Monday, July 27, 2009

කෙල්ලක් ඔසවා ගත් පැවිද්දා

පැවිදි අය දෙදෙනෙක් දිනක් සක්මන් කරමින් යන විට, අවුරුදු දහසයක පමණ ලඳක්, ලස්සන දිග සුදු ගවුමක් සහ සුදු පාවහන් පැලැදගෙන පාරේ මඩ වගුරක් ලඟ සිටිණු දුටුහ. එක් පැවිද්දකු, ඇය ඔසවා ගෙන ගොස් මඩ සගුරට අනෙක් පැත්තෙන් තබා, දිගටම ඇවිදගෙන ගියා. පැයක් හමාරක් ගතවූ පසු, අනෙක් පැවිද්දා මෙසේ කියයි: "අර ගැහැනු ළමයා ඔසවාගෙන යෑම පැවිද්දකුට සුදුස වැඩක් නොවෙයි නේද?" සක්මන් භාවනාවේ යෙදෙමින් සිටි අනෙක් පැවිදි තැන මෙසේ පිලිතුරු දුන්නේය. " මා එම ළමයා බිම තබා දැන් ගොඩක් වෙලා. ඔබ නම් තවම ඇය ඔසවාගෙන යන බව දැන් නිසැකයි".

4 comments:

චමින්ද said...

waradhi...mada wagurak neme, gangak

Dasun Wanaguru said...

ඔන්න ඕකනේ අපේ සමහරුන්ටත් තියන ප්‍රශ්නේ

kotuwegedara.com said...

ඒ ආත්මයේ අර ගැහැණිය ඔසවාගෙන ගියේ මමය. අනිත් කෙනා ඔබය. මේ ආත්මයේ මතක්වීම යහපති

Anonymous said...

සාමාන්‍යය ප්‍රශ්නයක් හා හොද උත්තරයක්....