට ගන්නා ජලය - උන්ගේ බිත්තර ගිලෙයි
2. චර්මය (සම හෝ හම) - හරහා එය සිදුරු කරමින් ඇතුලු විය හැකියි, බොහෝවිට පාවහන් නැතුව ඇවිදින කොට
3. මදුරුවන්ගෙන්, මැස්සන් සහ තවත් සමහර කෘමින් ගෙන්.

සමහර උන්ගේ ජීවන චක්‍රයෙන් කොටසක් අප තුලද, තවත් කොටසක් වෙන සතකු තුල ගත කෙරෙයි.

එසේනම් අපට මෙය වැලකිය හැකි වගේ....

උන් සිරුරට ඇතුලු වී කොහි සිටියි ද? කුමක් කරම් ද?

බොහෝවිට බඩවැල් තුල. නමුත් සමහර විට උන් සංචාර යනව නොව! මොලය, අක්මාව, හම, පෙනහල්ල සහ අනෙක් සිරුරේ කොටස් වලද උන් ඉන්නව. මොලයට යන්නත් පිලිවනි.

කොකු පනුවා, පට පනුවා, බරවා (ෆයිලේරියාව), ගිනි පනුවා, කිරි පනුවා මින් සමහරකි. සෑම පණුවකුම සෑම රටකම නැත.

පණු බෙහෙත් කලට වේලාවට ගැනීමෙන් මුන් ගෙන් තාවකාලිකව නිදහස් විය හැකි වුව ද, එන්නතක් වැනි දෙයක් තවම නැත!
මෙම චලන ඡායා සටහන් මුන් ගැනත් වෙන පරපෝෂිතයින් ගැනත් හොඳ විස්තරයක් ගෙන දේ. ත්‍රාසජනක චිත්‍රපටියක් මෙනි!
පරපෝෂිතයෝ! -1
2
3
4
5
6

මාලින් ද, මූ ඔයාගෙ ද? :-)

Thursday, July 24, 2008

ඉන්දුනීසියාවේ බොරොබුඩුර් පන්සල

ඉන්දුසියාවේ පිහිටි මෙම පන්සල, ලෝකයේ විශාලතම පන්සල ලෙස හඳුන්වනවා. අවුරුදු 1000 ක් පමණ කලක් කැලෑගත වී, මිනිස් ඇසට වැසුණු මෙම පන්සල, දැන් හැමට දැක ගත හැකියි. කිසිම බදාමයක් නොමැතිව, ගලින් බඳින ලද මෙය, බුදු පිලිම 504 කින් යුක්ත වේ. 9වන සත වරුසේ ඉදි කරන ලදී.
මෙම චලන රූප සටහන ප්‍රංස බසින් වුවද, එය ඉතා ප්‍රිය ජනක වියයුමකි.

http://www.youtube.com/watch?v=bmWiV_i4Uv8&NR=1
මෙය ඉන්දුනීසියානු ආණ්ඩුවෙන් නිපදවන ලද්දකි.
http://www.youtube.com/watch?v=lgONItFMHe8&feature=related

වියලි පලතුරු

අප රට පලතුරු වර්ග බොහෝ ය. නමුත් මින් විශාල ප්‍රමාණයක් විනාස වී යන බවට ආරංචි, පුවත් පත් වල තිබෙනව. බොහෝ රට වල මෙම වැඩිපුර ඇති පලතුරු වියලා, කල් තබා ගන්නව. මෙම වියලීම, ස්වාභාවිකව හෝ කෘත්‍රිම ලෙස කරනව. ගස්ලබු, අඹ, අන්නාසි, කෙසෙල්, රඹුටන් බොහොමයක් මෙසේ කල් තබා ගත හැකි පරිදි වියලා ගත හැකියි.
සමහර එළවඵ මෙසේ වියලා විකිණීමට තිබෙනවා දුටු නමුදු, පලතුරු මා දැක නැත (වියලපු මිදි හැරුණු විට).

සීතකිරීමත් සමග වියලන ක්‍රමයක්ද මේ සඳහා භාවිතා වේ. මෙය කිරීමට යොදවන සිප්ලකුව ඉහල ක්‍රමයට වඩා සංකීර්ණ වූ නමුත්, එහිදී බොහෝ විටමින් සුරක්ෂිත වේ. පලතුරු අධික ලෙස සිසිල් කොට, රික්තයක් සහිත කුටීරයක් තුල වියලා ගනි. ඉන්පසු මෙයට තාපය යොදවා ජලය වාෂ්පීකරණ යෙන් ඉවත් කරණු ලැබේ. මෙම ක්‍රමයට උර්ද්වපාතනය යැයි කියණු ලැබේ. මෙම වාෂ්ප ශීතකරණ දඟර මගින් ඝනීභූත කිරිමෙන් ඉවත් කරවයි.

මෙම ක්‍රම දෙකම පිරිසිදුව කලොත්, සීණිබෝල, ටොපි, චොකලට් වලට වඩා හොඳ කැමකි. පිට රට අපනයණය කිරීමට ද හොඳ විදියකැ යි සිතමි.

Thursday, July 17, 2008

යතුරුලියනයෙන් කෙටි මං

මීයන් සමග තරහක් නැති වුනත් (http://suvasayura.blogspot.com/2008/07/blog-post_04.html), උන් භාවිතා කිරීමට නම් කැමති නෑ :-) එමනිසා මෙම කෙටි මං අගය කරන කෙනක් හැටියට මම, බොහෝ මිතුරනට මේ ගැන දන්වමි.
ෆයෆොක්ස් තුල වැඩිපුරම යොදවන ඒවා මෙසේය:
F6 වෙබ් අදවියේ නම ලිවීමේ කොටස
Ctrl + K - සෙවීම
Ctrl+T - අලුත් ටැබ් විවෘත කිරීමට
Ctrl + W - වැඩකරන ටැබ් එක වැසීමට
alt+b බුක්මාර්ක්ස් විවෘත කිරීමට

තව කිහිපයක් ඇත. නමුත් මේ ටික මට නම් සෑහේ.

විම් වල වැදගත්කම ද මේ නිසයි. මීයන් කිසිසේත් අවශ්‍ය නැත!

Wednesday, July 16, 2008

Apoptosis - programmed cell death සෛල වල මරණයට සැලැස්මක්

අප සිරුර සෛල වලින් සමන්විත නිසා, සිරුර සාදන ඒකක යැයි සැලකිය හැකි වේ. මෙම සියල්ලම එක සෛලයකින් පටන් ගෙන නොයෙක් වර්ග වලට විශේෂනය වේ. ඒවායින් බහුතරයක් නිතර නැතිවී යමින් පවතී. නව සෛල සෑදීමෙන් අලුත් වැඩියා වේ. මිනිස් සිරුර තුල දවසකට සෛල බිලියන 50-70 මෙසේ නැතිවීයනු ඇත. රතු රිධිරානුවක් දින සියයකට වඩා පවතින අතර, රිඩිරයේ ඇති සුදු රුධිරානු පවතින්නේ එක් දිනකි.

මෙම සෛල මිය යන්නේ ඇයි? කුමක් හේතුකොට ගෙනද? මොන සාදක වෙනස්වූවිටද?

මේ ගැටලු වලට උත්තර සැපයීම වැදගත් වනුයේ, ඉන් අපට වයස් යෑම ගැනත්, මරණය හා නොයෙක් රෝග ඇතිවීමට හේතුව ද දැන ගත හැකිවීම නිසයි. ඇත්තටම, දැන් අපට තේරෙන තරමට, ශෛල තුල, එහි නැතිවීම හා එසේ විමට කාලය "ලියා" තියෙන බවයි. එනම් ජාන වලින් මෙය පාලනය වනවා පමණක් නොව, ඒ ලියා ඇති කාලය, පිටස්තර සාධක හේතුකොට ගෙනද, වෙනස් වන අයුරුයි. එසේ නම්, අපට එම බලපාන සාධක දැන වෙනස් කල හැකි නම්, එහි ජීවන කාලය වෙනස් කල හැකි බවයි.

සෛලයක ජීවන කාලය සැලසුම් program කර ඇතිබව සොයාගෙන ඇත. මෙලෙස සෛලයම තමාගේ අවසානය නිගමනය කිරීම, වෙනත් හේතු නිසා විනාසවීමට - එනම් විපන්‍යය ( necrosis) නිසා නැතිවිමට - වෙනස්ය. සෛලය "දිවි නසා ගැනීමක් වැනිනකි" apoptosis හි සිදුවන්නේ. පිලිකා සෛල සමහරක, මෙම ක්‍රියාවලිය ඇනහිටියා මෙනි.

සෛල මෙසේ මිය යෑම අවශ්‍ය වේ. මෙන්න සමහර හේතු:

  • කලලය වැඩීමේදී සමහර සෛල නැතිවී යායුතුය. සිරුරේ කොටස් වෙන් වීමට - අත් පා, ඇඟිලි වෙන්වී වැඩීමට - අතරතුර පටක නැතිවී යා යුතුය.
  • පිලිකා සෛල, විකිරනයෙන් "තුවාල" වූ සෛල, විකෘති වූ සෛල, වයිරසයක් ඇතුලුවූ සෛල, "පරණ" සෛල යන සියල්ල සිරුරට කරදරයකි, අනතුරු සහිතය. එනිසා ඉවත් කල යුතුය.
  • හම හෙවත් චර්මය skin, නිතර අලුත් වැඩියා විය යුතුය. අලුත් සෛල නිතරම වැඩෙන නිසා, පැරණි සෛල නැතිවිය යුතුයි (නැතිනම් අපේ සම ඉතා රලු වනු නිසැකයි!)
  • ස්‍ත්‍රී අයගේ ඔසප් වීමේදී, ගැබතුල සෛල මෙසේ නැතිවී, නැවත වැඩීමට අවසර දේ
මෙම සෛල සවයං මරනයට හේතු සහ එය වැලකිය හැකි ක්‍රම සහ විදි සොයාගැනීමෙන්, මහලු වීම, පිලිකා පාලනය, ප්‍රතිශක්තිය හානිකර අවස්ථා මැඩපැවැත්විම, සමහර රුදිර රෝග ප්‍රතිකාර වලට විසඳුමක් ලැබිය හැකිවීමට ඉඩ ඇත.

Monday, July 14, 2008

සිංහළ බ්‍ලොග් හා නිදොස් භාවිතය

බ්ලොග් ලිවීමේදි, තුරුදැලෙහි අන්තර්ගත පංතූර, රූප, විඩියෝ භාවිතාවේදී යම් නිති රීති පිලිපැදීම, නුවණට හුරු යැ යි සිතමි.
http://w2.eff.org/bloggers/lg/faq-ip.php
සිංහළ භ්ලොග් කරන්නන්ගේ සංගමය මගින් ලබා දී ඇති මෙම සබද වෙබ් අඩවිය, මේ සඳහා යම් අදහස් දක්වා ඇත. පහල ඉංග්‍රිසි බසින් ඒ අදහස් දක්වා ඇත.
එමනිසා විශේෂයෙන්ම රූප භාවිතයේදී, එම උපුටා ගත් තැනට සබදකමක් දීම මැනවි යයි සිතමි. නැතිනම් සබදකම පමණක් දිය යුතුය. නිදහසේ යොදාගත හැකි දේ පමණක් එසේ භාවිතයට ගැනීම තව නිර්දෝශ ක්‍රමයකි.

"Images are subject to the same copyright and fair use laws as written materials, so here too you'll want to think about the fair use factors that might apply. Is the image used in a transformative way? Are you taking only what's necessary to convey your point? A thumbnail (reduced-size) image, or a portion of a larger image is more likely to be fair use than taking an entire full-size image. If you want to go beyond fair use, look for Creative Commons licensed images."

දෘඩකාංග වලත් වයිරස් ලඟදීම!

මෘදුකාංග ලෙස වයිරස් මදිවට?

මුලින්ම වයිරස් කිව්වේ විශබිජ වර්ගයකට. ජීවියෙක්ද? නැද්ද? යන තවම නිරාකරණය කල නොහැකි මෙය, අණුවකි. මෙලොව ජීවීන්ට සමස්තයක් ලෙස ඇති අනුවකි DNA ( ඩිඔක්සිරයිබො නුක්ලෙයික් ඇසිඩ් ). අපේ සිරුරේ සාම සෛලයකම ඇත. මේවා එකතු වී ක්රොමසෝමය සාදයි. මෙම අනුවට පුලුවන්, තවත් අනුවක් සදන්න. එනම් RNA ( රයිබො නුක්ලෙයික් ඇසිඩ්). ව්යිරස සෑදී ඇත්තේ මෙම අනු දෙකෙන් එකකිනි. එය වටා කුඩා සිවියක් වැන්නකි, ඉංග්‍රීසියෙන් කියන්නේ "කැප්සිඩ්" කියලයි.

මෙම වයිරස කරන්නේ සෛලයක් තුලට ගොස්, ඔවුනගේ DNA/RNA යොදා, සෛලයේ DNA "පාලනය" කිරීමකි. එමගින් සෛලයට අමුතුම ප්‍රෝටීන වර්ග හා එම වයිරසය ද නිපදවීමට පෙලඹවයි. තවත් සමහර වයිරස, සෛලයේ DNA තුලට "රිංගා" ඒ සමග එකතු වෙයි. මෙසේ DNA වෙනස් කිරීමට ඇති හාකියාව වැදගත් වනුයේ, පරිනාමයට එය වැදගත් සාදකයක් විය හැකි වීමය. තවද, අප එම වයිරස යොදවා සෛලයක්, අපට උවනමා පරිදි වෙනස් කල හැකි බව තේරී යෑමයි.

මිනිසුනට බෝ නොවන වයිරස් වර්ග ඇත. මොවුන් නැනෝ තාකෂනය (nano technology)හරහා යොදවීමට හැකි ක්‍රම සහ විදි දැන් සොයාගෙ යයි. වයිරස කිසිදාක ස්වභාවිකව භාවිතා නොකරණ ද්‍රව්‍ය භාවිතා කිරීමට එම අනු වෙනස් කල හැකි බව පලමුව සොයාගනු ලැබින. බැකිටීරියා තුල වැඩෙන වයිරස් වර්ගයක් (බැක්ටීරියොෆාජ්) යොදවන ලදී. උන් සමහර ලවන යොදා කුඩා විද්‍යත් කෝශ ස්වයං සංස්කරනය කරයි. මෙම බැටරි ඉතා කුඩා වන නමුදු, සාමාන්‍ය පවතින ඒවාට වඩා කාර්යක්ෂමය.

තවද, මොවුන් යොදා ඉතා කුඩා ට්‍රාන්සිස්ටර සැදිය හැකි වනු ඇත. ඒවා ඉතා සීග්‍රයෙන් ක්‍රියා කරයි. මිලි තත්පරයකින් පිංතූර දිස්වන කැමරාවක්, මයික්‍රො තත්පර වලින් එම කාර්යයම සිදු කරතැයි බලාපොරොත්තු වේ.

Maya-II යනු "DNA පරිගනයකි". කොළොම්බියා විසු විදුහලේ මෙය, සිලිකොන් වෙනුවට වයිරස යොදා සාදන ලදී. මෙම පරිගනකය, "ටික්-ටැක්-ටෝ" නම් තරඟයක, මිනිසුන් සැම අවස්ථාවේදීම මෙන් පරාද කල බව සඳහන් වේ. මෙම පරිගනකය, ඔබ, මා දන්නා පරිගනක වල හාත්පසින් වෙනස් වේ! මෙන්න බලන්න . මිනිස් සිරුර තුල රෝග අද්‍යයනය කිරීමට මෙම "පරිගනකය" යොදවා ගත හැකි යැයි බලාපොරොත්තු වේ.

CPMV වයිරසය මිනිසාට හෝ මීයනට හානියක් සිදු නොකරයි. උන්ගේ කැප්සිඩ් එකට මීයන්ගේ ආමාශය හරහා ජීරනය නොවී ගොස්, ලේ වලට යා හැකිය. එනිසා, සමහර අපට "විදින" බෙහෙත්, මෙම වයිරස් කැපසිඩ් යොදා "ගිලින" බෙහෙත් බවට පත්කල හැක.

මෙම ඉතා කුඩා ලොවට පිවිසෙන අපට, එම ලොව අවබෝධ කරගැනිම අපහසුය. අභ්‍යාවකාශය ගැන දැන ගැනීමට අපට කලක් ගතවුනි. මෙම ඉතා කුඩා ලොව සොයන අයට, ලොව කෙතරම් අතාත්වික ද යන්න පැහැදිලිවෙයි. ඇසට පෙනෙන දේ ඇත්තෙන්ම හිස්. ලොව ශක්තිය පමණකි. ඝන, ද්‍රව, වායු අපට දැනෙන "අවස්තාවන්" පමණි.

Saturday, July 12, 2008

විකිරණ වෙදකම


පිලිකාවට කරන එක් ප්‍රතිකාර ක්‍රමයකි, විකිරණ (radiation) භාවිතය. සෛලවලට අහිතකර නිසා ඒවා විනාස කර දැමීමට මෙම කිරණ යෙදවිමට පුලුවන.. පිලිකා සෛල තෝරාගෙන ඒවා දෙසට විකිරණ එල්ල කිරීමෙන්, පිලිකා සෛල නැතිකර දැමිය හැකිය. බොහෝවිට සාර්තක ලෙස පිලිකා පාලනය කල හැකි නමුදු, එක් විශාල ගැටලුවකි; එනම් විකිරණ නිසා වට පිටාවේ ඇති පිලිකා නොවන සෛල ද විනාශ වේ. එනම් අවට පටක හා ඉන්ද්‍රියනට අහිතකරය.

මෙය අවම කිරීමට නම්, වටපිටාවේ සෛල හා පටක හැකිතරම් බේරාගෙන, තියුණු, පරීක්ෂාකාරී අන්දමට විකිරණය යෙදවිය යුතුය. මුලින් යොදවපු ක්‍රම වලට වඩා හොඳ ක්‍රම දැනට යොදවා ගෙන යයි. එනම්:

brachytherapy(කෙටි ප්‍රතිකාරය) මෙම ක්‍රමයේදී පිලිකාව හෝ පිලිකාව ඇති පටක තුලට කුඩා, කෙටි විකිරණ පිට කරන, කටු හෝ කුඩා ගෝල අතුල් කරයි. එවිට පිටස්තර පටක වලට අවම ලෙස විකිරණ පතිත වේ. නමුත් මේම ක්‍රමය සැම අවයවයටම සුදුසු නැත. පුරස්ථ ග්‍රන්ථය, හිසෙහි පිලිකා වලට සුදුසුය.

Virtual Simulation අතථ්‍ය සමාකරණය යෙදවීමට, Magnet Resonance Imaging චුම්බක අනුනාද මූර්තනකරණය සහ Computerized Tomography පරිගනකගත එක්ස් කිරණ මූර්තන සැකසීම යොදාගැනීමෙන්, කිරණ සූක්ෂම ලෙස පාලනය කල හැකිවේ. ඉන් ලැබෙන පිංතූරු භාවිතා කොට විකිරණීකරනය පාලනය වේ.

Three Dimensional Conformal Radiotherapy (TDCR) ත්‍රිමාන සමානුරූපිගත විකිරණ චිකිත්සාව මෙලෙස යොදවන එක් විකිරණ වෙද තාක්ෂනයකි.
අනාගතයේ මෙවැනි තාක්ෂන යොදාගත හැකිවේ:-)


Intensity Modulated Radiotherapy(IMR) තීව්‍රතා පාලිත විකිරණ චිකිත්සාව. මෙහිදී සෑම කිරණයක්ම පාලනයක් ඇතුව පරිගණක පාලනයෙන් අවයවයේ ත්‍රිමාන ප්‍රතිමා සැලැස්මක් මත දෙනු ලැබේ. සෑම කිරණ කදම්බයේම තීව්‍රතාව පාලනය කරමින්, විශේෂ මුදුකාංග යොදවා පාලනය කරණ මෙම විකිරණ යන්ත්‍රය, සාමාන්‍ය පටක හරහා යන විට විකිරණ නවත්වයි, නැතහොත් ඉතා අඩු තීව්‍රතාවකට පහත් කරයි. පිලිකාව හරහා යනවිට ඉතා අධික තීව්‍රතාවකට කිරණ පිට කරයි. මෙසේ, පෙර නොදිය හැකි විකිරණ මාත්‍රයක් (dose) පිලිකාවට දෙනු ඇත.
මෙන්න එම යන්ත්‍රයක්
මෙන්න එය යොදවන අන්දම

මෙන්න විඩියෝ
මෙන්න මෘදුකාංගය

Radio-isotope Therapy - සමස්ථානික* යොදවා ගැනීමෙන් සමහර පටක වල පිලිකා පාලනය කල හැකිය. මෙම විකිරනශීලි ද්‍රව්‍යය, එම පටකය මගින් සුවිශේෂ ලෙස එකතු කරයි. එවිට මෙය ලේ වලින් හෝ ගිලින්නට දුන් විට එම පටකයේ පමනක් එකතු වී, එහි පිලිකාව නැතිකර දමයි. උදා: අයඩින් තයිරොඩ් ග්‍රන්තිය මගින් අවශෝෂනය වන නිසා, විකිරනශීලි අයඩින් ගිලින්න දුන් විගස, ඒවා ලේ වලට බඩවැලින් අවශෝෂනය වී, එම ග්‍රන්තිය තුල එකතු වේ. එම ග්‍රන්ථිය තුල පිලිකාවට විකිරන වැදී මිය යයි. පිලිකා සෛල වලට, සාමාන්‍ය සෛල වලට වඩා සීග්‍රව වැඩෙන නිසා, විකිරණ වල අහිතකර බලපෑම වැඩියි.

*සමස්ථානික කියන්නේ එකම පරමාණුක අංකය ඇති, නමුත් වෙනස් පරමාණුක බර (atomic weight) ඇති මූල ද්‍රව්‍ය වේ. ඉහත උදාහරණයේ සාමාන්‍ය විකිරණශීලි අයඩින් 127 නම් විකිරනශීලි අයඩින් පරමාණුක බර 131 වනු ඇත.

Friday, July 11, 2008

පිටත් හිස්, ඇතුලත් හිස්!

අභ්‍යාවකාශය දිහා මිනිසා කාලයක් සිට විපරමින් බලාගෙන යද්දී, එය හිස් බව පෙනී යයි. එහෙන් මෙහෙන් "ස්කන්ද". ඉන් පසු පරමානු ලොව තුලට එලෙසම හොබ වූවිට එයද හිස් බව පනී යයි. ශකිතිය පමණි. සමහර විට "ස්කන්දයක්" සේ පෙනේ. ශක්තින් එකිනෙකට වෙනස් වේ. ශක්තිය අස්ථාවරය, වෙනස් වන සුලුය.

"ශක්තිය ඇතිකිරීමටවත් නැතිකිරිමටවත් නොහැක", භෞතික විද්‍යවේ නීතියකි. තව විදියකින් කියතොත්, විශ්වයේ අගක් හෝ මුලක් ගැන කතාවක් නැත. අපේ අගක් මුලක් ගැනත් කතා කල නොහැක. අපි කර්මය නම් "ශක්තියකින්" සසරේ දුවවන්නෙමු. පංච ඉන්ද්‍රිය හා මනස, ස්‍කන්දයක් සේ සිරුරක්, සිතුවිලි වලින් මනසක් "පෙන්වයි". ඇත්තටම අපිත් හිස් බව "විද්‍යාත්මකව" පෙනී යයි.....

ඔන්න විද්‍යාත්මකව කුණු අවුස්සන්න ගියාම මිනිසාට සිදුවුන දේ!

Tuesday, July 8, 2008

කැඩපත් ගුරුවරයා

අප ලොව දෙස තාත්වික ලෙස බැලිය යුතුයි. නැතිනම් අප ජීවිතය ගෙවීයන්නේ මෝඩයන් ලෙස උප ද මෝඩයන් ලෙස අවසන් කිරීමෙනි. බොහෝවිට සත්‍ය තත්ත්වය දැන සිටිය ද, එදිනෙදා ජීවිතයේදී අමතක වෙයි. අපේ පංච ඉන්ද්‍රිය තුලින් බලන ලොව මායාවකි. කෙතරම් පහසුවෙන් අප ‍රැවටෙනවා ද දැනගන්න මායාකරුවකුගේ රඟපෑමකින් තේරී යයි.

දිනපතා අපි කැඩපතක් දිහා බලන නිසා එය, ගුරුවරයකු ලෙස යොදා ගැනීම මැනවියැ යි මා සිතනව. එහි පෙනෙන චායාව වම දකුණ මාරුවී ඇති අතර, නැති "ගැඹුරක්" පෙන්වයි. එසේ වන්නෙ ඇයි? ආලෝකය ඇසට වැටුනු පමණින් දෘෂ්ටි විතානය මත පතිත වනුයේ උඩුකුරු උඩ යට මාරුවුණු ප්‍රතිබිම්බයකි. මෙහි ඇති ස්‍නායු උත්තේජනය වී ගෙන යන පණිවිඩය, මොලයට ගොස් එහි විශේෂ කොටසක නව උත්තේජන ඇති කරයි. මනස එවිට ප්‍රතිමාව "මවයි". එම රූපය අප සත්‍යය ලෙස "දකී"! කැඩපත දිනපතා අපව රවටයි! අපේ මනස ඊටත් වඩා අප රවටයි!!

සමහර උත්සව වල කැඩපත් මන්දිර තුල ඇති විවිධ හැඩයන්ගෙන් යුත් කැඩපත් ඔබ දැක ඇති. මේවා දිහා බලන විට ඔබගේ ඡායාව නොයෙක් සිනහමුසු අන්දමට වෙනස් වනු ඇත. ඡායාවක අසත්‍ය බව මින් පැහැදිලි වනු නොඅනුමානයි!
එසේනම් අප ඇස් දෙකට පෙනෙණ දේ කෙතරම් මායවක්ද? මුලාවක්ද? නඩුකාර අය "ඇසට දුටුවද?" කියා අසන්නේ විශ්වාසය තහවරු කරන්නාක් මෙනි; එසේනම් එය විශ්වාස කරන බව පෙන්නමිනි. කෙතරම් මෝඩද?

වෙන රටක ඉතා අලංකාර පර්යේෂනයක් මෙසේ කරන ලදී. කෙසේද? ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ කිහිප දෙනෙකුට, විශේෂ ඇස් කණ්නාඩි යුගල බැගින් පැලඳගෙන සති කිහිපයක් ඉන්න කිව්ව. එම කණ්නාඩි වලින් ලොව උඩුකුරු ලෙසයි පෙනෙන්නෙ! බොහොම අසීරුවෙන් ටික දිනක් ගත කල පසු, ඔවුනට නැවත ලොව සුපුරුදු පරිදි පේන්න ගත්ත. සති 2-3 පසු, කණ්නාඩි ගලවල ඉන්න කිවිව. ගලවපු ගමන්, ලොව උඩයට මාරුවුනා - කන්නාඩි යුගල නැතුව!! ආපසු හරි විදියට පෙනෙන්න ටික දවසක් ගත වුනා. අන්න, අපේ මොලය අපට උවමනා ලෙස හැඩ ගැසෙන හැටි.

"කැඩපත බොරු කියන්නෙ නෑ" කියල අපි විහිළුවට කියන්නෙමු. සත්‍යය කුමක්ද?
උදේට කැඩපත දිහා හොඳින් බලන්න. ඒ ඔබද? ඇත්තටම ඔබ ලස්සනද? ඇත්තටම ඔබ කැතද? අනික් අයට ඔබව පෙනෙන් නේ එලෙසමද? දිනපතා සිතා බලා ඉගෙන ගන්න, මං වගේ :-)

Friday, July 4, 2008

මියන්ට අපේ ස්තුති!

මීයන්, මිනිසාට විශාල ලෙස හානි කල බවත්, තවත් කරණ බවත් ඔබ අහල ඇති. ගොවියනට හරිම හිසරදයක්! අපේ ගෙවල් වලත් කරදරේ. නොයෙක් රොග බෝ කරන බවත්, දහස් ගනන් මිනිසුන් මින් මරණයට ගොදුරු වූ බවත් ඉතිහාසයේ කියයි. මේව අහන මීයන් අප ගැන මොනව හිතයි ද කියල මට හිතුන. එනිසා මේ කෙටි සටහන.

මීයන් කියයි උන් අපට මොන ලෙඩක්වත් ඇති කලේ නෑ කියල. මොකද දන්නවද? මීයන්ගෙන් කියන රෝග ඇතිකරන්නේ උන් නොව, උන්‍ටත් ලෙඩ ඇතිකරන බැක්ටීරියා සහ වයිරස! මේ ලෙඩ වලට මීයනුත් බොහෝවිට මැරෙණ බව අප අමතක කරනව. උන්ට වගකීම පටවල, දහස් ගනන් මරල දානව.

මිනිසුන්ගෙන් මිනිසුනට ලෙඩ බොවෙනව ඒ විදියටම. එතකොට, ලෙඩ බෝ කරනව කියල ලෙඩුන් මරල දානවද? නෑ. එතකොට මතක් වෙනව, ලෙඩේ හදන්නෙ විශබීජ නෙව,ඒ මනුස්සය අහිංසක නොවැ, කියල!
අසාධාරනයක මහත.......


මීයන්ගෙ ජාන මිනිසුන්ගෙ ජාන වලට හරි කිට්ටුයි. නමුත් උන්ට අපට තරම් නුවන නෑ. උන් කෑම සොයන කොට, අපේ කෑම, අපේ බෝඟ කියල වෙනස දන්නෙ නෑ.

හොඳයි, උන්ගෙන් අපට හොඳක් වෙන්නෙම නැද්ද? එහෙ මෙහ බැලුවොත් නෑ. නමුත් පර්යේශනාගාරයකට ඔලුව දැමිමොත් කවදාවත් එහෙම කියන්නෙ නෑ! මීයන් අපට කල විශාල සේවය, ඉදිරියට කරන ඊටත් විශාල සේවය දැන හිස හෙලා ඔවුණට අපි ආචාර කරමු .

නව "බෙහෙතක්" සොයා ගත්තම, ඒක මුලින්ම හොඳ නරක සොයන්නේ කව්‍ද? සමහර මේ "බෙහෙත්" භයානක විශ ද්‍රව්‍ය බව හෝ පිලිකා ඇති කරන බව පෙන්වා දෙන්නේ උන් ගේ දුක හා ජීවිත පරදුවට තබමිණි. විකිරණ වලින් මිනිස් ජාන වලට වන හානිය ද මුන්ගේ පිහිටෙන් සොයාගත හැකි විය.

පිලිකාව සුවකිරීමට අපට ලැබී ඇති සෑම ජයග්‍රහනයටම මෙන් අප, මීයනට (ඔව් මීයනට!) ස්‍තුති කල යුතුය. 1894 සිට පිලිකා ගැන දැණුම ලබාගැනීමටත්, පිලියම් සොයා ගැනීමටත්, උන් අපට පූර්න සහාය දී ඇත!

විශේෂ මීයන් වර්ග කීපයක් බෝ කර ගැනීමට හැකි විම මෙයට මූලික වී ඇත. මිනිස් පිලිකා සෛල සාමාන්‍ය මීයකුට එන්නත් කලොත්, උන්ගේ ප්‍රතිශක්තිය, එම සෛල එකක් නැහැර විනාශ කර දමනු ලැබේ. එනිසා ප්‍රතිශක්තිය හීණ හෝ නොමැති මීයන් අවශ්‍ය විය. උන්ගේ කලල තුල ජාන වෙනස් කිරීමෙන් මෙසේ සාර්ථක ලෙස විශේෂ මීයන් බෝ කිරීමට සමත් වී ඇත. 1962 දී නිරුවත් ( කෙස් හෝ ලොම් නොමැති) මීයන් නම් විකෘති මීයන් ඇති කරන ලදී. උන් ගේ තයිමස් ග්‍රන්තියක් නොමැත. එනිසා T - වසා සෛල නැත. මිනිස් පිලිකා සෛල උන් තුල පහසුවෙන් වැඩේ. එවිට ඒ පිලිකා ගැන නොයෙක් පර්යේෂන පහසුවෙන් කල හැක.

මෙන්න nude mice කියන මී සහෝදරයෙක්, මිනිස් පිලිකාවක් ලබාගෙන, අප වෙනුවෙන් ඉවසන හැටි..


1983 දී මීටත් අඩු ප්‍රතිශක්තියක් ඇති මීයන් බෝ කරන ලදී. SCID මීයන් තව නොයෙක් පරීක්ෂණ වලට යොදවා ගැනීම නිසා පිලිකාව ගැන අපේ දැණුම සීග්‍රව දියුනු වී ඇත. ඊටත් මැතකදී Transgenic Mice නම් මීයන් වර්ගයක් ඇති කරණ ලදී. මුන්ගේ කලල අවස්තාවේ මිනිස් ජාන ඇතුලත් කලවිට, උන් සමග එම ජාන වැඩෙන බැවින්, අපට සෝදිසි කිරීමට අවශ්‍ය ඕනෑම මිනිස් ජානයක් එකතු කර පර්යේෂන කල හැකි හැකි විය.

මීයන් අප වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කරනවා නොවෙ ද? ආයෙත් මීයෙක් දැක්කම ටිකක් මේ ගැන සිතන්න :-)

Wednesday, July 2, 2008

ඔසු වල වියදම හා ඵල

ලක්දිව සෞඛ්‍ය සේවය, සැමට සෑහෙන පහසුවෙන් නොමිලේ ලබා ගත හැකිය. ආණ්ඩුව මගින් රෝහල් වල සේවයට හා රෝග මර්දනයට, ජනතාවගෙන් කෙලින්ම මුදල් නොගන්නා බැවින්, සෑහෙන හොඳ සේවයක් ඔවුනට ලැබේ.

මෙම සේවය මෙසේ පවතා ගෙන යාමට නම් නාස්තිය සහ වියදම ගැන තියුණු අවදානයක් තිබිය යුතුය. අනවශ්‍ය බෙහෙත් වර්ග සහ අධික මිල බෙහෙත් ගෙනදීම ගැන ඉතා සැලකිලිමත් විය යුතුය. සමහප පිලිකාව "සුවකරණ" ඔසු ඉතා අධික මිලට විකිනෙයි. එම ඔසු වලින් පිලිකාව හොඳ නොවේ. තාවකාලික "පාලනයක්" පමණක් ලැබේ. ආණ්ඩුවට මෙය දරා ගත නොහැකි නිසා මෙවැනි බොහෝ ඔසු ජනතාවට මිලදී ගන්න සිදුවේ. සමහර විට පවුලේ අය කෙසේ හෝ මෙම වියදම දරා ගෙන මෙම බෙහෙත ලබා දෙයි. බෙහෙත ගෙදර දිය හැකි වන්නක් නොව. රෝහලේ දිය යුතුය. බෙහෙතේ "සැර" නිසා ඇතිවන අතුරුඵල වලට තවත් බෙහෙත් දිය යුතුයි. රෝගියා දුක් විඳිමින් එම මාස 6න් 2ක් පමණ ගත කරයි. ප්‍රතිඵලය ඔවුන් අහිංසක වීම හා දුප්පත් බවට පත්වීමයි. රොගියා මසකින් නොව මාස 6 කින් මිය යයි.

අපට වඩා ධනවත් රටවල පවා මෙවැනි කරුණු ගැන ප්‍රෂ්ණ අසන්නට වන්නේ මේ නිසයි. ආණුඩුවකින් සෞඛ්‍යය සේවය ලබා දෙන විට රටවැසියන් සැමගේ සුවසිද්ධිය ගැන සිතිය යුතුය. සුව කල නොහැකි පිලිකා හා අනෙක් රෝග සඳහා අලුත්, ප්‍රතිඵල ගැන විශ්වාසයක් නොමැති, අධිමිල ඔසු ලබා දීම ගැටලු සහගත වේ.

Tuesday, July 1, 2008

අධි ගැඹුරු මුහුදු ජීවීන්

ලොව වැඩි කොටසක් මුහුදින් වැසී ඇත. පෘතිවි ජලයෙන් 97% මුහුදු ජලයයි. ඉන් සුලු කොටසක් අප "දන්නා" නොගැඹුරු මුහුදයි. වැඩි කොටසක්, අප අල්ප ලෙස දන්නා ගැඹුරු මුහුදයි. ලොව ජෛවගෝලයෙන් 80% කිලෝමීටර 1000 ට වඩා ගැඹුරු මුහුදට යටවී ඇත. මෙහි ලොව විශාලම, සැතපුම් 46,000ක කඳු සැටියකි. මෙම පෙදෙසට ගිය මිනිසුන්, අභ්‍ය අවකාශයට ගිය අයටත් වඩා අල්ප විය! නිතල හා අගාධ මුහුදු කලාප ලෙස හඳන්වන මෙම මුහුදු, අපි දන්නා වෙරල අසල මුහුදු කලාප හා සමුද්‍ර නම් මතුපිට මුහුදට වඩා බොහෝසේ විශාලය. නමුත් ජීවීන් වැඩිපුර ඉන්නේ මේ අප දන්නා කලාප වලයි. මුහුදේ අප දන්නා පරිදි ගැඹුරුම තැන, පිලිපීන දූ අසල ශාන්තිකර සාගරයේ "මරියානා අගල" වේ. ගැඹුර මීටර 11,000 ට වැඩිය.

අධි ගැඹුරු මුහුද යනු, කිමිදින අය දකින මුහුද නොව. ඊට හුඟක් යට. මෙහි නව බෙහෙත් වර්ග, ආහාර වර්ග, රසායනික ද්‍රව්‍ය විමානයක් වීමට පුලුවන. ගැඹුරු මුහුද ගැන සොයා දැනගානීම වැදගත් ලෙස සැලකුවත්, පහසුවෙන් යන්න එන්න පුලුවන් තැනක් නම් නොවේ! රොබොට් යන්ත්‍ර යැවීමෙන් මෑතකදී යම් තොරතුරු ලබා ගත හැකිවිය. එහි විශේෂ පරිසර ලක්ෂන කිහිපයකි. එනම්

  • ආලෝකය අඩුකම - ශාක වල ප්‍රභාසංස්ලේෂනයට අපහසුතාවකි. සතුනට පෙනීම භාවිතයෙන් වැඩ කර ගන්න අපහසුය.
  • ඔක්සිජන් අඩුකම - නමුදු ජීවීන් ටික නිසා වැයවීම අඩුවේ.
  • උෂ්ණත්වය අඩුකම - සෙන්ටිග්‍රේඩ් 2-4 දක්වා
  • පීඩනය වැඩිකම - ලොකු සතුනට විශේෂ ගැටලුවක්
  • ආහාර අඩුකම - ජීවීන් අඩු නිසා
එමනිසා මෙහි වෙසෙන ජීවීන් එම පරිසරයට හැඩගැසුනු අමුතුම ස්‍වරූප ගන්නා බව පෙනී යයි. නමුත් සමහර තැන්හි අමුතුම පරිසර හා ජීවන අවස්ථා සොයා ගන්නා ලදී.

ජලතාපික විවර ආශ්‍රිත ජීවි පද්ධති Hydrothermal Vent Communities

මුහුද යට සමහර තැන් කුඩා තාප උල්පත් වලින් සමන්විත වේ. පොලොව තුල ඇති තාපය පිටට එන තැනකි මේ. ඒ තුල අඩිකම උෂ්නත්වය සෙන්ටිග්‍රේඩ් 400 ට අධික වි ය හැකි වන අතර ඊට ආශ්‍රිත ජලය සෙන්ටිග්‍රේඩ් 16 පමණ, 2-100 දක්වා පැතිර යා හැකිය. මෙම විව්ර අවට බොහෝවිට ආලෝකය නොමැත. ප්‍රභාසංස්ලේශනයක් නැත. නමුත් කුඩා ජීවීන් බහුල විය. බට පණුවන් ලෙස හඳුන්වන ජීවින් සමූහ එහි වෙසෙන අතර, එම ජීවින්ට මුඛය, ගුදය, ආහාර මාර්ගයක් නැත. එමනිසා උන් ආහාර ගන්නේ සිරුර මතුපිටින් අවශෝෂනය කිරීමෙන් විය යුතුයි. ආහාර කොයින්ද?

මෙම ගැඹුරු ගමේ ජීවන රහස ස්‍වයංපෝෂී බැක්ටීරියා වර්ගයකි. අර සිදුරු වලින් පිටවන රසායනික ද්‍රව්‍ය සමග උන් ද පිට වේ. උන් එම රසායනික ද්‍රව්‍ය, විශේෂයෙන්ම හයිඩ්‍ර‍රජන් සල්ෆයිඩ් භාවිතා කොට, ජීවීනට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය හදයි. රසාසංස්ලේශනය යැයි කිව හැකිය. බට පනුවන් තුලද මෙම බැක්ටීරියා වර්ග ජීවත් වේ. මීතේන් වායුවද මෙලෙස මෙවැනි සිදුරු වලින් පිටවන්නකි.



එම සතුන් ගේ රූප කිහිපයක් බැලීමට සබැදිකම් පහල ඇත. මේ ගැන වෙබ්‍ අඩවි කිහිපයක් සොයාගත හැක.

සතෙක්- කකුලුවෙක්

අමුතුම සතෙක් :-)

මෙන්න විඩියෝ වාර්තවක් - මුහුදු පතුලේ විවර අසල


මෙයත් ඒ ගැන වඩාත් විස්තර සහිතව - අනර්ග විඩියෝ වාර්තාවක්