Monday, August 11, 2008

රුධිර පීඩනය වැඩිවීම - හැඳින්වීමක්

රුධිර පීඩනය අත්‍යවෂ්‍යය. එවැන්නක් නැති නම්, රුධිරය සිරුර පුරා ගලන්නේ නැත! නමුත් එම පීඩනය සුඵවෙන් හෝ වැඩි වී පැවතුනොත්, සිරුරටම අහිතකරය. හදිසි මරණයට ගොදුතරු විය හැකිය.

විවේකය අඩු, තරඟකාරී ජීවිතයක් ගත කරන යුගයක, අවුරුදු 30 පැමිනෙන විට ඔබට රුධිර පීඩනය නිසා නොදැනුවම හානි සිදුවිය හැකි බව ලඟදී ඇමෙරිකාවේ, සාන්ත ෆ්‍රැන්සිස්කෝ විසු විදුහලේ අවුරුදු 10කට වඩා කල පර්යේෂනයකින් හෙලිදරව් විය. මෙම අනවශ්‍ය අතුරුපල වලකා ගත හැකිය. අපි මේ ගැන සොයා බලමු.

හෘද වස්තුවට හා රුධිර නාල වලට වන දේ ගැන පමණක් දැන සොයා බලමු. මෙන්න හෘදය පොම්පයක් සේ වැඩ කරන හැටි

රුධිර පොම්පය

මෙම පොම්පය මගින් රුධිරය සිරුර පුරා යැවීමට ප්‍රධාන තැන ගනියි. මින් තල්ලු කරන ලේ හෙවත් රුධිරය, රුධිර නාල හරහා ගලා ගෙන යයි. ලේ වතුරට වඩා උකුය. එනම් ආසෘතය වැඩි ද්‍රවයකි. මෙවැනි ද්‍රවයක් ගලා යාමට සලසන්නට සෑහෙන පීඩනයක් අවශ්‍ය වේ. තවද රුධිර නාල වල හරස්කඩ මීට බලපායි. කුමක් නිසා ද? එම නාල සිහින් වු විට ඒ හරහා රුධිරය යවන්න අපහසු නිසත්, පලල් වන විට පහසු බවත් නිසයි. මෙම ඉහත සාදක රුධිර ගමනට ප්‍රතිරෝධය වේ.

හෘදයෙන් විනාඩියකට "පොම්ප" කරණ ලේ පරිමාව කොපමන ද? එක් විටක් එය "මිරිකා" ලේ තල්ලු කරන විට පිටවන ලේ පරිමාව, විනාඩියකට හෘදය ස්පන්දනය වන වාර ගනනින් ගුන කිරීමයි. එක් විටක පිටවන පරිමාව මිලි ලිතර 70 නම්, විනාඩියකට ස්පන්දන 80 නම් මෙම පරිමාව මිලිලීටර= 70x80= 5600 වේ.

රුධිර පීඩනය යනු, ඉහත පරිමාව, රුධිර නාල වල ප්‍රතිරෝදයෙන් ගුණ කල විට ලැබේ. මෙම ප්‍රතිරෝදය නාල වල විශ්කම්භය අනුව වෙනස් වේ. හෘද වේගය ( බොහෝවිට නාඩි වේගයට සමානයි) හා හෘද පේශිය සංකෝචනය වන "හයිය" අනුව ද මෙය වෙනස් වේ. එසේනම් මෙම එක් එක් කාර්යයට බලපාන හේතු, රිධිර පීඩනයට බලපායි. තවද, හෘදය ලේ පිටකරන මොහොතේ දී පිඩනය, හෘදය සංකෝචනය නොවන අවස්ථාවට වඩා අඩුවේ. එනම් එහි අවමයක් හා උපරිමයක් අතර පීඩණය වෙනස් වන බවයි.

මේ සාදක වෙනස් කිරීමට බලපාන දේ බොහෝය. මානසික පීඩනය, ලේ වල සමහර හෝමෝන ප්‍රමානය, යම් බෙහෙත් වර්ග මින් සමහරකි.

පීඩනය මනින්නේ කෙසේ ද? තම උඩු භාහුව වටා "පටියක්" බැඳ මෙය කෙරනු ඔබ සමහර විට දැක ඇත. මෙහි දී සංඛ්‍යා දෙකක් ලියණු ලැබේ. මෙලෙස 120/80. එනම් හෘදය සංකෝචනය වන විට පීඩනය සහ ලිහිල් අවස්ථාවේ ඇති පීඩනයයි. ලිහිල් අවස්ථාවේ පීඩනය වැඩිවීම වඩා භයානකයි. ඇයි?

හෘදයට ද ලේ අවශයය. එය ලේ වලින් පරී තිබුන ද, එමගින් එහි පේෂියට අවශ්‍ය ඔක්සිජන්, ග්ලූකෝස් (සීනි) ලබා දිය නොහැක. එනිසා එම පේශියට ලේ ගෙනයන නහර ඇත. මෙම ලේ නහර වලට ලේ පිරී යන්නේ හෘදය ලිහිල් වූ අවස්ථාවෙදියි. එමනිසා, හෘදය සීග්‍රව ස්පන්දනය වේද, ඒ අවස්ථාවේ දී රිඩිර පීඩනය, එනම් ලේ නහර තුල ප්‍රතිරෝධය වැඩිවේ වේද, හෘදයට ලැබිය හැකි ග්ලූකෝස් හා ඔක්සිජන් ප්‍රමානය අඩුවේ! මෙය අහිතකරය.

දැන් අපට පෙනෙනවා රිඩිර පීඩනය වැඩි වූ විට වෙන එක දෙයක් නම්, හෘද වස්තුවට වඩා තදින් සංකෝචනය විය යුතු අතර, එයට ලැබෙන රුධිර ප්‍රමානය අඩුවන බව. වැඩ වැඩියි, බඩු (වැඩට උවමනා දේ) අඩුයි! අපොයි!! මෙහෙම දිගට ගියොත් හෘදය දුර්වල වෙනව නොවෙ ද?

කතාව මෙතනින් හමාර නොවෙයි. අධිම රුධිර පීඩනය සිරුරේ අනෙක් අවයව වලටත් අහිතකරය. වකුගඩු වලට බලපායි. ලේ නහර ඇතුලින් තුවාල වේ. එම නහර සමහරක් හීන්වී වැසී යා හැකිය. පුපුරා යා හැකිය.

වයස අනුව සාමාන්‍ය රුධිර පීඩනය ටිකක් වෙනස් වේ. නමුත් සමස්තයක් ලෙස 120/80 හෝ ඊට අඩු ප්‍රමානයකට නොතිබේ නම්, එය නොසැලකීම අනතුරු සහිතය.

තවත් කරුනක් මතක තබා ගත යුතුය. එක් වරක් බලා පීඩනය වැඩි යැයි නිගමනය කිරීම වැරදි යි. වැඩිනම්, දෙතුන් වාරක් සෝදිසි කල යුතුය. දිගටම වැඩි නම්, ඔහුට එම රෝගය ඇතැයි සිතා, රුධිර පීඩනය පාලනය කිරීමට කටයුතු කල යුතුය.

මෙය භයානක, නමුත් පාලනය කල හැකි රෝගයකි. සුව කල හැක්කේ කලාතුරකිනි. ඒ, ඊට හේතුවක් සොයා ගත හැකි නම් පමනි. බොහෝ අයට (90% වැඩි), හේතුවක් සොයා ගත නොහැක.

No comments: