Wednesday, July 2, 2008

ඔසු වල වියදම හා ඵල

ලක්දිව සෞඛ්‍ය සේවය, සැමට සෑහෙන පහසුවෙන් නොමිලේ ලබා ගත හැකිය. ආණ්ඩුව මගින් රෝහල් වල සේවයට හා රෝග මර්දනයට, ජනතාවගෙන් කෙලින්ම මුදල් නොගන්නා බැවින්, සෑහෙන හොඳ සේවයක් ඔවුනට ලැබේ.

මෙම සේවය මෙසේ පවතා ගෙන යාමට නම් නාස්තිය සහ වියදම ගැන තියුණු අවදානයක් තිබිය යුතුය. අනවශ්‍ය බෙහෙත් වර්ග සහ අධික මිල බෙහෙත් ගෙනදීම ගැන ඉතා සැලකිලිමත් විය යුතුය. සමහප පිලිකාව "සුවකරණ" ඔසු ඉතා අධික මිලට විකිනෙයි. එම ඔසු වලින් පිලිකාව හොඳ නොවේ. තාවකාලික "පාලනයක්" පමණක් ලැබේ. ආණ්ඩුවට මෙය දරා ගත නොහැකි නිසා මෙවැනි බොහෝ ඔසු ජනතාවට මිලදී ගන්න සිදුවේ. සමහර විට පවුලේ අය කෙසේ හෝ මෙම වියදම දරා ගෙන මෙම බෙහෙත ලබා දෙයි. බෙහෙත ගෙදර දිය හැකි වන්නක් නොව. රෝහලේ දිය යුතුය. බෙහෙතේ "සැර" නිසා ඇතිවන අතුරුඵල වලට තවත් බෙහෙත් දිය යුතුයි. රෝගියා දුක් විඳිමින් එම මාස 6න් 2ක් පමණ ගත කරයි. ප්‍රතිඵලය ඔවුන් අහිංසක වීම හා දුප්පත් බවට පත්වීමයි. රොගියා මසකින් නොව මාස 6 කින් මිය යයි.

අපට වඩා ධනවත් රටවල පවා මෙවැනි කරුණු ගැන ප්‍රෂ්ණ අසන්නට වන්නේ මේ නිසයි. ආණුඩුවකින් සෞඛ්‍යය සේවය ලබා දෙන විට රටවැසියන් සැමගේ සුවසිද්ධිය ගැන සිතිය යුතුය. සුව කල නොහැකි පිලිකා හා අනෙක් රෝග සඳහා අලුත්, ප්‍රතිඵල ගැන විශ්වාසයක් නොමැති, අධිමිල ඔසු ලබා දීම ගැටලු සහගත වේ.

2 comments:

නිලන්ත පියසිරි said...

ලඞ්කා සෞඛ්‍ය සේවය ලොව ඉහලින් තිබෙන බැව් යම් යම් තැන්වල කියැවේ. නමුත් හොඳ සෞඛ්‍ය පුරුදු අතින් අපි එතැන සිටීද? බොහෝමයක් ලෙඩ රෝග සඳහා නරක පුරුදු බලපාන බැව් පැවසෙයි. පිළිකාද එසේමය. ඔසු සඳහා වියදම ගැන මහත් සේ කීවත් අපි රෝහලෙන් කෙතරම් අවැසි ඔසු ලබා ගනිමුද?

fossurgeon said...

නිලන්ත,

ඔබ කියනද් ඇත්ත. නමුත් අපේ රටේ ආර්තික තත්ත්වය සමගත්, ලැබෙන සේවය සැසඳිය යුතුයි. එම සේවාව පවත්වා ගැනීම පවා අසීරු විය හැකි නිසාත්, සීමිත මුදලක් කල්පනාවෙන් යෙදවිය යුතු නිසයි, මා මෙසේ කියන්නේ.