මීදුම බීමත් කම ගැන සටහනක් ලියා තිබුණා.
මෙම සටහන ඉතා කරුණාවෙන් ලිවූ වග පෙණී යයි. මෙම බීමත් කම වෙදකමේ නිරත වන අයට ලොකු ගැටඵවක්. මේ අයට බැන වැද හෝ දඩුවම් කොට, මෙය කිසිසේත් විසඳිය නොහැකි යැයි මගේ විශ්වාසය. සමහර විට මා සාර්තක වූ වේ, ඔවුනට ආදරයෙන් කතා කරමින් කරුණු පැහැදූ විටයි. පවුලම එකට ඉන්නා අවස්ථාවක එසේ කිරීම සමහරුනට වඩාත් යෝග්‍ය වේ. මොහු ට තරවටු නොකරන ලෙස පවුලේ අන් අයට කියා දිය යුතුය. නමුත් බොහෝ අයට මේ විදියත් අසාර්තකයි.
මේ අයට පොදු කරුණු මෙසේය. ඔවුන් තමාට ආදරය කරන්න නොදනී. තමාට සමාව දීමට නොදනී. අනුන්ගේ වැරදි තමා මත පටවා ගනී. තමාට වෛර කරයි. තමා ගැන පහත් කොට සිතයි.
මේ බව ඔවුනට පෙන්වා දී, ඔවුනට, ඔවුන් ගැනම පැහැදීමක් ඇතිකල යුතුය. තමාට ආදරය කිරීමටත්, සමාව දීමටත් තම යුතුකමකැ යි පැහැදී ගියොත් පමණකි, සැබෑ සුවයක් ලැබෙන්නේ. අනෙක, තමාට ආදරය කරන්න බැරි අය, අණුනට සැබෑව ආදරය කරන්නේ කෙසේ ද?
මේ මගේ පුද්ගලික මතයයි.
Thursday, July 31, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment