Sunday, August 10, 2008

පුල්ලි කවි


බ්‍ලොග් අඩවි ලිව්ව ට
අදහස් වෙසසි දෙසුව ට
පාඵවක් ඇත බැලුව ට
කවියක් ලියා නැතුව ට

ඔන්න පුල්ලි කවියක ට නිදසුනක්! මා එය ලීවෙ.

පුල්ලි කවි මගේ අදහසකි. "පුහුණු වෙන්න ලියන කවි" හෝ "පුරුදු වෙන්න ලියන කවි" යන්න ට කෙටි අරුතකි. උපමාවක් ලෙස ගත හොත්, හොඳින් කවි ලියන අය කවියෙන් දිවියෙක් මවා දක්වයි. මට එක පුල්ලියක් මවා දැකිවිය හැකිනම්, දැන ට ඒ හොඳට ම ඇති. මා මගේම පලමු කවිය ලිව්වේ ඊයෙ පෙරේද.

මේ බ්‍ලොග් වල දස්ස කවියෝ වෙසෙති. කිසි කවියක් නොලිවූ ඔබත් මා වැනි නම්, අපට ත් පිලිවනි පුල්ලි කවි ලියන්න :-)

ඔබ එවැන්නක් ලිව්වොත්, මටත් කියන්න, හොඳ ද?

2 comments:

සු said...

පුල්ලි තියෙන්නේ කොටියට‍.. තිත් තියෙන්නේ මුවාට.. ;) එහෙමයි අහලා තියෙන්නේ.. මොනවා වුණත් කවි ලියන්න ට්‍රයි කිරිල්ල නම් නියමයි.. දිගටම ලියන්න.

ජය !

fossurgeon said...

සු^ ඔබට තුති. ඔන්න උපමාව හැදුවා :-)