Sunday, September 14, 2008

සිරිමාගේ වෙන්දේසිය


බුදු රදුන් විසූ නගරයක, සිරිමා නම් ඉතා ලස්සන ඝනිකාවක් වාසය කලා. ඇයගේ මුහුනත් සිරුරත් ඉතා සිත් ඇද ගන්නා සුඵ බැවින් එක් භික්ෂුවක් ද රහසින් ඇයට ඇල්මක් ඇති කරගෙන සිටියා. ඇය සමග යැමට කැමති අය ට කහවනු 2000 පමන ගෙවන්න වුනා. සමහර අය ඊටත් වඩා ගෙවනව.

කෙසේ හෝ ඇය හදිසියේ අසනීප වූ විට ටිම දෙනෙක් ඇය බලන්න ගියා. අර භික්ෂුව ද එතන ට වැඩිය. බුදු රදුන් මෙය දැන ගත්තා.

හදිසියේම ඇය අඩු වයසේම මෙම රෝඟය නිසා මිය ගියා. බුදු රදුන් මේ දැනගෙන, ඇයගේ සිරුර දින තුනක් තබා, ඉන්පසු වෙන්දේසි කරන ලෙස රජතුමා ට දැන්වු වා. අර භික්ෂුව හා අනෙකුත් භික්ෂූන් වහන්සේ සමග, බුදුරදුන් එතනට වැඩිසේක.

මියගිය බව නොකියා, සිරිමා වෙන්දේසි කරන බව නගරයේ දැන්වීමක් කරන ලදී. වෙන්දේසිය පටන් ගත් විට කහවනු 3000න් පටන් ගෙන ඇයගේ මිනිය විවෘත කරන ලදී.

කහවනු 3000 ? කිසිවෙක් නැත. 2000...1000...500...100...10....කවුරුවත් නැත.

කැමති කෙනෙකුට එක් කහවනුවක් වත් නැතිව ගෙන යන්න ට ආරාදනා කලහ. ඒත් කිසිවෙක් නොමැත.

අර මුලින් කියන භික්ෂුව ට ඇයගේ කුණුවී යන සිරුර දැක, සත්‍යය පැහැදුනේ ය.

3 comments:

හේම ජයන්ත කොළඹගේ said...

හිතවත,ඔබගේ මෙම බ්ලොග් පිටුව පුරා මා දුටුවේ
සුවද විහිදුවන යථාර්ථයයි. සැපයි සැපයි හොදයි හොදයි කියා සංඥා විපල්ලාසයෙන් අල්ලාගත් පෙන බුබුලක් වන් රූපය(කය)සහ එයි ආදීනවය මෙම අන්දරය තුලින් කා හට නම් නොවැටහේද??ඔබ විසින් මෙම සටහන තැබීමෙන් අන් අයගේ නෙත පෑදීමට ගත් උත්සාහයේ කුසල බලයත්,ඔබ විසින් මෙනෙහි කල යුතු සාරවත් දේ මෙනෙහි කිරීමෙන් රැස්කරගත් කුසල් දහම් බලයත්,මේ ජීවිතයේම නිවන් මග සාක්ෂාත් කිරීමට හේතුවේවා යැයි අපගේ ශුභාශිංසනයයි.

ඩනිෂ්ක said...

සුභපැතුම්! දිගටම ලියන්න :)

PVGM - Madhuranga said...

මොකද සද්ද නැත්තෙ.... අපි බලන් ඉන්නවා ඊලග ලිපිය කියවන්න....