Monday, September 8, 2008

ගතට ග්‍ලූකෝස්; සිතට?


සිරුරේ ඇතිවන ක්‍රියාවන් සියල්ලටම ශක්තිය ලබා දෙන්නේ ග්‍ලූකෝස් නම් සීනි වර්ගයයි. අප ආහාරයට ගන්නා සීනි සුක්රොස් නමැති අනුචකි. එය සිරුර තුල ග්‍ලූකෝස් වලට හරවනු ලැබේ. අප ගන්නා බොහෝ ආහාර අන්තිමට ග්‍ලූකෝස් වලට හරවනු ලැබෙ. . මොලයට ග්ලූකෝස් නැතුව විනාඩි කිහිපයකට වඩා ගතවු නොත්, අප මිය යනු ඇත. සිරුරේ සෑම ශෛලයටම ග්‍ලූකෝස් අත්‍යවශ්‍යය. ග්‍ලූකෝස් වෙනුවට ෆ්‍රක්ටෝස් යොදවන එකම එක ශෛලයක් ඇත :-)

හොඳයි, එසේනම් ගතට උවමනා ග්ලූකෝස්. සිත ට ශක්තිය අවශ්‍ය බව අප දැන ගත යුතුයි. සිත පහත වැටුනු විට ගතටත් බලපානව. ඇඟට පණ නෑ. කිසිවක් කරන්න බෑ. නොයෙක් ලෙඩ හැදෙනව. සිත ප්‍රබෝදමත් වූ විට අපට පුදුම ශක්තියක් වීරියක් ඇතිවෙනව නොවෙ ද? රෝගත් සුව වෙනව, සමහර විට කිසිම බෙහෙතක් නැතුව! එසේනම් සිතට ශකිතිය ලැබෙන්නේ සතුට මගින් බව වැටහෙනවා. ඉන් ගතටත් හොඳ බලපැමක් ඇතිවනව.

සතුට, සිත තුල ඇතිකර ගැනීමට දුක ඉවත් කල යුතුයි. දුක ඉවත් කිරීමට මග අප දත යුතුයි. සතුට වඩන මග එවිට තේරෙනව.
සතුට වැඩෙන්නෙ උවමනා දේ ලැබුනු විට නොව. එය තාවකාලිකයි. ලැබුනු අවස්තාවේ සිට තවත් කරදර. ඒක නැතිවෙයිද? කැඩෙයිද? කවුරුවත් සොරා ගනීවි ද? ඇත්ත සතුට ලැබෙන්නේ ආසවක් හෝ තරහක් අතහැරියම.

සතුට වඩමු!

1 comment:

Madhuranga Rathnayake said...

ග්ලුකෝස් කියද්දි මතක් උනේ, සමහර රට වල සමහර ගෝත්‍රිකයො තමන්ගෙම මුත්‍රා බොනවලුනෙ. දියවැඩියාව තියෙන කෙනෙකුගෙ මුත්‍රා බීවාම නම් "ග්ලුකොස්" බීවා වගේ ඇත් නේද? ;) ;)