Tuesday, July 1, 2008

අධි ගැඹුරු මුහුදු ජීවීන්

ලොව වැඩි කොටසක් මුහුදින් වැසී ඇත. පෘතිවි ජලයෙන් 97% මුහුදු ජලයයි. ඉන් සුලු කොටසක් අප "දන්නා" නොගැඹුරු මුහුදයි. වැඩි කොටසක්, අප අල්ප ලෙස දන්නා ගැඹුරු මුහුදයි. ලොව ජෛවගෝලයෙන් 80% කිලෝමීටර 1000 ට වඩා ගැඹුරු මුහුදට යටවී ඇත. මෙහි ලොව විශාලම, සැතපුම් 46,000ක කඳු සැටියකි. මෙම පෙදෙසට ගිය මිනිසුන්, අභ්‍ය අවකාශයට ගිය අයටත් වඩා අල්ප විය! නිතල හා අගාධ මුහුදු කලාප ලෙස හඳන්වන මෙම මුහුදු, අපි දන්නා වෙරල අසල මුහුදු කලාප හා සමුද්‍ර නම් මතුපිට මුහුදට වඩා බොහෝසේ විශාලය. නමුත් ජීවීන් වැඩිපුර ඉන්නේ මේ අප දන්නා කලාප වලයි. මුහුදේ අප දන්නා පරිදි ගැඹුරුම තැන, පිලිපීන දූ අසල ශාන්තිකර සාගරයේ "මරියානා අගල" වේ. ගැඹුර මීටර 11,000 ට වැඩිය.

අධි ගැඹුරු මුහුද යනු, කිමිදින අය දකින මුහුද නොව. ඊට හුඟක් යට. මෙහි නව බෙහෙත් වර්ග, ආහාර වර්ග, රසායනික ද්‍රව්‍ය විමානයක් වීමට පුලුවන. ගැඹුරු මුහුද ගැන සොයා දැනගානීම වැදගත් ලෙස සැලකුවත්, පහසුවෙන් යන්න එන්න පුලුවන් තැනක් නම් නොවේ! රොබොට් යන්ත්‍ර යැවීමෙන් මෑතකදී යම් තොරතුරු ලබා ගත හැකිවිය. එහි විශේෂ පරිසර ලක්ෂන කිහිපයකි. එනම්

  • ආලෝකය අඩුකම - ශාක වල ප්‍රභාසංස්ලේෂනයට අපහසුතාවකි. සතුනට පෙනීම භාවිතයෙන් වැඩ කර ගන්න අපහසුය.
  • ඔක්සිජන් අඩුකම - නමුදු ජීවීන් ටික නිසා වැයවීම අඩුවේ.
  • උෂ්ණත්වය අඩුකම - සෙන්ටිග්‍රේඩ් 2-4 දක්වා
  • පීඩනය වැඩිකම - ලොකු සතුනට විශේෂ ගැටලුවක්
  • ආහාර අඩුකම - ජීවීන් අඩු නිසා
එමනිසා මෙහි වෙසෙන ජීවීන් එම පරිසරයට හැඩගැසුනු අමුතුම ස්‍වරූප ගන්නා බව පෙනී යයි. නමුත් සමහර තැන්හි අමුතුම පරිසර හා ජීවන අවස්ථා සොයා ගන්නා ලදී.

ජලතාපික විවර ආශ්‍රිත ජීවි පද්ධති Hydrothermal Vent Communities

මුහුද යට සමහර තැන් කුඩා තාප උල්පත් වලින් සමන්විත වේ. පොලොව තුල ඇති තාපය පිටට එන තැනකි මේ. ඒ තුල අඩිකම උෂ්නත්වය සෙන්ටිග්‍රේඩ් 400 ට අධික වි ය හැකි වන අතර ඊට ආශ්‍රිත ජලය සෙන්ටිග්‍රේඩ් 16 පමණ, 2-100 දක්වා පැතිර යා හැකිය. මෙම විව්ර අවට බොහෝවිට ආලෝකය නොමැත. ප්‍රභාසංස්ලේශනයක් නැත. නමුත් කුඩා ජීවීන් බහුල විය. බට පණුවන් ලෙස හඳුන්වන ජීවින් සමූහ එහි වෙසෙන අතර, එම ජීවින්ට මුඛය, ගුදය, ආහාර මාර්ගයක් නැත. එමනිසා උන් ආහාර ගන්නේ සිරුර මතුපිටින් අවශෝෂනය කිරීමෙන් විය යුතුයි. ආහාර කොයින්ද?

මෙම ගැඹුරු ගමේ ජීවන රහස ස්‍වයංපෝෂී බැක්ටීරියා වර්ගයකි. අර සිදුරු වලින් පිටවන රසායනික ද්‍රව්‍ය සමග උන් ද පිට වේ. උන් එම රසායනික ද්‍රව්‍ය, විශේෂයෙන්ම හයිඩ්‍ර‍රජන් සල්ෆයිඩ් භාවිතා කොට, ජීවීනට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය හදයි. රසාසංස්ලේශනය යැයි කිව හැකිය. බට පනුවන් තුලද මෙම බැක්ටීරියා වර්ග ජීවත් වේ. මීතේන් වායුවද මෙලෙස මෙවැනි සිදුරු වලින් පිටවන්නකි.



එම සතුන් ගේ රූප කිහිපයක් බැලීමට සබැදිකම් පහල ඇත. මේ ගැන වෙබ්‍ අඩවි කිහිපයක් සොයාගත හැක.

සතෙක්- කකුලුවෙක්

අමුතුම සතෙක් :-)

මෙන්න විඩියෝ වාර්තවක් - මුහුදු පතුලේ විවර අසල


මෙයත් ඒ ගැන වඩාත් විස්තර සහිතව - අනර්ග විඩියෝ වාර්තාවක්


No comments: