පුනරුප්පත්තිය ගැන අදහසක් අප අතර තිබුනත්, සමහර ආගම් වලින්ද සත්‍යයක් ලෙස දෙසුවත්, එය සත්‍යයක් ලෙස සාමාන්‍ය ජීවිතයට හා ආණ්ඩු ක්‍රමයට යොදවා ගන්නා බවක් නොපෙනේ. එසේ නොකිරීම රටටත්, සමාජයටත්, ජාත්‍යන්තර සබදකම් වලටත්, සතුන්ගේ ජීවනයට හා ආරක්ෂාවටත් අසාදාරනයකි.
මෙම අදහස බහුල ලෙස පැතිර ගියහොත් රටක් තුල ලොකු වෙනසක් ඇතිවනු බව නියතයි. මේ ගැන මදක් සිතමු. අපි එක් එක් ආත්ම වල නොයෙක් රටවල උප්පත්තිය ලැබෙන බව ඇත්තටම තේරුම් ගත් විට රටවල් අතර ගැටම් අඩුවෙනව. "පිට රට" කියල හිතන එක වැරදි බව තේරෙනව!
මිනිසුන් පමනක් නොව, දේව, භූත, පේත, සත්ව යන සෑම ජීවීන් ගැන එකවිට සැලකිමට සිදුවේ. ඇයි? සමහර විට ඔවුන් මිනිස් ලොව ඉපදිය හැකි නිසයි. එපමණක් නොව, අප එලොව ඉපදිය හැකි නිසයි. එමනිසා ඒ හැම ලොවේම අය සමග සුහද ලෙස ජීවත් වීම හා ඔවුන්ගේ සතුට ගැන අවදානය අප තුල පිහිටිය යුතුය. ඔවුනට අදාල පින්කම් ආදිය පුද්ගලිකව පමණක් නොව, ආණ්ඩුවේ සහාය ඇතුව ද කල යුතුය. එමෙන්ම, සතුන් ගැන නීති පැනවීමේදී එය, පුද්ගලිකව සිතා එසේ කල යුතු. උදාහරණයකට තමා අලියෙක් වී ඉපදිය හැකියැ යි සිතා, අලින්ගේ සුවසිද්දිය ගැන සිතා මතා සුදුසු නීති මාලා හරහා වැඩ පිලිවෙලක් ක්‍රියාකිරීමට සිදුවේ.
මිනිසුන් කරන කුසල් හා අකුසල් කර්ම සුදුසු ලෙස ලියා පදිංචි කිරීමෙන්, අනාගතයේ ඇතිවිය හැකි කර්ම විපාක ගැන යම්විදියක තක්සේරුවක් කිරීම මැනවි. නැවත මිනිස් ආත්මයක් ලිබීමේ ප්‍රවනතාව ගණනය කිරීමට ක්‍රම සහ විධි ගැන ආචාර්යවරුන් වෙහෙස වනු ඇත.
අංග විකල ළමයි බිහි වූ විට ඊට හේතුව පෙර කර්ම නිසා යැයි පැහැදිලිව තේරුම් ගෙන, ඉන් ඉහත ආත්ම වල එසේ නොවිමට, එම ළමයා හැකි තරම් පින්වන්තව ජීවත් වීමේ වැදකත්කම ඔහුට පසුව දැනිවිය යුතුවේ. ඔහුට ඒ පින් කරගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීම, ආණ්ඩුව විසින් පත්කරන විශේෂ මණිඩලයක් හරහා කෙරෙනු ඇත. එවැන්නෙකුට උදවු කිරීමෙන්, උදවු කරන අයට එසේ ඉපදීම වැලකිය හැකි වේ.
වැඩිහිටි මහලු අය සමාජයට වැඩක් නැති අය ලෙස නොව, අනාගත පරපුර ලෙස සැලකෙනු ඇත. ඔවුන් නොසලකා හැරියොතින්, නැවත ඉපදුනු ඔවුන්, ඒ අයට ද එසේම සැලකිය හැකියි. ඔවුන් ළමයින් ලෙස උපත ලබා, අර නපුරු අයට බොහෝ වද දුක දීමට පෙලඹීමට ඉඩ තිබේ. මෙලෙස සිතන දැන් තරුණ අය, වයසක උදවියට මීට වඩා සැලකීමට පුලුවන. දේශපාලනය කරණ අය, අවුරුදු 5ක සැලැසුම් නොව 100යක සැලසුම් ද ලිවීමට සිතන්නට පටන් ගනියි. ඇයි, ඔවුන් ඊලඟ ආත්මයේදිත් මෙරටම උපන්නොත් එහෙම, කියල සිතන නිසා. තමාගේ ළමයින්ගේ අනාගතය පමණක් නොව, තමාගේ අනාගතයට ද සිත යොමු කරන්න වෙනව. නොයෙක් රටවල් අතර ගිවිසුම් සාදා එකිනෙකා යම් තත්ත්වයකට ගෙන ඒමට වඩාත් මහන්සි වනුයේ, අනික, තමාගේ අනාගත රට විය හැකි බව දන්නා හෙයිනි.
සත්වයින් දිහා බලන විට, කිසිම සතෙක් මරා දැමීම හෝ මරා මස් කැම නිති විරෝදී වනු ඇත. මිනිසෙක් මරාගෙන කෑමක් සේම දරුණු වරදක් ලෙස සලකන්න වෙනව. කැටපෝලයෙන් විද මරන ලේනා, තමාගේම මැරුණු පියා විය හැක, තමා අනුබව කරන්නේ කුඩා කල නැතිවුනු තම සහෝදරයා විය හැකියි.
සිසුන් සහ දෙගුරුන් අතර ඉතාම සුහද සබදතාවක් ගොඩනැගෙන්නේ, ඔවුන් මාරිවෙන් මාරුවට සිසුන් හා ගුරුවරුන් වන බව වැටහීමෙනි. සංගමයක උසස්ම නිලධාරියා, පහළම කෙනාට හොඳින් සලකන්නේ, ඔහු පසු ඇත්මයක, එතනම, අර වගේ පහල රැකියාවකින් පටන් ගත්තොත් කියල හිතන නිසයි.
මිනිසුන් නිහතමානී විමටද මෙම සංකල්පය බෙහෙවින්ම පිහිටවෙනව. මරණය ගැන සැමවිට සිතනව. උපත සහ මරණය අතර කාලය, සංසාරයේ එක් කොටසක් බව දන්නාවිට, මරණය ගැන බය අඩුවෙනව. සංසාර ගමණ නවත්තන්න හිතෙනව - නැතිනම් ආයිත් බබෙක් වෙන්න ඕනැ, පාසැල් යන්න ඕනැ, විභාග කරන්න ඕනෙ නේද?
සසරෙන් එතර වීමට ආණිඩුවෙන් සම්පූර්ණ අනුග්‍රහය දැක්වෙනව. ඔබට අවශ්‍ය වන භාවනාව ඉගෙනීම, එම කිරීමට අවශ්‍ය තැන්, ආහාර යනාදිය ලභා දෙනව. ඒ අය සමාජයට විශිෂ්ට සේවයක් කරන බව ආණ්ඩුව සලකනව.
මොකද ඔබ සිතන්නෙ මේ අදහස ගැන? ඔබ සියුම් සිනහවකින් මෙය කියවූ යැයි සිතමි!
Tuesday, June 24, 2008
Subscribe to:
Post Comments (Atom)
2 comments:
ඔබේ අදහස් ඉතා වැදගත්. ලංකාවේ බෞදධයන් විදිහට අපත් නිතර පුනරුප්පත්තිය ගැන අදහසක් තිබීම හොදයි. ඊලග බවය කුමක් වේවිද. නිවන් දකින තුරු අප කරන දේ විවධ පුනර් ජිවත වලින් අපට විදින්නට සිදුවේවි.
තවත් දෙයක් මේ ගැන අදහසක් ගන්න පුලුවන් මරනාසන්න අද්දැකිම් ලැබු අය සමග කල ප්‍රරේශන බැලුවිට Near death experiance
www.lankadanweempituwa.com
http://templs.lankadanweempituwa.co.cc/
ඔබේ අදහස් සතුටින් පිලි ගනිමි. මරනාසන්න අද්දැකීම් පිලිබඳ මා ලියු සටහන
http://suvasayura.blogspot.com/2008/06/blog-post_2927.html
Post a Comment