Wednesday, August 20, 2008

නව සිංහළ වදන් "සිංහල බ්‍ලොග්" වල ට


පුලිලි කවියකි

පරිගණකය නැත ඇත්තේ පරිගණින ය
අන්තර්ජාලය නැත ඇත්තේ තුරුදැල ය
"තාක්ෂණය" නැත ඇත්තේ සිප්ලකුව ය
කෙසේ වෙතත් නවක වදන් ලස්සන ය!

සකු - හෙළ

තාක්ෂනය = සිප්ලකුව
අන්තර්ජාලය=තුරුදැල
පද්ධතිය=සුසැටිය
පරිගනිකය=පරිගණිනය

2 comments:

චරිත said...

නවක සිංහල වදන් ලස්සන උනාට විතරක් මදි භාවිතයට පහසු වෙන්නත් ඕනැ නේද?

fossurgeon said...

ආයුබෝවන් චරිත,

භාවිතයේ පහසුව සහ අපහසුව මනින්නේ කෙසේ ද යන්න මා නොදනී. නවක හා පැරණි වදන් සැසඳූ පමණින්, නව වදන් කියන්නත් පහසුයි, ලියන්නත් පහසුයි.

නව වදන් ඇතුඵ නොවන බසක් මිය යයි. එනිසා නව වදන් ඇති කරණ අය බසේ පැවැත්ම ට සවියක් ලබාදේ. නව වදන් අගයන අය එම වදන් යොදවයි. බල කිරීමක් නෑ නොව?