Thursday, August 21, 2008

සිරුර තුල හැදෙන ගල්

සිරුර තුල ඇතිවන ගල් වල ට වටිනාකමක් නැති එකයි දුක............



සිරුර තුල ඇති නොයෙක් ලවණ නිසා, ගල් ඇතිවන එක පුදුමයක් නොවේ.

  • මුත්‍රා ගල් urinary stones or calculi
  • පිත ගල් gallstones
  • කෙල හෙවත් ඛේට ග්‍රන්ති වල salivary stones or calculi
  • අග්න්‍යාශය තුල pancreatic stones

බහුල ලෙස ගල් ඇතිවණුයේ මුත්‍රා මාර්ගය තුල යි. වකුගඩු, මුත්‍ර නාලිකා, මුත්‍රා බොක්ක ( මුත්‍රාෂය) තුල ද කලාතුරකින් මුත්‍ර වාහිනිය තුල හිරවී තිබෙණු දක්නට ලැබේ. මුත්‍රා වල ලවණ සමතුලිතතාව නැතිවූ විට කුඩා ස්ඵටික ඇතිවි, ඒවා සේදී පිට නොවී හිර වූවොත්, ගැටඵවක් ඇතිවේ. ඒවා වැඩීමට පටන් ගනී. මුත්‍රා අවහිර වූ විට වකුගඩු නරක් විය හැකිය. එක පැත්තක් පමණක් හිර වුවහොත් ( අපට වකුගඩු දෙකක් තියෙනවනෙ) මුත්‍රා පිටවිමේ කිසි අඩුවකෙ නොපෙනේ. කොන්ද, බඩ අධික ලෙස රිදීම ට පටන් ගත හැකිය. මුත්‍ර සමග ලේ යා හැකිය. විෂබීජ ඇතුල් වුවහොත් ඉතා අසීරු තත්ත්වයක් ඇතිවිය හැකියි. මෙවිට යම් ක්‍රමයක ට ගල් වහා ඉවත් කල යුතු වේ.

මුත්‍ර ගල් කැල්සියම් වලින් බොහෝ විට ඇතිවන්නේය. කැල්සියම් සමග ඔක්සලේට් (oxalate) නම් ලවණයක් එක්විය හැක. බොහෝ ඔක්සලේට් සිරුර තුලම හටගනී. සමහරුන ගේ උප්පත්තියෙම්ම අක්මාවේ යම් එන්සයමයක අඩුවීමක් නිසා ඔක්සලේට් වැඩි පමනින් මුත්‍ර මාර්ගයට වෑස්සී එහි ලවන සමතුලිතතාව වෙනස් කරයි, මේ අයට ජීවිතය පුරාම දිගින් දිගට ගල් ඇතිවේ.

යුරික් අම්ලය (uric acid)නම් දෙයක් ද අප සිරුර තුල සෑදී, මුත්‍රා සමග පිට වේ. මුත්‍රා වල සාන්ද්‍රණය වැඩිවූ විට, සහ එම ආම්ලික වූ විට
යුරික් අම්ලය ස්ඵටික වී ගල් සෑදේ.

සිස්ටීන් (cystine) නම් ඇමිනෝ අම්ලයක් ද මුත්‍රා සමග සමහරුන්ගේ වැඩිපුර පිටවේ. මේවා ද ආම්ලික හා සාන්ද්‍රනයෙන් අධික මුත්‍රා ඇතිවූ කල් හි ගල් සාදයි. තද ගතියෙන් වැඩිම ගල් ජාතියකි මේ.

මුත්‍රා වල විශබීජ ඇතුල් වීම නිසා උන් ඇතිකරන ඇමොනියා, බස්ම ගතිය නිසා අමෝනියම්-මැග්නීසියම්-ෆොස්ෆේට් හෝ ත්‍රිත්ව ෆොස්ෆේට් හෝ ස්ටෘව්යිට් (struvite) නම් ගල් වකුඟඩුව තුල සෑදිය හැකිය. මෙම ගල් වකුගඩුව තුල පැතිරි වැඩීමෙන් ගෝනකුගේ අං හැඩයට වැඩෙයි. (staghorn calculus)



මුත්‍රා ගල් සෑදීම වලකා ගැනීමට සිට්රෙට් නම් ලවනයක් වැදගත් වේ. ගල් විටින් විට දිගට හැදෙන බොහෝ අයගේ මුත්‍ර වල මෙම ලවණය අඩුබව සොයාගෙන ඇත.

පිත හොඳින් ගලා නොයයි නම් හෝ එහි කොලෙස්තරොල් හෝ යම් ලවණ වල සාන්ද්‍රනය වැඩි වුව හොත් පිත් බොක්ක තුල ත් පිත බඩවැල ට ගලන මාර්ගය තුල ගල් ඇතිවේ (gallstones). බඩ දකුණුපස ඉහල කොටස රිදීම, ආහාරයට පසු, තෙල් බැදුම් වැනිදේ අනුබව කල විට අපහසුතාවක් ඇතිවීම, ඇඟ ගැසී උණ ගැනීම, සම, ඇස් කහ වීම, මුත්‍රා තේ වතුර මෙන් පාටවීම ඇතිවිය හැකි රෝග ලක්ෂන සමහරකි. එමෙන්ම කිසිම අපහසුවක් නැතිව ද ගල් තිබිය හැකයි. වෙන දේක ට ස්කෑන් කලාම අහුවෙනව ! මෙන්න පිතෙන් ඇතිවන කොලෙස්ටරොල් ගල් වල හැටි..

අග්න්‍යාශය තුලද ගල් සමහර විට සෑදේ. අග්න්‍යාශය ඇත්තේ ද බඩ හෙවත් උදරය තුල, කොන්ද ත ලං වෙන්න...

කෙල උණන්නේ ග්‍රන්ති විශේෂයකිනි. ඒවා තුලත් ගල් ඇතිවිය හැකිය. ඒ ගල් නිසා ආහාර ගන්නා විට ඉදිමුමක් ඇතිවිය හැකිය. රිදෙන්නට පටන් ගනි. වැඩිපුර මෙම ගල් ඇතිවන්නේ දිව යට යි. පහත පිංතුරයේ ඔබට එවාන්නක් දැක ගත හැකිය.
මුත්‍රා ගල් ඇතිවීම වැලකීම කුමක් කල හැකි ද? ගල් එක්වරක් ඇතිවූ අය ට හා පවුලේ කිප දෙනෙකුට එසේ ඇතිනම් අන් පවුලේ අය ට පහත ඇතිදේ සුදුසුය. වෙදතුමා ඔබ මුත්‍රා හා ලේ පරික්සා කොට ඒ ගැන කියාවි. ගල් හැදුනු නැති අය ට, වතුර බීම පමණක් ඇත!! ගල් හැදෙන අයට මෙන්න කල හැකි සමහර දේ:

  • වතුර වැඩිපුර බොන්න ලීටර 1-2 ක් දවසකට.
  • සිට්රේට් වැඩිපුර ගන්න - දෙහි, දොඩම්, ජමනාරං වැනි ඇඹුල් පලතුරු හෝ පොට්සිට් නම් දියරයක් ඔසු සලකින් වෙද මහතා දේවි. ඔහුගේ උපදෙස් නොමැතිව පොට්සිට ගන්න එපා!

ගල් ඇතිබව සොයාගන්නේ මුත්‍රා පිරික්සාවෙන්, එකස්රේ (x-rays), ස්කෑන් ( ultrasound scan) සහ තවත් සමහර විසෙස පිරික්සාවන් වලිනි. සමහර අයට පැය 24 මුත්‍රා එකතු කිරීම ට අවශ්‍ය වේ. ගලක් පිට වී නම් එය ද විශ්ලේෂනය කල යුතුයි. එවිට එය සැදී ඇත්තේ කෙසේද, කුමණ ලවන වලින් ද යන්න දැණ ගන්න ට පිලිවන.


ගල් ඉවත් කරන්නේ කෙසේ ද? තව දවසක බලමු!

2 comments:

සු said...

මේක නම් හරිම වැදගත්..මං උදෙන්ම කියෙව්වා..ලෙඩ ගැන වගේම ඒවා නොහැදී ඉන්න කන්න බොන්න ඕන දේවල්, සාමාන්‍ය ජීවිතේ පවත්වා ගත යුතු පුරුදු ගැන කියන එක හරිම වටිනවා.. ස්තූතියි..

Unknown said...

This articals are very importen. I want to know can I Publish this articals another magazine(free distribting) publising in Bahrain by Sri Lankan.
Thank.
Rohitha.