වේවැල් කෝටු නාරං සියඹලා අතු
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය අතු
මෙ හැම ඉපල් මගෙ දෑතට නොපෑ යුතු
පමා නොවී එමි අකුරට මෙයින් මතු
පාසැල් අවදියේ ගුරුවරුන් ගෙන් අපට නොයෙක් විදියේ දඬුවම් නොලැබුණු අය සුලභය. වත්මන් පාසල් තුල මෙවැනි දඬුවම් ළමුනට අහිතකර බවත්, ඔවුනගේ මනසට අහිතකර පමණක් නොව, එය ඔවුනගේ වැඩිහිටි ජීවිතයට පවා බලපා හැකි වගක්, ළමුන්ගේ මානසික රෝග පිලිබඳ විශේෂ ඉගෙනීමක් කර ඇති සමහරු කියයි. දැන් පාසැල් වල ගුරු දෙගුරුන් ළමුනගේ දෑතට කිසිවක් පෑමට පෙර දෙවරක් සිතනු ඇත!
ඉතා ඉවසිලිවන්ත, කරුනාවෙන්, මෛත්‍රියෙන් පිරී ගිය හදවත් ඇති ගුරුවරුනට, දරුණුම, කම්මැලිම ළමුනද හොඳ සිසුන් බවට පත්කර හැකි බවට විශ්වාසයක් තිබෙනව වගේ මට පේන්නෙ. නමුත් මෙය සත්‍ය ද? "කම්මැලි කොළ්ලන් " වැඩිවෙයි ද?
කම්මැලි කොළ්ලනේ
පොල්කටුව ගෙන අතටේ
පලයව් හිඟමනේ
තොපට නැත කිසි වැඩක් මෙතැනේ.
මෙහි අතුරු විපාක හෝ සාර්ථකත්වය සමාජයේ හැසිරීම හා දෙගුරුන්ට දක්වන ආදරය, කරුනාව හා දායාදයෙන් නුදුරු අනාගතයේ දැක ගත හැකිවේවි.
Thursday, June 19, 2008
Subscribe to:
Post Comments (Atom)
2 comments:
මම ත් එකඟයි දඩුවම් නොදීමට. "හරි පුදුැම ඉස්කෝලෙ" පොත මතක ඇතිනෙ. දඬුවම් නොකර ළමයි හදන හැටි.
දඬුවම කියන්නේ එතරම් සුදුසු දෙයක් නෙමෙයි. එහෙත් හැම දේටම දඬුවම් කරන එක වගේම මොනව කළත් ඳඬුවම් නොදී ඉන්න එකත් එච්චරම සුදුසු නැහැ.
අද කාලයේ ප්රශ්නය වී තිබෙන්නේ පා සල් වල ළමුන්ට දඬුවම් කරන ගුරුවරුන් තුල කිසිඳු මිනිස් කමක් නැති කමයි. උදාහරණයක් ලෙස මගේ පා සලේ විනය භාර ගූරුවරයා හමුදා සේවයේ සිටි කෙනෙක්. එ නිසා ඔහු උත්සාහ දරන්නේ හමුදාවේ හෝ ශිෂ්‍ය භට ඛණ්ඩ වල හෝ අයුරින් විනය ඇති කරන්න. (ඔහු මෑතකදී මගේ මිතුරෙකුට දඬුවම් කළේ තවත් මිතුරෙකුට ඈත සිට අත වැනීම නිසා!!!) ඒ වගේම දඬුවමේ දී පවා ඔහු යාන්ත්‍රිකයි. ඔහු ගෙන ආ නොයෙක් නීති රීති (හමුදාමය) නිසා බොහෝ සිසුන් පීඩා විඳිනවා. ඒ වගේම බොහෝ සිසුන් තුල ඔහු කෙරෙහි ඇත්තේ නොකැමැත්තක්.
එහෙත් පොදුවේ පන්ති කාමර වල තත්වය මීට වෙනස්. උගන්වන ගුරුවරයා දෙන සුළු දඬුවමකට ළමුන් තුල තරහක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒ ගුරුවරයා කෙරෙහි ගෞරවයක් සිසුවා තුල තිබෙන නිසා. ඒ වගේම ඒ ගුරුවරයා දඬුවම් කරන්නේ යාන්ත්‍රිකව නෙමෙයි. කරුණු සොයා බලා. ඒ වගේම ඔහු/ඇය දඬුවම් දෙන්නේ සිසුන්ගේම දියුණුව තකා - මේ බව බොහෝ සිසුන්ට අවබෝධ වී තිබෙනවා. මේ නිසා මේ වගේ ආදරයෙන්-කරුණාවෙන් දෙන දඬුවම් නිසා සිසුන්ට මානසික පීඩා ඇතිවෙන්නේ නැහැ.
එහෙත් කලින් කියූ තත්වය වෙනස්. ඒ ගුරුවරයා හදන්න යන්නේ සිසුන්ගේ බාහිර දේ - ඒ කියන්නේ අනාගතයට වැදගත් නොවන දේ. (උදා: සපත්තු "පොලිෂ්" නො කර තිබීම, කලිසමේ "ලූප්ස්" තිබීම) මේ වගේ දේකට දඬුවමක් දුන්නම ඉතින් අර ගුරුවරයා කෙරෙහි තරහක් - ඒ වගේම මානසික පීඩාවක් ඇති වෙන එකත් පුදුමයක් ද?
මේ නිසා දඬුවම කියන්නේ දෙන්නන් වාලේ දිය යුත්තක් නොවේ. ඒ ඒ සිසුවාට ගැලපෙන ලෙස , කරන ලද වරදට ගැලපෙන ලෙස , සිසුවා පිළිබඳව දන්නා ගුරුවරයෙකු විසින්, ආදරයෙන් කරුණාවෙන්, සිසුවාගේ අනාගත අභිවෘද්ධිය අරමුණු කරගෙන දිය යුත්තක්. එහෙත් අද බොහෝ තැන් වල දකින්නට ලැබෙන්නේ යාන්ත්‍රික වූ දඬුවම් රටාවක්. මෙය පා සල් සිසුවෙකු ලෙස මා දකින්නේ අනාගත පරපුරට මානසිකව අහිතකර ලෙස බලපාන දෙයක් හැටියට.
Post a Comment