දවසක් මා ගසක් යට ඉඳගෙන ඉන්නා විට, මගේ මූනේ මොනවදෝ ගැවෙනවා දැණුනා. බලන කොට සියුම් මකුඵ නූලක්. මම එය ට කටින් පිඹ හැරියා ම එය ලඟ ඇති තවත් ගසක පැටලුනා. එවි ට මා නැගිට එය දිහා අනෙක් පැත්ත ට බලාගෙන යනවි ට පොඩි මකුඵවෙක් ඒ නූල දිගේ එනව. ඌ කොනට ම ඇවිදින් ආපසු හැරී ටික දුරක් ගොස්, නැවත හැරී, මේ දෙස ට ආවා. මෙවර මේ ගස දිගේ ඉහල ට නැග්ගේ තව නූලක් ඇදගෙන. එය උඩින් අලවා එය දිගේ පහලට බැස්සා.
එවෙලෙයි මට තේරුනෙ මකුඵවා දැල් හදන හැටි. දැලේ ඇද හදන හැටි. ඌ සමහර නූල් කා දමනව. උගේ ප්‍රමාණය යි දැලේ දිග පලල බැලුවම, එතරම් සමමිතියක් ඇති දැලක් හදන්න "තේරෙන්නේ" කෙසේ ද යන්න මට තවම වටහා ගන්න බෑ.

කොහොම හරි මකුඵ දැල් ගැන බොහෝ දේ මා සොයන්න ගත්තේ ඉන් පසුයි. ගුරුත්වාකර්ශනය නැති අභ්‍යවකාෂයේ යන යානා වල උන් දැල් හදන බව සොයා ගෙන තිබෙනව. ඒ දැල් පෘතිවිය මත සාදන දැල් වල ට වඩා යන්තමින් වෙනස් වුව ද, සෑහෙන දුර ට සාර්ථක විය. ඇනීටා සහ ඇරබෙලාසේ නම් දී තිවූ මේ මකුඵ දෙදෙන යානය පෘතුවියට නැවත පැමිනීමට පෙර මිය ගොස් ඇත.
ඇමෙරිකාවේ මකුඵවන් කිපදෙනක් එක් වී හදන විශාල දැල් දක්න ට ලැබේ. ලක්දිව ද විශාල මකුඵ දැල් මා දැක ඇත.

මෙම ග්රන්ථ මෙලෙස වෙන්කර නම් කරණු ලැබේ:
Glandula Aggregata ඇලෙන සුඵ දේ සාදයි
Glandula Ampulleceae major and minor ඇලෙන සුප නොවන, ඌ ට ඇවිදිය හැකි නූල් සාදයි.
Glandula Pyriformes නූල් එකිනෙක ට ඇලවීම ට අවශ්‍ය නූල් සාදයි.
Glandula Aciniformes අල්ලා ගන්නා කෘමීන් වටා ඔතන නූල් සාදයි.
Glandula Tubiliformes මකුඵවා ට ඉන්න කෝශය සාදා ගැනීමටයි.
Glandula Coronatae ඇලෙන සුඵ නූල් සාදයි.
මෙම නූල් තුනී වුව තරමේ හැටිය ට ඉතා ශක්තිමත් ය. ඇදෙන සුඵ නිසා තවත් ශක්තිමත් වෙ. එය සැදී ඇත්තේ යම් ප්‍රොටින් වර්ගයකිනි. එය "ෆයිබ්රොයින්" ලෙස හඳුන්ව යි. එහි කල් පැවැත්වීමේ හැකියාව විශේෂ ලක්ෂනයකි.
මෙම නූල් කෘත්‍රිම ලෙස හැදීම ට බොහෝ විද්‍යාඥයන් වෙහෙසෙයි. නව ටෙනිස් ක්‍රීඩාව ට "රැකට" පිති සැදීමට ත්, පතුරන් නවත්වන ඇඳුම් සාදීමටත්, සිරුරේ යම් කොටස් වෙනුවට භාවිතයටත්, සැත්කම් වල දී මැහිමට ත්, නැනෝ තාක්ෂනය ට ත්, මෙවැන්නක් ඉතා සුදුසු වේ යැයි ඔවුන්ගේ අදහසයි.
මකුඵවා
රාජදානිය: ඇනිමේලියා
වංශය: ආත්‍රපෝඩා
උපවංශය: කීලිසෙරාටා
පංතිය: අරැක්නිඩා
වර්ගය: ඇරනී (araneae)
2 comments:
වදකාර යාළුවෙක් ගැන අපූරු විස්තරයක් බොහෝම ස්තූතියි!
කෙලෙස ද වදකාර ? :-)
Post a Comment