Thursday, August 28, 2008

රැහැයියෝ


රැහැයියන් දකින්න අපහසු වුවද, උන්ගේ ගීත අසා නොසිටීම අසීරු කාර්යයකි. කුඩා කල සිට මා මුන්ගේ ගීත අසන්නේ ලොකු ආසාවකින්. උන් හැමදෙන එකවර නිහඩ වන්නේ කෙසේ ද යන්න මට තවම පුදුමයක ට හේතුවකි. ඔබ දන්නව ද එසේ නවතින හැටි? උන් එකවර නිහඩ වූවිට ඇතිවන මොහොත අපූරුයි. දහස් දෙනෙක් එකවර එකඟව හඩ නතර කරන්න උන් අතර යම් බසක් ඇත්ද? කියන ගීතයේ යම් සැකසුමක් තිබේ ද?

මේ කෘමී විශේෂය ලොව පුරාම පැතිරී ඇත. අප රටේ නැති තැනක් සොයා ගත නොහැක. නමුත් උන්ගේ ගිතය ට ඔබ සැබැවින්ම අසා තිබේ ද? උන්ගේ හඩ වෙනස් වන බව තේරේවි. තැනින් තැනට. මොහොතින් මොහොතට.

රැහැයියාට ඉංගිරිසියෙන් කියන්නෙ "ක්‍රිකට්" (cricket) කියලයි. විශේෂ 900කට වඩා සිටින මොවුන්ගේ ගීත විශේෂයෙන් විශේෂය ට වෙනස් වෙ. උන් බොහෝ අතින් තණකොළ පෙත්තට සමානයි. උන්ට සෑහෙන්න දුර/උඩ පනින්න පිලිවනි ( අඩි තුනක් පමණ).

උන් ගැන බොහෝ කට කතා සහ විස්වාස ගෙතී තිබෙන්නේ, උන්ගේ හඩ නිසයි. ගෙදරින් පිටවන විට උන් නිහඩ වූවොත් ඒ ගමණ අසුබ බව සමහරුනගේ විස්වාසයයි. උන්ව ගෙදරක ඇතුලට විත් ශබ්ද කිරීම වාසනාවන්ත බව සමහරු සිතයි. චීනයේ හා ජපානයේ උන් කුඩා කූඩුවල දාගෙන ගෙවල් ඇතුලේ ඇතිකල බව සඳහන් වේ. ගෙදරට අමුත්තන් පැමිනිවිට අමනාප නොවී පිටවී යන බවට මතයක් තිබින. උන්ගේ වාදනය ඉතා මිහිරි ලෙස සලකන අය, ගෙවල ඇති කලහ.

රැහැයියන් සබ්ද නගන්නේ උන්ගෙ කටින් නොව. පියාපත් වලිනි. එනිසා එය ගායනයක් නොව වාදනයකි! අනෙක මේ වාදනය කරනුයේ පරිමි සතුන් පමණි. උන්ගේ පියාපත් මේ සඳහා විසෙසුව සැකසි ඇත. එනිසා පියාසර කරන්නට බොහෝ රැහැයියන් විසේසනයනට නොහැකිය. වමත පිහිටි පෙර පියාපත යට දාර ඇත. මෙය අංශක 45 පමණ ඔසවා, දකුණු පියාපතේ පිටුපස ඉහල පියාපත සමග එකිනෙක ගාවයි. මෙම දකුණු පියාපත ගොරෝසුය. මෙය ක්‍රමය, හිස කෙස් පිහිරන පනාවක් නිය පොත්තෙන් සූරනවා මෙනි. මෙම ක්‍රමයට "ස්ට්‍රිඩියුලේෂන්" ( stridulation) යැයි කියනු ලැබේ.


මේ වාදනයට හේතුව, පරිමි සතකු, ගැහැනු සතකු ලඟට ගෙන්වා ගැනීමයි. අපේ සමහර අයත් ඕක කරනව - හින්දු චිත්‍රපට වල බොහෝ විට වෙන වැඩක්. මේ වාදනය හතර විදියකට වන බව සඳහන් වේ.
1. වැඩිම ශබ්ද නැගීම ගැහැණු සතා ට තමාව සොයාගෙන ලං වීමට යි ( අනෙකෙ පිරිමි සතුනට ඈත්විමට යි!).
2. ගැහැනු සතා ලංවූ විට ශබ්දය ඉතා අඩුකර වාදනයක් කරයි.
3. පිරිමි සතෙක් වාරදිලා හෝ ලං වුවහොත් ඉතා "නපුරු" වාදනයක් කරණු ඇසෙයි!
4. ගැහැණු සතා සමග එක්විමේදී කෙටි "සංසර්ග" වාදනයක් කරයි.

මෙම විබහළ ට ගොස් වාදනය අසතෑකි!
http://buzz.ifas.ufl.edu/489a.htm

ගැහැණු සතාගේ "කන" ඇත්තේ උගේ පාද වල හන්දිය ලඟ යි.
ගැහැනු සතා බිත්තර 2000 ක් පමණ එකවර පිටකරයි.

මුලින් කී පරිදි එක් එක් විශේෂය අනුව මේ වාදනය වෙනස් වේ. එමෙන්ම උෂ්ණත්වය අනුව ද වෙනස් වේ. උෂ්ණත්වය වැඩිවිමත් සමග රිද්ම වේගය වැඩිවේ. එම වැඩිවීම කෙතරම් සූක්ශමද කියතොත්, සමහර රැහැයියන් විශේෂ වල නාදයෙන් උෂ්ණත්වය මැනිය හැකියි. මෙයට "ඩොල්බෙයාර්ගේ නියමය" ( Dolbear's Law) යැයි කියණු ලැබේ.

උන් කුණුවන ශාක කොටස්, පුස් හෝ දිලීර වර්ග, කුඩා ශාක, මැරුණු කෘමින් ආහාරයට ගනී. සමහර අප්‍රිකානු හා ආසියාතික රටවල මිනිසුන් උන් ව ආහාරයට ගනී! ඇමෙරිකාවේ ද සමහර අය මෙම කෘමීන් අනුබව කරයි. ( හරි රසවත් ආහාරයක් කියලයි කියන්නෙ! පියාපත් හා පාද තමයි උගුරෙ රැඳෙන්නෙ...)

මුන් පිරිමි සතුන් දෙදෙනෙක් එකලඟ දැමූවිට උන් සටන් කරයි. මෙය ක්‍රීඩාවක් ලෙස චීනයේ කෙරෙන බව කියවේ. මෙවර ඔලිම්පික් ක්‍රීඩාවලියේදී මෙය දැකගත හැකි වේ යැයි බලාපොරොත්තු වූ අයගේ පැතුම් සුන්වී ගිය බව ආරංචි මාර්ග
වලින් කියැවේ :0

උන් "ක්‍රිකට්" ගහනව ද? ඒ වගේ...................


5 comments:

Madhuranga Rathnayake said...

මමත් ඉස්සර රැහැයියො හෙව්වා උන් මොන වගේද බලන්න. සද්දෙ ආවට හරි අමාරුවෙන් තමයි හොයා ගත්තෙ :)

හැබැයි දැන් නම් රැහැයි ගහනය අඩුවෙලා වගේ. ඉස්සර තරම් රැහැයියො දැන් හොයාගන්න නෑ (TV වලයි FM වලයි නම් රැහැයි ගහනය සීඝ්‍රයෙන් වැඩි වෙලා;) )

අද නම් රුහැයියො ගැන දන්නැති දේවල් ගොඩක් දැනගත්තා.

මේවගේ ලිපි කියවන්න මම හරි ආසයි......

ජය෴

නාමල් උඩලමත්ත said...

හරි අපූරු ලිපියක්! ගයාන් වගේ ම මමත් නොදත් බොහෝ දේ ඉගෙන ගත්තා. කෙනෙක් මසැසින් සියුම්වත් ම සොබාදම්හි ඉසියුම් ඉම් කරා යතැයි සිතමි. අප මසැස සියුම් වත් ම අප අවට සොඳුරු බව පසක් වෙයි.
මා කුඩා වියේ ගමේ ඇතැම් වැඩිහිටි අය "ඔය සප්පයා නළව ගනිය. රෑ දෙගොඩහරියක් ඉඳලා රැහැයියෙක් වගේ අඩනවා" යි බවලත් ඇත්තියන්ට වඟ දෙඩුවා මතක ය.

රැහැයි හඬ එදාමෙදා තුර මා සිත පාළු මූසල හැඟුම් දනවන්නේ ඇයි? අප නිවස කඳු හිසක් මත තේ යායකට මැදිව තනිව ම ළැඟ සිටි නිසා ද? මා පියන් පමා වී නිවසට ආ රැයක ඒ හඬ දොර ජනෙල් සිදුරු කර අප හොල්මන් පිරි ලොවක ලේ හලන ගොදුරක් කළ නිසා ද? නොදනිමි. එහෙත් ඒ මොහොත අද මා සිත සදන හැඟුම් කෙතරම් මනරම් ද?

fossurgeon said...

ගයාන් සහ නාමල්,

අපට කුඩා කල මෙවැනි සතුන්, ගස් කොළන් පිරි ගමේ ජීවත්වීම කෙතරම් වාසනාවක් දැයි ඔබට වැටහෙන්නේ ද?

රැහැයි ගහනය අඩුවෙන බව ඇත්ත. තවත් සතුන් කී දෙනෙකුගේ හඩ දැන් දැන් අපට අහිමි වී යනවා ද? තාර ගංගා ගලනව. කොන්ක්‍රීට වනාන්තර ඇතිවෙනව. මිනිසාගේ ආත්මාර්ථකාමි සිතුම් රටාව වෙනස් වනතුරු, ඔකයි සිදුවන්නේ.ගෙම්බො ගැනත් මා ලිපියක් ලිව්වේ....

සමහරුනට උන්ගේ හඩ මූසලය. එසේ සිතිමට හේතුව විපරම් කල විට ඔවුනට එය හරියට විස්තර කිරීම ට බැරි වුවද, මා හිතන්නේ, බොහෝ අයට එම සද්දය ගැන අවදානය ඇතිවනුයේ පාඵ තැනකදී නිසයි. එවිට පාඵව සහ මේ ගායනය හිත තුල සබද වෙනව වෙන්න ඇති.

ඔබේ අදහස් දැක්වීමට තුති

Madhuranga Rathnayake said...

ඔන්න දවසක් ජීව විද්‍යා සිසුවෙකුයි, කලා සිසුවෙකුයි, ගණිත සිසුවෙකුයි, වාණිජ සිසුවෙකුයි, බොර පාටින් ගලාගෙන යන ගංගාවක ඉවුර උඩ ගොම්මන් යාමෙ ඉන්නවලු....

මේ තුන්දෙනාගෙ හිත් වල දැන් මොනවා ඇත්ද? කෙනෙකුට කවි සිතක් පහලවෙයි, කෙනෙකුට වතුර බෝතල් කරන්න හිතෙයි, කෙනෙකුට පාලමක් මෙතන හැදුවොත් මරු නේද කියලා හිතෙයි, තව කෙනෙක් "මේ මොන අපරාධයක්ද, සරු පස නේද මේ හෝදගෙන යන්නෙ, සත්තු කී දෙනෙක් මේ මඩ අංශු නිසා මැරෙනවා ඇත්ද" කියලා හිතයි.

ඇයි මේ වෙනස....

ඔවුන් හරි හැටි පරිසරය හා මිනිසා අතර සබඳතාවය නොදනී. පරිසරයට සමීපත්වයක් නැත. තමුන්ද එහි කොටසක් බව නොදනී. ඒ බව පහල පන්ති වලදී ඔවුන්ගේ ඇගට කා වැදී නැත..... ආකල්පමය වෙනසක් සිදුවී නැත. යම් දිනක ඒ ආකල්පමය වෙනස ඇති වේවි. ඒත් එදාට පරක්කු වැඩිවේවි........????

Unknown said...

Super