නිරෝගී බව නම් උතුම් ලාභය සොයමින් යන ගමනක්....
පුල්ලි කවියකි
සිංහළ ද සිංහල ද "හරි" යන්න
බස දන්න උතුමනට බෑ විසඳන්න
කැමති විදියට ඔබ එය ලියන්න
මේ ප්රශ්නය මීට පෙරත් මතුවුණා. පසුව බොහෝ දෙනා සම්මතයකට පැමිණ එය විසඳ ගත්තා. යළි තුරුදැලේ 'සිංහළයක්' ලියන්න ගත්ත ම මම සංහිඳේ මේ ගැන ලිපියක් ලීවා. ඒත් 'සිංහළ' කියලා ලියන අය එතනදි හරවත් සංවාදයක් ගොඩ නඟන්න උත්සහ කළේ නැහැ. බලන්න-http://sanhindha.blogspot.com/2008/08/blog-post.html මට හිතෙන්නේ මේක එක්තරා භින්න මානසිකත්වයක්. ඇත්තට ම අපට ඕන අනිත් අයට වඩා වෙනස් කියලා පෙන්නලා කැපී පෙනෙන්න. ඒක හොඳයි. ඒත් අපි කැපී පෙනෙන්න ඕන හොඳ යමක් කර මිසක් මොනව හරි කරල නෙවෙයි නේද?
නාමල්,ඔබේ බ්ලොග් සටහන් මා කියවනවා. ඔබ කියන සටහන මා දුටුවා.පැහැදිලි හේතු සහිතව යමක හරි වැරදි තෝරා බේරා ගත නොහැකි නම්, ඒ ගැන වාද කිරීම නිස්ඵල වේ.
මිතුර, මම ද කිසිවෙක් සමඟ වාදයට නොයමි. වාදයෙන් කිසිවක් නිරවුල් කර ගත නොහැකි ය. වාදයට එළඹෙන්නාගේ පරම අරමුණ ඉන් දිනීම ය. සත්‍ය මතු කර ගැනීමක් එහි නොවේ. බුදුන්වහන්සේ තර්කය අවියක් කරගත් වාදය ප්‍රතික්ෂේප කළ සේක. කාල් මාක්ස් වරක් කීවේ තර්කය යථාර්ථයේ පරම ප්රතිපක්ෂය බව ය. එහෙත් මම පැවසුවේ සංවාදයයි. නැත සුසංවාදයයි. එය විය යුත්තේ සත්‍ය මතු කර ගැනීමේ එක ම අරමුණින් ය. සත්‍යය සොයා පාදා ගැනීම සියල්ලන්ගේ ජයග්‍රහණයයි. එහෙත් ඒ සඳහා අප තුළ අසීමිත නිහතමානීත්වයක් නම් තිබිය යුතු ම ය.ඔබ කියන්නේ මා එහි පවසා ඇති දේ අතාර්කික බව ද? පිළිගත නොහැකි බව ද? එසේ නම් ඊට විකල්පයක් ලෙස ඔබට දැක්වීමට ඇති කරුණු මොනවා ද? ඔබේ සිව්පදයේ කියවෙන පරිදි ඕන කෙනෙක් ඕන විදිහකට ලියන්න යන්න ද ඔබේ මතය? එමගින් බසේ මතු ඇති ගැටළු නිවාරණය වේ ද? මා දක්වා ඇති කරුණු සහ එහි ඇති අතාර්කික බව ද 'සිංහළ' යනුවෙන් ලිවීමට ඇති ව්‍යාකරණමය පසුබිම ද දක්වනු මැනවි. එවිට මම ද ඔබ හා එක්වෙමි. සිංහළ යයි ලියමි. එහි දී සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘතිවලින් නිදසුන් දැක්වීම වැදගත් ය. එසේ නොමැතිව දේශ ප්‍රේමයෙන් විමසුන් ඇස අඳ ව ලෝකයේ ආරම්භය අපේ රටෙන් වී යැයි පවසන්න්ගේ විදුහුරු නොවන මත පිළිගැනීම අප වන් බෞද්ධයින්ට තරම් නොවේ. දේශමාමකයින්ගේ වඟකීම නැති දෑ මැවීම නොව පැවති දෑ කැණ පෙන්වාලීම ය. පවතින හොඳ දෑ පවත්වාගෙන යාම ය. යමෙක් කී පමණින් අප යමක් පිළිගන්නේ නැත. එසේ වූ බවට කි.පූ.3 වන සියවසේ සිට පැවැත එන ලිඛිත සාහිත්‍යයෙන් නිදසුන් පෑ යුතු ය. ඔබ කිහිපදෙනෙකු ඇරඹු 'හෙළ හෙළිය අඩවිය'ට මම සුපතමි. එහි අරමුණු මැයෙන් එන සිරස යට මුලින් ම දක්වා ඇත්තේ "බස හා වියරණය ගැන ගැටළුවක් ඇති විට, කුමරතුඟුවන්ගේ මඟට මුල් තැනක් දෙමු. ඒ සඳහා, "ව්‍යාකරණ විවරණය", "ක්‍රියා විවරණය", "සුබස" වැනි පොත් ගුරු තන්හි ගබා ගනිමු." යනුවෙනි. කෙතරම් අගේ ද? ඒ අනුව සිංහල නිවැරදි වහර බව කුමරතුඟුන් පැවසූ සැටි සුබසින් උපුටා දැක්වීමි. එවිට ඔබ කුමරතුඟුන්ගේ මඟ නොගන්නේ ඇයි? ඔබ සංහිඳ කියවන බව දැනගැනීම සතුටකි. මා ලියන දෑහි ඔබ දකින අඩුපාඩු එහි සටහන් කරන මෙන් උදක් ම ඉල්ලා සිටිමි.
මා හට සොයා ගැනීමට නොහැකි නිසා විමසමි. "සිංහල" යන වදන කොතරම් පැරණි ද? පැරණිම යෙදීම කොහේ යෙදී ඇත්ද?
නාමල් කියන දේ මට වැඩක් නැත. ඇයි? මගේ කවියේ දක්වා ඇති පරිදි, මා ලිවූ සටහන අණුව, මෙම ගැටලුවට විසඳුම සෙවිය නොහැක. කුමරතුඟුන් ගේ අදහස ට පටහැනි අදහස් ඇති අය සිටියි. කව්ද හරි යැයි නිගමනය කිරීම ට සාදක නැත.
යහපති යහපති මා පවසන දෑ ඔබ පිළිගත යුතු නැත. මම එය ඔබෙන් බලාපොරොත්තු නොවෙමි. මගේ පැනය ඔබ හෙළ හෙළියේ බස වියරණය ගැන ගැටළුවක් ඇති විට කුමරතුඟුන් අනුයන්නැයි පවසා දැන් අනෙකක් දෙඩවීම ය. ඔබ මුලින් එම මඟ අපට යෝජනා කළේ කුමරතුඟු මතයට වෙනස් මත ඇති බව නොදැන ද? එසේ නම් දැන් ඔබ කියන්නේ බස වියරණය ගැන ගැටළුවක් මතු වූ කළ තමන් කැමති දෙයක් ලියන්න යන්න ද? ඔබේ මතය සහ සුභද්‍රගේ අභද්‍ර වචනය අතර වෙනස කුමක් ද? මට නම් එහි වෙනසක් නැත. මතක තබා ගන්න බස යනු පොදු සම්මතයකි.රාජිත, මා 'සිංහල' යන්න සම්භාව්‍ය සාහිත්‍යයෙන් ගෙන හැර පා නම් ඔබ එය පිළිගන්නවා ද? නැත කිසිසේත් නැත. තමාගේ වරදක් ඇතැයි පිළිගැනීමට විසල් මනසක් ද දැවැන්ත පෞරුෂයක් ද අවශ්‍ය ය. එහෙත් ඔබ එය සලකන්නේ තම ජීවිතයේ විඳින්න සිදුවූ බලවත් ම නින්දාව වශයෙනි. පරාජය වශයෙනි. ශාස්ත්රාභිලාෂියා තුළ පැවතිය යුත්තේ අන් සියල්ලට වඩා නිහතමානි බව ය. එසේ නොවූ කල අප තව තවත් කරුණු ගෙන හැර පෑමෙන් කවර පලයක් ද?
නාමල්,ඔබගේ මහාමානයට වඩා මගේ හීන මානය මට හොඳය. ඔබේ සුවිසල් මනසට වඩා මගේ කුඩා මනස මට හොඳය"සිංහල" යන්න සකු වදනකි. එහි හෙළ වදන "සිංහළ" හෝ "සිහළ" යන්න යැයි මාගේ පිළිගැනීමයි. එය ඔබ පවසන ලෙස "සිංහ+හෙළ" හෝ මා සිතන ලෙස "සිවි හෙළ" වලින් බිඳී ආ වදනක් විය හැකියි. නමුත් නුමුසු හෙළයෙන් එය ලිවීමට ඇවසිනම් එය "ළ" විය යුතුයි.තවද ගැටළුවක් ඇති විට කුමරතුඟුවන්වන් ගිය මග යන්නැයි පවසා ඇත්තේ කොහේදීද?ඔබ සම්භාව්‍ය සාහිත්‍යයෙන් හෝ එසේ නොවන සාහිත්‍යයෙන් හෝ "සිංහල" යන වදන යෙදී ඇති තැන් ඉදිරිපත් කරන්න. මා එය නින්දාවක් ලෙස සලකා පිළිනොගත්ත වුවද තවකෙකුට එය වැදගත් වනු ඇත.
හා! හා! මා හා උරණ නොවන්න. එය ඔබට තරම් නොවේ. මා කීවේ මා සතු විසල් මනසක් ගැන නොවේ. එහෙත් කුමරතුගුනට එවැන්නක් තිබිණි. 'මා බස හෙළ බස' ලිපියේ තැනෙක මා දක්වා ඇති පරිදි කනිටු කණිටු යන්න පිළිබඳ හේ දැක්වූ අදහස් ඊට කදිම නිදසුනෙකි. අප උත්සහ කළ යුත්තේ එවන් ගුණ අප තුළ වඩා ගැනීමට ය. සිංහල යන වදනේ විකසනය ගැන මා කීවේ අදහසක් පමණි. එය මා පවා දැඩි ලෙස එල්බ ගත්තක් නොවේ. එය විවරණය කිරීමේ අයිතිය සැමට ඇත. මට අවැසි සත්‍ය මතු කර ගැනීමට මිස 'මම සර්වතෝභද්‍ර වෙමි'යි ස්වයං මෝහණය වීමට නොවේ. 'සිංහල' යන සකු වදන නුමුසු හෙළයෙන් ලියූ විට එය හෙළ වදනක් වේද? එසේ නම් 'සිලෝන්' 'ශ්‍රී ලංකන්' යන වදන් ද සිංහල විය යුතු ය. මන්ද ඒවා ඉංග්‍රිසී වදන් වුව ද ලියා ඇත්තේ නුමුසු හෙළයෙනි. අහෝ! එසේ නොලිවිය හැකි වදනක් ලොව කොයි බසක වේද? රාජිත, මා හා උරණ නොවී නිවීහැනහිල්ලේ ටිකක් හිතුවොත් නරක ද?කුමරතුඟු මග ගැනීම ගැන පැවසෙන්නේ 'හෙළ හෙළිය' නම් විකියේ හෙළ හෙළියේ අරමුණු තීරුවේ මුල ය. http://helaheliya.net/wiki/%E0%B7%84%E0%B7%99%E0%B7%85_%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A_%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94 ඔබ අවංකව සිංහල බසට ළැදියෙකැයි මම සිතමි. ඒ ගැන මා කුළ ගෞරවයක් ඇත. එහෙත් බස නසන්නන්ට පෙර දැක්වූ ඔබේ න්‍යාය හසු වුවහොත් ලොව සියලුම බස්හි වදන් සැනෙන් නුමුසු හෙළ වදන් කරනු ඇත.සිංහල යන්න යෙදීමේ නිවැරදි බව දැන ගැනීමට අවැසි කෙනෙකුට 'මා බස හෙළ බස' ලිපිය ප්‍රමාණවත් යයි සිතමි. අනෙක් අතට මෙරට අතිබහුතරය 'සිංහල' යයි ලියති. ඒ දැනුම සම්ප්රදාය විසින් ඔවුනට ලබා දී ඇත. බසේ සම්ප්රදාය ඔබ නොපිළිගන්නේ නම් නිදසුන් කුමට ද? යළිත් පවසමි. ඔබ සිංහල යනු නිවැරදි වහර යයි පිළිගනී නම් පමණක් නිදසුන් දක්වමි. ඔබේ සිත රිදෙන යමක් මා'තින් ලියැවිණි නම් සමාවන්න.
නාමල්,මා කිසිවිටක උරන නොවීමි. නමුත් ඔබ අනෙක් අදහස් පහත් කොට සලකා ඇද්දැයි සිතුනි.හෙළහෙළියේ අරමුණු වල ඇත්තේ මෙසේය. 1. බස හා වියරණය ගැන ගැටළුවක් ඇති විට, කුමරතුඟුවන්ගේ මඟට මුල් තැනක් දෙමු. මුල් තැන දීම හා එම මග ගැනීම දෙකකි. කුමරතුඟුවන් ම විරිත් වැකියේ පිවිසුමෙහි මෙ සේ කියා ඇත:පොරණුන් කළ කී දේ හැම මුදුනත් දී පිළිගැනීමතිරිසන් බව මිනිස් බවට වැඩි යැ යි වැනි කියා-පෑමඑ හෙයින් ඔබ හිස් ද නොහිස් බව හඟවන්නට ඉතා මනිසි වන් නේ මෙහි පැවැසුණු දෑ නුවණින් පිරික්සීමසත් කරු ගත් කරු පමණ - ඔබ හට කරුණෙක් නො වේ.දෙවියකු කී දෙයක් වත් - කරුණු නැති වැ නො අදහනු.එනිසා කුමරතුඟු කී පමණින් ම එය පිළිගත යුතු නොවේ."සිංහල" යන්න වැරදි බව කිසි තැනක මා කියා නැත. එයත් නිවැරදිය. නමුත් එය පමණක් නිවැරදියි යන්න පිළිගත නො හැක. මා හට දැන ගැනීමට ඇවසි වන්නේ "සීහළ" යන්න "සිංහල" වූ යේ කෙසේද කොයි වක වානුවේ ද යන්න පමණි. එය මෙම පැනය විසඳා ගැනීමට ඉතා වැදගත් වේ. එනම් "සිංහළ" යන්න නිවැරදි ද යන්නයි.
"සිංහළ" යන්න "සිංහල" යන සකු වදන හෙළයෙන් ලිවීමම නොවේ යැයි මට හැඟේ. එය හෙළ වදනක් ලෙස පිළිගත හැක. මන්ද යත් එය සෑදුන අයුරු ගැන ප්‍රවාදයක් තිබීමයි.ceylon යන්න සිලෝන් හෝ සෙයිලෝන් ලෙස ලිව්ව විට එය හෙළ වදනක් වේ යැයි මට නොසිතේ. මන්ද යත් එයට හෙළයෙන් අරුතක් නැති බැවිනි.
රාජිත, මා කිසි විටක අනෙක් මත පහත් සේ සලකා නැත. සිංහල නිවැරදි වහර සේ මා ගත්තේ විද්වත් මත බොහොමයක් විමසීමෙනි. හෙළ හවුලේ අය මෙන් ම අතිබහුතරයක් සිංහල විද්වතුන් සිංහල නිවැරදි වහර ලෙස ද 'සිංහළ' සදොස් වහරක් ලෙස ද සලකා ඇත. ඊට හේතුව 'සිලෝන්' සිංහල ශබ්දානුගත නොවන්නේ යම් සේ ද 'සිංහල' ද සිංහල ශබ්දානුගත නොවන හෙයිනැයි මම වටහා ගතිමි. 'සිලෝන්' සිංහල අකුරින් ලියූ විට සිංහල නොවේ නම් 'සිංහල' ද සිංහල අකුරින් ලියූවයි සිංහල නොවේ. පළමු වැන්න ඉංග්‍රීසි ශබ්දානුගත ය. දෙවැන්න සකු ශබ්දානුගත ය. අප අද වහරන වදන් බහුතරය සකු පාලි තද්භව නිසා ඒවා අපේ යයි එකවර පෙනී යා හැකි ය. එහෙත් සියුම්ව විමසන කල එය එසේ නොවන බව පැහැදිළි ය. ගීත කණ්ඩයක සත්සර එකිනෙක වෙන්කර හදුනා ගැනීම සඳහා සියුම් සංගීත දැනුමක් අවැසි ය. සංගීත විෂයෙහි දුහුනකු වන මා ගීයේ සත්සර නැතැයි පැවසීම සාධාරණ ද? මට සිතෙන්නේ සකු සිංහල වෙනස ද එසේ ය. එහි සියුම් සබඳතා අප ද සියුම් ව විමසීම වැදගත් ය. ඔබ පවසන සිංහලයේ උපත පිළිබඳ ප්‍රවාදය ද මෙරට නොව සකුවේ මුල් බිමේ ම දඹදිව ම නිපන්නකි. එහෙයින් එය සාක්ෂියට ගැනීම විදුහුරු නැත. ඔබ පවසන පරිදි අප තුළ ඇති ගැටළු නිරාකරණය කර ගැනීම නම් ඉතා වටියි.
එසේනම් ඔබ කියන අති බහුතරයක් වන උගතුන් මා බස හැදින්වීමට පර වදනක් යොදා ගන්නේ ඇයි.>ඊට හේතුව 'සිලෝන්' සිංහල ශබ්දානුගත >නොවන්නේ යම් සේ ද 'සිංහල' ද සිංහල >ශබ්දානුගත නොවන හෙයිනැයි මම >වටහා ගතිමි.ඔබ කියන්නේ "අං" හෙළ සබ්දයක් නොවන බවද?"සිංහල" වදනේ පැරණිම යෙදීම් පෙන්වා දුන්නොත් ඔබට පිං.
රාජිත, බස යනු වදන් නොවේ. වියරණ වැට ය. හෙළ බසේ අනන්‍යතාව ද වදන් නොව වියරණ වැට ය. ඊට අනුගතව බසට වදන් උකහාගනු ලැබේ. එය ඕනෑ ම බසකට සාධාරණ ය. අප දැනට බැවහරන්නේ මෙරට නිෂ්පන්න වදන් අතළොස්සකි. 99%ට වඩා වදන් සෙසු බස්වලින් ණයට ගත් වදන් වෙයි. ඒ තත්භව තද්සම ලෙස දෙවැදෑරුම් ය. හුදු හෙළ වහර ගුරුළුගෝමි පඬිතුමාගේ අමාවතුරේ ඇත. භාෂාව යනු ඇතැමුන් සිතා සිටින්නා සේ සමාජ දේශපාලන බලපෑමෙන් මිදුණු උපකරණයක් නොවේ. අද භාෂාව පමණක් බදාගෙන දඟලන්නන්ට කුමරතුඟුන්ගේ 'දෙස බස රැස' තෙරුවන සිහිකළේ නම් මේ සබඳතා හදුනා ගත හැකි වනු ඇත. (අහෝ! සමාවන්න කුමරතුඟුන් පැවසුව ද නොඅදහනු!) එකල පැවති කළාපීය බලාධිකාරය දඹදිව සතු විය. ඔවුන්ගේ සමාජ දේශපාලන සංස්කෘතික බලපෑම නිරතුරුව අසල රටවලට ලැබිණි. අපේ බසට ලැබුණු සකු වදන් එහි එක් පලයක් පමණි. අද බටහිර බලපෑම නිසා අප මුහුණදෙන තත්ත්වයට එදා භාරතය නිසා රට මුහුණපෑවේ ය. උතුරු ඉන්දිය බලපෑම නිසා හෙළ බස සකුවෙන් 'සිංහල භාෂාව' යයි හදුන්වා එය පැළපදියම් විය. එපමණක් නොව දකුණු ඉන්දිය ද්‍රවිඩ බලපෑම නිසා අපේ 'මව' 'මෑණියෝ' යටපත් ව 'අම්මා' ඉස්මතු විය. අම්මා යන ද්‍රවිඩ පදය ද හෙළ අකුරින් ලියූ නිසා එය ද ඔබට හෙළ වදනක් විය හැකි ය. මට නම් එය දෙමළ තද්සම වදනෙකි. භාෂාවේ ස්වභාවය මැනවින් දැන සිටි අප පඩිවරු බසෙහි වියරණය රැකෙන සේ සෙසු බස්වලින් වදන් ගෙන බස පොහොසත් කළහ. සිය බස හෙළ හෝ සිංහල භාෂාව යනුවෙන් හැදින්වීම ඔවුනට ප්‍රශ්නයක් වූයේ නැත. අද ද එය ප්‍රශ්නයක් නොවේ. අවැසි අයට හෙළ බස යයි බිණිමට කවර බාධාවක් ද?'සිංහල' යන යෙදුම සඳහා ධර්මප්රදීපිකාව හා සද්ධර්මරත්නාකරය ද 'සීහළ' යන්න සඳහා දම්පියා අටුවා ගැටපදය ද බලන්න. සිංහල යන්න මෙරට පැළපදියම් වූ පසු ද අතීත පඬිවරු අවැසි විට සිය බස, සිය බසින් ම හැදින්වූහ. 'එළු අත්තනගලු වංසය' යන නම ඊට කදිම නිදසුනකි. එසේ ලීවේ ඔහුට සිංහල> සිංහළ යනුවෙන් ලියා හෙළ කිරීමේ න්‍යාය සිය ගුරුවරු උගන්වා නැති වීම ද? නැත නිසිසේත නැත. එවන් රීතියක් නැති හෙයිනි. එළු>හෙළු>හෙළ>සිහළ>සීහළ>සිංහල යනුවෙන් වදන විකසනය වූ බව ඔවුහු දැන සිටියහ.මේ ගැන ඔබ දිගින් දිගට ම තර්ක කිරීම නිසා නැවත ඒ ගැන ලිපියක් ලීවිමට තරම් කරුණු මතු විය. ඒ ගැන සංහිදේ පසුව ලියමි.
දන්තජ මුර්දජ යනු උපදින් ස්ථාන අනුව වර්ග කරන ලද්දක් නොවේ ද? ඒ අනුව සිංහල ලෙස උච්චාරණය කිරීම අපහසුය. උච්චාරණය පහසු වන්නේ සිංහළ නොවේ ද? මා සිතන හැටිය අදහස් දෙන්න
Post a Comment
14 comments:
මේ ප්රශ්නය මීට පෙරත් මතුවුණා. පසුව බොහෝ දෙනා සම්මතයකට පැමිණ එය විසඳ ගත්තා. යළි තුරුදැලේ 'සිංහළයක්' ලියන්න ගත්ත ම මම සංහිඳේ මේ ගැන ලිපියක් ලීවා. ඒත් 'සිංහළ' කියලා ලියන අය එතනදි හරවත් සංවාදයක් ගොඩ නඟන්න උත්සහ කළේ නැහැ. බලන්න-http://sanhindha.blogspot.com/2008/08/blog-post.html
මට හිතෙන්නේ මේක එක්තරා භින්න මානසිකත්වයක්. ඇත්තට ම අපට ඕන අනිත් අයට වඩා වෙනස් කියලා පෙන්නලා කැපී පෙනෙන්න. ඒක හොඳයි. ඒත් අපි කැපී පෙනෙන්න ඕන හොඳ යමක් කර මිසක් මොනව හරි කරල නෙවෙයි නේද?
නාමල්,
ඔබේ බ්ලොග් සටහන් මා කියවනවා. ඔබ කියන සටහන මා දුටුවා.
පැහැදිලි හේතු සහිතව යමක හරි වැරදි තෝරා බේරා ගත නොහැකි නම්, ඒ ගැන වාද කිරීම නිස්ඵල වේ.
මිතුර, මම ද කිසිවෙක් සමඟ වාදයට නොයමි. වාදයෙන් කිසිවක් නිරවුල් කර ගත නොහැකි ය. වාදයට එළඹෙන්නාගේ පරම අරමුණ ඉන් දිනීම ය. සත්‍ය මතු කර ගැනීමක් එහි නොවේ. බුදුන්වහන්සේ තර්කය අවියක් කරගත් වාදය ප්‍රතික්ෂේප කළ සේක. කාල් මාක්ස් වරක් කීවේ තර්කය යථාර්ථයේ පරම ප්රතිපක්ෂය බව ය.
එහෙත් මම පැවසුවේ සංවාදයයි. නැත සුසංවාදයයි. එය විය යුත්තේ සත්‍ය මතු කර ගැනීමේ එක ම අරමුණින් ය. සත්‍යය සොයා පාදා ගැනීම සියල්ලන්ගේ ජයග්‍රහණයයි. එහෙත් ඒ සඳහා අප තුළ අසීමිත නිහතමානීත්වයක් නම් තිබිය යුතු ම ය.
ඔබ කියන්නේ මා එහි පවසා ඇති දේ අතාර්කික බව ද? පිළිගත නොහැකි බව ද? එසේ නම් ඊට විකල්පයක් ලෙස ඔබට දැක්වීමට ඇති කරුණු මොනවා ද? ඔබේ සිව්පදයේ කියවෙන පරිදි ඕන කෙනෙක් ඕන විදිහකට ලියන්න යන්න ද ඔබේ මතය? එමගින් බසේ මතු ඇති ගැටළු නිවාරණය වේ ද? මා දක්වා ඇති කරුණු සහ එහි ඇති අතාර්කික බව ද 'සිංහළ' යනුවෙන් ලිවීමට ඇති ව්‍යාකරණමය පසුබිම ද දක්වනු මැනවි. එවිට මම ද ඔබ හා එක්වෙමි. සිංහළ යයි ලියමි.
එහි දී සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘතිවලින් නිදසුන් දැක්වීම වැදගත් ය. එසේ නොමැතිව දේශ ප්‍රේමයෙන් විමසුන් ඇස අඳ ව ලෝකයේ ආරම්භය අපේ රටෙන් වී යැයි පවසන්න්ගේ විදුහුරු නොවන මත පිළිගැනීම අප වන් බෞද්ධයින්ට තරම් නොවේ.
දේශමාමකයින්ගේ වඟකීම නැති දෑ මැවීම නොව පැවති දෑ කැණ පෙන්වාලීම ය. පවතින හොඳ දෑ පවත්වාගෙන යාම ය. යමෙක් කී පමණින් අප යමක් පිළිගන්නේ නැත. එසේ වූ බවට කි.පූ.3 වන සියවසේ සිට පැවැත එන ලිඛිත සාහිත්‍යයෙන් නිදසුන් පෑ යුතු ය.
ඔබ කිහිපදෙනෙකු ඇරඹු 'හෙළ හෙළිය අඩවිය'ට මම සුපතමි. එහි අරමුණු මැයෙන් එන සිරස යට මුලින් ම දක්වා ඇත්තේ "බස හා වියරණය ගැන ගැටළුවක් ඇති විට, කුමරතුඟුවන්ගේ මඟට මුල් තැනක් දෙමු. ඒ සඳහා, "ව්‍යාකරණ විවරණය", "ක්‍රියා විවරණය", "සුබස" වැනි පොත් ගුරු තන්හි ගබා ගනිමු." යනුවෙනි. කෙතරම් අගේ ද? ඒ අනුව සිංහල නිවැරදි වහර බව කුමරතුඟුන් පැවසූ සැටි සුබසින් උපුටා දැක්වීමි. එවිට ඔබ කුමරතුඟුන්ගේ මඟ නොගන්නේ ඇයි?
ඔබ සංහිඳ කියවන බව දැනගැනීම සතුටකි. මා ලියන දෑහි ඔබ දකින අඩුපාඩු එහි සටහන් කරන මෙන් උදක් ම ඉල්ලා සිටිමි.
මා හට සොයා ගැනීමට නොහැකි නිසා විමසමි. "සිංහල" යන වදන කොතරම් පැරණි ද? පැරණිම යෙදීම කොහේ යෙදී ඇත්ද?
නාමල් කියන දේ මට වැඩක් නැත. ඇයි? මගේ කවියේ දක්වා ඇති පරිදි, මා ලිවූ සටහන අණුව, මෙම ගැටලුවට විසඳුම සෙවිය නොහැක. කුමරතුඟුන් ගේ අදහස ට පටහැනි අදහස් ඇති අය සිටියි. කව්ද හරි යැයි නිගමනය කිරීම ට සාදක නැත.
යහපති යහපති මා පවසන දෑ ඔබ පිළිගත යුතු නැත. මම එය ඔබෙන් බලාපොරොත්තු නොවෙමි. මගේ පැනය ඔබ හෙළ හෙළියේ බස වියරණය ගැන ගැටළුවක් ඇති විට කුමරතුඟුන් අනුයන්නැයි පවසා දැන් අනෙකක් දෙඩවීම ය. ඔබ මුලින් එම මඟ අපට යෝජනා කළේ කුමරතුඟු මතයට වෙනස් මත ඇති බව නොදැන ද? එසේ නම් දැන් ඔබ කියන්නේ බස වියරණය ගැන ගැටළුවක් මතු වූ කළ තමන් කැමති දෙයක් ලියන්න යන්න ද? ඔබේ මතය සහ සුභද්‍රගේ අභද්‍ර වචනය අතර වෙනස කුමක් ද? මට නම් එහි වෙනසක් නැත. මතක තබා ගන්න බස යනු පොදු සම්මතයකි.
රාජිත, මා 'සිංහල' යන්න සම්භාව්‍ය සාහිත්‍යයෙන් ගෙන හැර පා නම් ඔබ එය පිළිගන්නවා ද? නැත කිසිසේත් නැත. තමාගේ වරදක් ඇතැයි පිළිගැනීමට විසල් මනසක් ද දැවැන්ත පෞරුෂයක් ද අවශ්‍ය ය. එහෙත් ඔබ එය සලකන්නේ තම ජීවිතයේ විඳින්න සිදුවූ බලවත් ම නින්දාව වශයෙනි. පරාජය වශයෙනි. ශාස්ත්රාභිලාෂියා තුළ පැවතිය යුත්තේ අන් සියල්ලට වඩා නිහතමානි බව ය. එසේ නොවූ කල අප තව තවත් කරුණු ගෙන හැර පෑමෙන් කවර පලයක් ද?
නාමල්,
ඔබගේ මහාමානයට වඩා මගේ හීන මානය මට හොඳය. ඔබේ සුවිසල් මනසට වඩා මගේ කුඩා මනස මට හොඳය
"සිංහල" යන්න සකු වදනකි. එහි හෙළ වදන "සිංහළ" හෝ "සිහළ" යන්න යැයි මාගේ පිළිගැනීමයි. එය ඔබ පවසන ලෙස "සිංහ+හෙළ" හෝ මා සිතන ලෙස "සිවි හෙළ" වලින් බිඳී ආ වදනක් විය හැකියි. නමුත් නුමුසු හෙළයෙන් එය ලිවීමට ඇවසිනම් එය "ළ" විය යුතුයි.
තවද ගැටළුවක් ඇති විට කුමරතුඟුවන්වන් ගිය මග යන්නැයි පවසා ඇත්තේ කොහේදීද?
ඔබ සම්භාව්‍ය සාහිත්‍යයෙන් හෝ එසේ නොවන සාහිත්‍යයෙන් හෝ "සිංහල" යන වදන යෙදී ඇති තැන් ඉදිරිපත් කරන්න. මා එය නින්දාවක් ලෙස සලකා පිළිනොගත්ත වුවද තවකෙකුට එය වැදගත් වනු ඇත.
හා! හා! මා හා උරණ නොවන්න. එය ඔබට තරම් නොවේ. මා කීවේ මා සතු විසල් මනසක් ගැන නොවේ. එහෙත් කුමරතුගුනට එවැන්නක් තිබිණි. 'මා බස හෙළ බස' ලිපියේ තැනෙක මා දක්වා ඇති පරිදි කනිටු කණිටු යන්න පිළිබඳ හේ දැක්වූ අදහස් ඊට කදිම නිදසුනෙකි. අප උත්සහ කළ යුත්තේ එවන් ගුණ අප තුළ වඩා ගැනීමට ය.
සිංහල යන වදනේ විකසනය ගැන මා කීවේ අදහසක් පමණි. එය මා පවා දැඩි ලෙස එල්බ ගත්තක් නොවේ. එය විවරණය කිරීමේ අයිතිය සැමට ඇත. මට අවැසි සත්‍ය මතු කර ගැනීමට මිස 'මම සර්වතෝභද්‍ර වෙමි'යි ස්වයං මෝහණය වීමට නොවේ.
'සිංහල' යන සකු වදන නුමුසු හෙළයෙන් ලියූ විට එය හෙළ වදනක් වේද? එසේ නම් 'සිලෝන්' 'ශ්‍රී ලංකන්' යන වදන් ද සිංහල විය යුතු ය. මන්ද ඒවා ඉංග්‍රිසී වදන් වුව ද ලියා ඇත්තේ නුමුසු හෙළයෙනි. අහෝ! එසේ නොලිවිය හැකි වදනක් ලොව කොයි බසක වේද? රාජිත, මා හා උරණ නොවී නිවීහැනහිල්ලේ ටිකක් හිතුවොත් නරක ද?
කුමරතුඟු මග ගැනීම ගැන පැවසෙන්නේ 'හෙළ හෙළිය' නම් විකියේ හෙළ හෙළියේ අරමුණු තීරුවේ මුල ය. http://helaheliya.net/wiki/%E0%B7%84%E0%B7%99%E0%B7%85_%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A_%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ඔබ අවංකව සිංහල බසට ළැදියෙකැයි මම සිතමි. ඒ ගැන මා කුළ ගෞරවයක් ඇත. එහෙත් බස නසන්නන්ට පෙර දැක්වූ ඔබේ න්‍යාය හසු වුවහොත් ලොව සියලුම බස්හි වදන් සැනෙන් නුමුසු හෙළ වදන් කරනු ඇත.
සිංහල යන්න යෙදීමේ නිවැරදි බව දැන ගැනීමට අවැසි කෙනෙකුට 'මා බස හෙළ බස' ලිපිය ප්‍රමාණවත් යයි සිතමි. අනෙක් අතට මෙරට අතිබහුතරය 'සිංහල' යයි ලියති. ඒ දැනුම සම්ප්රදාය විසින් ඔවුනට ලබා දී ඇත. බසේ සම්ප්රදාය ඔබ නොපිළිගන්නේ නම් නිදසුන් කුමට ද? යළිත් පවසමි. ඔබ සිංහල යනු නිවැරදි වහර යයි පිළිගනී නම් පමණක් නිදසුන් දක්වමි. ඔබේ සිත රිදෙන යමක් මා'තින් ලියැවිණි නම් සමාවන්න.
නාමල්,
මා කිසිවිටක උරන නොවීමි. නමුත් ඔබ අනෙක් අදහස් පහත් කොට සලකා ඇද්දැයි සිතුනි.
හෙළහෙළියේ අරමුණු වල ඇත්තේ මෙසේය.
1. බස හා වියරණය ගැන ගැටළුවක් ඇති විට, කුමරතුඟුවන්ගේ මඟට මුල් තැනක් දෙමු.
මුල් තැන දීම හා එම මග ගැනීම දෙකකි.
කුමරතුඟුවන් ම විරිත් වැකියේ පිවිසුමෙහි මෙ සේ කියා ඇත:
පොරණුන් කළ කී දේ හැම මුදුනත් දී පිළිගැනීම
තිරිසන් බව මිනිස් බවට වැඩි යැ යි වැනි කියා-පෑම
එ හෙයින් ඔබ හිස් ද නොහිස් බව හඟවන්නට ඉතා ම
නිසි වන් නේ මෙහි පැවැසුණු දෑ නුවණින් පිරික්සීම
සත් කරු ගත් කරු පමණ - ඔබ හට කරුණෙක් නො වේ.
දෙවියකු කී දෙයක් වත් - කරුණු නැති වැ නො අදහනු.
එනිසා කුමරතුඟු කී පමණින් ම එය පිළිගත යුතු නොවේ.
"සිංහල" යන්න වැරදි බව කිසි තැනක මා කියා නැත. එයත් නිවැරදිය. නමුත් එය පමණක් නිවැරදියි යන්න පිළිගත නො හැක. මා හට දැන ගැනීමට ඇවසි වන්නේ "සීහළ" යන්න "සිංහල" වූ යේ කෙසේද කොයි වක වානුවේ ද යන්න පමණි. එය මෙම පැනය විසඳා ගැනීමට ඉතා වැදගත් වේ. එනම් "සිංහළ" යන්න නිවැරදි ද යන්නයි.
"සිංහළ" යන්න "සිංහල" යන සකු වදන හෙළයෙන් ලිවීමම නොවේ යැයි මට හැඟේ.
එය හෙළ වදනක් ලෙස පිළිගත හැක. මන්ද යත් එය සෑදුන අයුරු ගැන ප්‍රවාදයක් තිබීමයි.
ceylon යන්න සිලෝන් හෝ සෙයිලෝන් ලෙස ලිව්ව විට එය හෙළ වදනක් වේ යැයි මට නොසිතේ. මන්ද යත් එයට හෙළයෙන් අරුතක් නැති බැවිනි.
රාජිත,
මා කිසි විටක අනෙක් මත පහත් සේ සලකා නැත. සිංහල නිවැරදි වහර සේ මා ගත්තේ විද්වත් මත බොහොමයක් විමසීමෙනි. හෙළ හවුලේ අය මෙන් ම අතිබහුතරයක් සිංහල විද්වතුන් සිංහල නිවැරදි වහර ලෙස ද 'සිංහළ' සදොස් වහරක් ලෙස ද සලකා ඇත. ඊට හේතුව 'සිලෝන්' සිංහල ශබ්දානුගත නොවන්නේ යම් සේ ද 'සිංහල' ද සිංහල ශබ්දානුගත නොවන හෙයිනැයි මම වටහා ගතිමි.
'සිලෝන්' සිංහල අකුරින් ලියූ විට සිංහල නොවේ නම් 'සිංහල' ද සිංහල අකුරින් ලියූවයි සිංහල නොවේ. පළමු වැන්න ඉංග්‍රීසි ශබ්දානුගත ය. දෙවැන්න සකු ශබ්දානුගත ය. අප අද වහරන වදන් බහුතරය සකු පාලි තද්භව නිසා ඒවා අපේ යයි එකවර පෙනී යා හැකි ය. එහෙත් සියුම්ව විමසන කල එය එසේ නොවන බව පැහැදිළි ය.
ගීත කණ්ඩයක සත්සර එකිනෙක වෙන්කර හදුනා ගැනීම සඳහා සියුම් සංගීත දැනුමක් අවැසි ය. සංගීත විෂයෙහි දුහුනකු වන මා ගීයේ සත්සර නැතැයි පැවසීම සාධාරණ ද? මට සිතෙන්නේ සකු සිංහල වෙනස ද එසේ ය. එහි සියුම් සබඳතා අප ද සියුම් ව විමසීම වැදගත් ය.
ඔබ පවසන සිංහලයේ උපත පිළිබඳ ප්‍රවාදය ද මෙරට නොව සකුවේ මුල් බිමේ ම දඹදිව ම නිපන්නකි. එහෙයින් එය සාක්ෂියට ගැනීම විදුහුරු නැත. ඔබ පවසන පරිදි අප තුළ ඇති ගැටළු නිරාකරණය කර ගැනීම නම් ඉතා වටියි.
එසේනම් ඔබ කියන අති බහුතරයක් වන උගතුන් මා බස හැදින්වීමට පර වදනක් යොදා ගන්නේ ඇයි.
>ඊට හේතුව 'සිලෝන්' සිංහල ශබ්දානුගත
>නොවන්නේ යම් සේ ද 'සිංහල' ද සිංහල
>ශබ්දානුගත නොවන හෙයිනැයි මම
>වටහා ගතිමි.
ඔබ කියන්නේ "අං" හෙළ සබ්දයක් නොවන බවද?
"සිංහල" වදනේ පැරණිම යෙදීම් පෙන්වා දුන්නොත් ඔබට පිං.
රාජිත, බස යනු වදන් නොවේ. වියරණ වැට ය. හෙළ බසේ අනන්‍යතාව ද වදන් නොව වියරණ වැට ය. ඊට අනුගතව බසට වදන් උකහාගනු ලැබේ. එය ඕනෑ ම බසකට සාධාරණ ය. අප දැනට බැවහරන්නේ මෙරට නිෂ්පන්න වදන් අතළොස්සකි. 99%ට වඩා වදන් සෙසු බස්වලින් ණයට ගත් වදන් වෙයි. ඒ තත්භව තද්සම ලෙස දෙවැදෑරුම් ය. හුදු හෙළ වහර ගුරුළුගෝමි පඬිතුමාගේ අමාවතුරේ ඇත.
භාෂාව යනු ඇතැමුන් සිතා සිටින්නා සේ සමාජ දේශපාලන බලපෑමෙන් මිදුණු උපකරණයක් නොවේ. අද භාෂාව පමණක් බදාගෙන දඟලන්නන්ට කුමරතුඟුන්ගේ 'දෙස බස රැස' තෙරුවන සිහිකළේ නම් මේ සබඳතා හදුනා ගත හැකි වනු ඇත. (අහෝ! සමාවන්න කුමරතුඟුන් පැවසුව ද නොඅදහනු!)
එකල පැවති කළාපීය බලාධිකාරය දඹදිව සතු විය. ඔවුන්ගේ සමාජ දේශපාලන සංස්කෘතික බලපෑම නිරතුරුව අසල රටවලට ලැබිණි. අපේ බසට ලැබුණු සකු වදන් එහි එක් පලයක් පමණි. අද බටහිර බලපෑම නිසා අප මුහුණදෙන තත්ත්වයට එදා භාරතය නිසා රට මුහුණපෑවේ ය.
උතුරු ඉන්දිය බලපෑම නිසා හෙළ බස සකුවෙන් 'සිංහල භාෂාව' යයි හදුන්වා එය පැළපදියම් විය. එපමණක් නොව දකුණු ඉන්දිය ද්‍රවිඩ බලපෑම නිසා අපේ 'මව' 'මෑණියෝ' යටපත් ව 'අම්මා' ඉස්මතු විය. අම්මා යන ද්‍රවිඩ පදය ද හෙළ අකුරින් ලියූ නිසා එය ද ඔබට හෙළ වදනක් විය හැකි ය. මට නම් එය දෙමළ තද්සම වදනෙකි.
භාෂාවේ ස්වභාවය මැනවින් දැන සිටි අප පඩිවරු බසෙහි වියරණය රැකෙන සේ සෙසු බස්වලින් වදන් ගෙන බස පොහොසත් කළහ. සිය බස හෙළ හෝ සිංහල භාෂාව යනුවෙන් හැදින්වීම ඔවුනට ප්‍රශ්නයක් වූයේ නැත. අද ද එය ප්‍රශ්නයක් නොවේ. අවැසි අයට හෙළ බස යයි බිණිමට කවර බාධාවක් ද?
'සිංහල' යන යෙදුම සඳහා ධර්මප්රදීපිකාව හා සද්ධර්මරත්නාකරය ද 'සීහළ' යන්න සඳහා දම්පියා අටුවා ගැටපදය ද බලන්න. සිංහල යන්න මෙරට පැළපදියම් වූ පසු ද අතීත පඬිවරු අවැසි විට සිය බස, සිය බසින් ම හැදින්වූහ. 'එළු අත්තනගලු වංසය' යන නම ඊට කදිම නිදසුනකි. එසේ ලීවේ ඔහුට සිංහල> සිංහළ යනුවෙන් ලියා හෙළ කිරීමේ න්‍යාය සිය ගුරුවරු උගන්වා නැති වීම ද? නැත නිසිසේත නැත. එවන් රීතියක් නැති හෙයිනි. එළු>හෙළු>හෙළ>සිහළ>සීහළ>සිංහල යනුවෙන් වදන විකසනය වූ බව ඔවුහු දැන සිටියහ.
මේ ගැන ඔබ දිගින් දිගට ම තර්ක කිරීම නිසා නැවත ඒ ගැන ලිපියක් ලීවිමට තරම් කරුණු මතු විය. ඒ ගැන සංහිදේ පසුව ලියමි.
දන්තජ මුර්දජ යනු උපදින් ස්ථාන අනුව වර්ග කරන ලද්දක් නොවේ ද? ඒ අනුව සිංහල ලෙස උච්චාරණය කිරීම අපහසුය. උච්චාරණය පහසු වන්නේ සිංහළ නොවේ ද? මා සිතන හැටිය අදහස් දෙන්න
Post a Comment