මෙන්න අහන්න.
" මං කිව්ව නේද ඔයාට නිමල්‍ල ට ආරාදනා පතක් යවන්න කියල? ඇයි ඔයා යැව්වෙ නැත්තෙ? දැන් ඒගොල්ලො තරහ වෙයි. ඔයා ට කිසිම දෙයක් හරිය ට කරන්න බෑ. මං මොන මෝඩයෙක් බැන්ද ද මං දන්නෙ නෑ"
" ඉතිං ඔයා මොක ද ඒක නොකලෙ? ඔයා අනිත් අයට ආරාදනා යැව්වෙ. මං මොඩයනෙ, ඉතං මහ ලොකු නුවනක්කාරය කරන්න තිබුනනෙ. අනෙක මං ඔයා ට ෆෝන් කරල කිවවනෙ. මං නිසයි ඔයාට ඒ අතපසුවීම මතක් වුනේ, ඔන්න මෝඩයගෙ වැඩ!"
මෙන්න ආයිත් අහන්න
" මං යනව සාලියගෙ ගෙදර. ඔයා එනවනං ඉක්මනට ඇඳ ගන්න නැත්තං මා යනව"
"ඔයා ට ඕන නං යන්න. මට දැන් ද කියන්නෙ? ඔයා හොඳ ට ඇඳගත්ත ට පස්සෙ?"
මෙවැනි වාද ඇතිවීම ට හේතුව? එක වදනකින් ඔව නැවතිය හැකි - සදහටම.
මේ බලන්න.
" අනේ! නිමල්ල ට ආරාදනා කරන්න අපි ට අමතක උනානෙ! ......"
" අපි යං ද සාලියලගෙ ගෙදර?....."
"අපි"
ඉතා කෙටි වදනක්. බහු වචනයක්. සාමයෙ සහ ආදරයේ වැදගත්ම වදනක්.
වැඩිපුර යොදවමු. නේ ද?

1 comment:
ඇත්තටම...!!! කටේ මසුරන් ඔබන්න වටින කතාවක්......
හුගක් කට්ටිය රණ්ඩු වෙන්නෙ මහා මෝඩ දේවල් වලට. කියන කතාවෙ වචනයක් දෙකක් වෙනස් කරලා ගොඩින් බේරගන්න පුළුවන් දේවල් වවාගෙන කනවා.....
________________________
"සුව සයුර" තිබුන ලිපි බලලා මටත් හිතුනා සත්තු ගැන ලියන්න. අපි මේ ලියන ලිපි අනාගතයට බොහොම වැදගත් වේවි. සිංහල වෙබ් අවකාශය තවත් පුළුල් වේවි...!!
ජය෴
Post a Comment