Sunday, August 24, 2008

පවුල් ජීවිතයට වැදගත් වදනක්

හරි වදන යෙදීමේ වැදගත් කම මොනවට පෙන්වා දෙන අවස්ථා පවුල් ජීවිතයේ පැහැදිලිව පෙන්වයි. වැරදි වදන නිසා පවුල කැඩී බිඳී යා හැකියි. බිරිඳ සමග දවසක් කතා නොකර සිටින අවස්ථා ඇතිවිය හැකියි. ළමුන් ඉදිරියේ අනවශ්‍ය වාද ගැටුම් ඇතිවිය හැකියි. එනිසා මේ වැදගත් වදන ගැන හොඳින් දැනගත යුතුයි. හැමවිට එය යෙදවිමට පුරුදු විය යුතුයි.

මෙන්න අහන්න.

" මං කිව්ව නේද ඔයාට නිමල්‍ල ට ආරාදනා පතක් යවන්න කියල? ඇයි ඔයා යැව්වෙ නැත්තෙ? දැන් ඒගොල්ලො තරහ වෙයි. ඔයා ට කිසිම දෙයක් හරිය ට කරන්න බෑ. මං මොන මෝඩයෙක් බැන්ද ද මං දන්නෙ නෑ"

" ඉතිං ඔයා මොක ද ඒක නොකලෙ? ඔයා අනිත් අයට ආරාදනා යැව්වෙ. මං මොඩයනෙ, ඉතං මහ ලොකු නුවනක්කාරය කරන්න තිබුනනෙ. අනෙක මං ඔයා ට ෆෝන් කරල කිවවනෙ. මං නිසයි ඔයාට ඒ අතපසුවීම මතක් වුනේ, ඔන්න මෝඩයගෙ වැඩ!"

මෙන්න ආයිත් අහන්න

" මං යනව සාලියගෙ ගෙදර. ඔයා එනවනං ඉක්මනට ඇඳ ගන්න නැත්තං මා යනව"
"ඔයා ට ඕන නං යන්න. මට දැන් ද කියන්නෙ? ඔයා හොඳ ට ඇඳගත්ත ට පස්සෙ?"

මෙවැනි වාද ඇතිවීම ට හේතුව? එක වදනකින් ඔව නැවතිය හැකි - සදහටම.

මේ බලන්න.

" අනේ! නිමල්ල ට ආරාදනා කරන්න අපි ට අමතක උනානෙ! ......"
" අපි යං ද සාලියලගෙ ගෙදර?....."

"අපි"

ඉතා කෙටි වදනක්. බහු වචනයක්. සාමයෙ සහ ආදරයේ වැදගත්ම වදනක්.

වැඩිපුර යොදවමු. නේ ද?

1 comment:

Madhuranga Rathnayake said...

ඇත්තටම...!!! කටේ මසුරන් ඔබන්න වටින කතාවක්......
හුගක් කට්ටිය රණ්ඩු වෙන්නෙ මහා මෝඩ දේවල් වලට. කියන කතාවෙ වචනයක් දෙකක් වෙනස් කරලා ගොඩින් බේරගන්න පුළුවන් දේවල් වවාගෙන කනවා.....

________________________
"සුව සයුර" තිබුන ලිපි බලලා මටත් හිතුනා සත්තු ගැන ලියන්න. අපි මේ ලියන ලිපි අනාගතයට බොහොම වැදගත් වේවි. සිංහල වෙබ් අවකාශය තවත් පුළුල් වේවි...!!
ජය෴