Tuesday, June 10, 2008

සිංහළ බ්ලොග් වලට නව සිංහළ යෙදීම් කෝ?

සිංහළ බ්ලොග් කරුවන්ගේ සංගමය හා සිංහළ බස යොදා පරිගනක භාවිතා කරණ අයට තේරීගෙන යා යුතු දෙයක් නම්, නොයෙක් නව විද්‍යාත්මක, තාක්ෂනික හා පරිගනක සාස්ත්‍ර වලත අදාලදේ ගැන බ්ලොග් කිරීමේදී සුදුසු වචන නොතිබීමයි.

පරිගනක ගැන ලියන විට, මෘදුකාංග සහ දෘඩකාංග සදහා යෙදිය යුතු වචන හැකි ඉක්මනින් නිපදවා ගත යුතුය. මට පෙනෙන විදියට ක්‍රම කිපයක් භාවිතා කල හැකියි.
1. ඉංග්‍රීසි වචනය සිංහලෙන් ලිවීම උදා: මවුස්
2. ඉංග්‍රීසි වචනය "ය" කිරීම - කොම්පුටරය, මවුසය
3. සිංහළ/සංස්කෘත/පාලි අතරින් වදන් පෙලගැන්වීම - අන්තර්ජාලය, පරිගනකය
4. සිය බස් වදන් -
තුරුදැල=internet
සුසැටිය=system

File = ගොනුව
Edit = සකසන්න
View = දසුව/දසුන?
ගැටළු!

සිංහළෙන් බ්ලොග් කරන අය මේ වචන එක් පොදු තැනක සටහන් කරගෙන (විකියක) තම තමන්ගේ බ්‍ලොග් වල යෙදෙව්වා නම්, එම වචන වියාප්තියට හොද අඩිතාලමක් වනු නියතයි.

දැනට තිබෙන වචන එකතු

http://sinhala.linux.lk/
http://wiki.mrt.ac.lk/sinhala/index.php?title=%E0%B7%80%E0%B6%A0%E0%B6%B1_%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80

2 comments:

Unknown said...

කදිම අදහසෙකි..

Unknown said...

කදිම අදහසෙකි..